Category Archives: වෙනත් පුවත්

නොත්‍රඩෑම් දෙව්මැදුරේ සිටි මී මැස්‌සෝ 200,000 ක්‌ දිවි ගලවා ගනිති…. මේ සිද්ධිය හාස්‌කමක්‌…. මීමැසි භාරකරු පවසයි

ඓතිහාසික නොත්‍රඩෑම් දෙව්මැදුරේ පියස්‌සේ වාසය කළ මී මැස්‌සන් 200,000 කට ගින්නෙන් කිසිදු

අනුර දිසානායක කැනඩාවේදී ශ්‍රී ලාංකිකයන් අමතයිPHOTOS 

ජනතා විමුක්ති පෙරමුණේ කැනඩා කමිටුව සංවිධානය කළ රට දිනන අභියෝගයට

කුරුණෑගල පොහොට්ටුවේ හීනමානය ඉස්මතුවේ……

කුරුණෑගල දිස්ත්‍රික්කය වගේම විශේෂයෙන් කුරුණෑගල ආසනය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හෙවත්

ලොවම මවිත කරමින් දෛවයට අභියෝග කරන මහනුවර “Wonder Woman”……

ජීවිතය ඉතාම සුන්දර යැයි සිතුවත් අනපේක්ෂිත ලෙසින් එල්ල වෙන දුක්ඛ දෝමනස්සයන් නැතුවාම නොවේ. එහෙත් සැබෑ ජීවත්වීම යනු ඒ සියල්ල ඉදිරියේ නොසැලී සිටීම මෙන්ම හෙට දවස වෙනුවෙන් බලාපොරොත්තු ගොඩ නගා ගැනීමයි. එහෙත් මරණය වෙනුවෙන් දින තීන්දු වීමෙන් පසුව හෙටක් වෙනුවෙන් බලාපොරොත්තු ගොඩ නගා ගෙන ඉදිරියට යෑමේ ශක්තිය ඇත්තේ නම් ඔහු හෝ ඇය සැබෑම ධෛර්යවන්තයෙකි. එවන් වූ දිරිය දියණියකගේ කතාව මේ අන්දමින් දිග හැරියොත් ඒ ඇගේ ජීවිතයේ උපදවා ගත් ධෛර්යය වෙනුවෙන් වූ ආශිිර්වාදයක් ලෙසින් සැලකිය හැකිය.

මහනුවර වත්තේගම පදිංචිව ශවිනි ප‍්‍රනාන්දු 2015 වසරේ සැප්තැම්බර් මාසයේ දිනක විල්පත්තුවේ විනෝද චාරිකාවක් යෙදෙමින් සිටියදී ඇගේ මුහුණ නිල් පැහැයට හැරී තිබෙනු ඇය සමග ගිය මිතුරාට පෙනී ගියේය. එහෙත් මේ ගැන ශවිනි කියා සිටියේ පපුවේ හතිය තත්ත්වය නිසා මේ අන්දමින් මුහුණ නිල් පැහැයට හැරෙන්නට ඇති බවයි. ඒත් පියාසර නිලධාරියෙකු වූ ශවිනිගේ මිතුරා කියා සිටියේ මොළයට නිසි පරිදි ඔක්සිජන් නොලැබෙන නිසා මේ තත්ත්වය ඇති විය හැකි බැවින් ඉතා ඉක්මනින් වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගැනීමට යොමු වීම වඩාත් නුවණට හුරු බවයි.

මේ වෙන විට ඇගේ වයස අවුරුදු 33 කි. විල්පත්තු සංචාරයේ සිදු වුණ අහඹු සිදුවීම දැනගත් ශවිනිගේ දෙමව්පියන් ඇය කැටුව මහනුවර විශේෂඥ වෛද්‍යවරයෙකු මුණගැසී මේ සිදුවීම ගැන කියා සිටියහ. ඇගේ වෛද්‍ය වාර්තාවන් පරීක්ෂාවෙන් පසුව තත්ත්වයේ බරපතළ බැව් ඉවෙන් මෙන් දැනගත් වෛද්‍යවරයා විසින් ඇය කොළඹ ලංකා හොස්පිටල් රෝහලට ඇතුළත් කරන ලදී. වැඩිදුරටත් වෛද්‍ය වාර්තාවන් ලබා ගත් විශේෂඥ වෛද්‍යවරයාගේ නිගමනය වූයේ ශවිනිගේ හදවතේ සිදුරක් ඇති බවයි.

හදවත රෝගීවීම යනු සරලව සිතිය යුතු තත්ත්වයක් නොවේ. එහි බරපතළ බැව් ශවිනිටත් රහසක් නොවීය. ඒ සියල්ලටත් වඩා වෛද්‍යවරයා ඇගේ ජීවිතයේ වලංගුකාලය තව අවුරුදු දෙකක් බැව් කළ සඳහන ඉදිරියේ තරුණ දියණියට ඇති වුන මානසික තත්ත්වය ගැන අනුමාන කිරීම අපටත් අපහසු නැත. එහෙත් මරණය ඉදිරියේ පිදුරු ගසක හෝ එල්ලෙන සාධාරණීයත්වය හමුවේ ශවිනි වෛද්‍යවරයාගෙන් එක් කරුණක් විමසා සිටියාය.

අපේ රටට වඩා වෛද්‍ය පහසුකම් ඇති රටකට ගොස් ප‍්‍රතිකාර ගත්තොත් මගේ රෝගය සුව කර ගැනීමට පුළුවනිද.? ඒ ඇගේ අහිංසක ප‍්‍රශ්නයයි. ඒත් මිනිස් හැඟීම් ගැන ගනුදෙනුව නොදත් වෛද්‍යවරයාට සවිනිගේ හරස් ප‍්‍රශ්නයෙන් ඇති වුනේ නොරිස්සුම් සහගත තරහකි.

ලෝකයේ කොහේ ගියත් ලෙඬේ වෙනසක් වෙන්නේ නැහැ…ඒ වෛද්‍යවරයාගේ දැඩි නිගමනයයි.

හොඳයි කමක් නෑ…තව අවුරුදු දෙකකින් පස්සේ මං ජීවත්ව හිටියොත් ඩොක්ටර් හමු වෙන්න එන්නම්.. කී ඇය තමාගේ කාමරය වෙත ගියේ ජීවිතය ගැන වෛද්‍යවරයාගේ කාලවකවානු ගැන මානසික බිඳවැටීමකින් නොවේ. කෙසේ හෝ ජීවිතයට මුහුණ දෙන ස්ථාවරයේ මෙන්ම ආත්ම ශක්තියෙන් ශවිනි පන්නරය ලැබුවේ එතැන් පටන්ය.

බි‍්‍රතාන්‍යයේ පෝර්ට්ස්මත් (Portsmouth) විශ්්ව විද්‍යාලයේ පරිගණක ඉංජිනේරු උපාධිය සහ එයින් අනතුරුව ඔස්ටේ‍්‍රලියාවේ ‘එඩත් කැවොන්’ (Edith Cowan) විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධියත් හදාරා සිටි ශවිනි අනේ මගේ ඉදිරි කෙටි ජීවිතයේදී තව දුරටත් අධ්‍යාපනය ලබන්නේ ඇයි යැයි කිසිවිටෙකත් සිතුවේ නැත.

මේ වෙන විට ඇගේ සහෝදරිය ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත්වීමත් ශවිනිගේ ජීවිතයේ යම් දෛවෝපගත සිදුවීමක් විය. ලෝකයේ කොහේ ගියත් සුවයක් ලැබීමට නොහැකි යන ස්ථාවරයේ පිහිටා ඔවුන් හඬා වැටුණේ නැත. වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් ලෝකයේ කීර්තිමත් රෝහලක් වන ‘ජෝන් හොප්කින්ස්’ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකුගේ පරීක්ෂාව සඳහා කාලවේලාවක් වෙන් කර ගැනීමට ඇගේ සහෝදරිය ලත් උත්සාහය මේ වෙන විටත් සාර්ථක විය. පවතින තත්ත්වය අනුව ශවිනිට අඩි තුන්හාරසියයක දුරක්වත් ඇවිදි ගැනීමට බැරි තරම් වෙහෙසක් දැනෙන අතරම ඔක්සිජන් මදිකම නිසා ඇය ගුවන්යානයේ ගමන්ගත්තේද ඔක්සිජන් ටැංකියක ආධාරයෙන්ය.

ශවිනි පිළිබඳව පූර්ණ වෛද්‍ය පරීක්ෂණවලින් අනතුරුව ඇගේ රෝග තත්ත්වය ගැන වෛද්‍යවරයාගේ නිගමනය තීන්දු විය. ශවිනිගේ රෝග තත්වය ඇය උපතේ පටන්ම රැගෙන ආවත් වයස අවුරුදු 33 ක් වෙන තෙක්ම මේ තත්ත්වය හඳුනා ගැනීමට වෛද්‍යවරුන් පොහොසත් වූයේ නැත. කෙසේ හෝ වේවා මේ වෙන විට වෛද්‍යවරුන්ගේ තීරණයට අනුව ඇය ‘‘අයිසන්මෙන්ජර් (Eisenmenger’s Syndrome) සින්ඩ්‍රෝම් නම් දුර්ලභ රෝගී තත්වයක ගොදුරක් වී අවසානය. මේ රෝග තත්වය නිසා හෘදය වස්තුවේ ඇති වෙන අධික පීඩනය නිසා පෙනහළු සහ හෘදයවස්තුවට හානි වෙන අන්දම ගැනත් වෛද්‍යවරුන් විසින් ශවිනිට කරුණු පැහැදිලි කර දෙන ලදී. කෙසේ හෝ වේවා මෙම රෝහලෙන් ඇය සති හයක් පමණ ලබා ගත් ප‍්‍රතිකාර වලින් අනතුරුව යම් සුවයක් ලැබුණ බැව් ශවිනි සිය අත්දැකීම් ඔස්සේ හඳුනා ගත්තාය.

මුලදී අඩි දෙතුන් සියයක් හතියක් නැතුව ඇවිද ගන්න බැරිව සිටි මට දැන් අඩි 2000 ක් විතර දුරක් හතියක් වෙහෙසක් නැතුව ඇවිදින්න පුළුවනි… ප‍්‍රායෝගික ජීවිතයේ ඇය ලබා ඇති සංවර්ධනය එයයි.

සිරුර ජීවත් කරන්නා වූ ප‍්‍රධාන ඉන්ද්‍රියන් මේ අන්දමින් අවදානමක තිබියදී හෙටක් ගැන තවත් කුමන බලාපොරොත්තුදැයි ඇය හිතුවේ නැත. ගෙවෙන කාලය නැවත කිසිදා උපයා ගත නොහැකිය. ඒ නිසා ශවිනි රෝගය සමග ජීවත්වීමට තීරණය කළාය. ඇමරිකා එක්සත් ජනපයේ ‘ජෝර්ජ් ටවුන්’ විශ්ව විද්‍යාලයට ඇතුළු වූ ඇය එම ආයතනය මගින් සන්නිවේදනය, සංස්කෘතිය සහ තාක්ෂණය යන විෂයයන් ඇතුළත්ව පශ්චාත් උපාධියක් හැදෑරීමට අදහස් කළාය. එහෙත් මේ රෝගී තත්වය සමග පශ්චාත් උපාධියක් හැදැරීමත් එතරම් සරල කටයුත්තක් නොවේ. අධ්‍යාපනය කර ගෙන යෑම හමුවේ තමාගේ දුර්වල සෞඛ්‍ය තත්ත්වය සමග ගනුදෙනුවත් එතරම් පහසු නැත. ඇය මේ ගැන ‘ජෝර්ජ් ටවුන්’ විශ්ව විද්‍යාලයේ පරිපාලනය සමග සාකච්ඡා කිරීමෙන් පසුව තීරණයක් ගනු ලැබුවේ ඇගේ අපහසුතාවයන්ට ගැලපෙන සේ විකල්ප සම්පාදනය කරමින් පශ්චාත් උපාධිය හැදෑරීමට අවසර ලබා දීමටයි. දෙපාර්ශවය අතර වූ මේ එකඟතාවයෙන් පසුව ඇය පාඨමාලාවට සම්බන්ධ වීමට තීරණය කළාය.

එක් දිනක් සරසවියේ දී ඇගේ මිතුරන් විසින් කියා සිටියේ ශවිනිගේ මුහුණ නිල් පැහැයට හැරෙන බවයි. ශවිනි අනතුරු සංඥාව හොඳින් දනී. මොළයට ඔක්සිජන් නොලැබීම නිසා ඇති වෙන මේ තත්ත්වයේ තවත් අතුරු ප‍්‍රතිඵලයක් ලෙසින් ඉදිරියේදී හෘදයවස්තුවේ කි‍්‍රයාකාරිත්වයටත් බලපාන බැව් ඇය දනී. තව ඇත්තේ විනාඩි තුනක් වැනි කාලයකි. ශවිනි ඇති වෙරෙන් පපුවට ගසා ගත්තාය. ඒ ලද පීඩනය නිසා ඇගේ මොළයට ඔක්සිජන් පරිවහනය වී නිල් පැහැය ක‍්‍රමයෙන් මඟහැරී ගියෙන් එදින ඇය මාරකයකින් බේරෙන්නට වාසනාව ලද්දීය. ඒ සමගම ශවිනි එදා ලත් දැනුවත්වීම නිසා එදිනෙන් පසුව නිතරම ගමන් ගත්තේ ඔක්සිජන් ටැංකිය අතැතිවයි.

ඇගේ ධෛර්යය එතැනින් නැවතුනේ නැත. ඔක්සිජන් ටැංකිය සමග වූ ජීවිත ගනුදෙනුවේ තවත් පිම්මක් වෙනුවෙන් ශවිනිගේ නිර්මාණශීලී චින්තනය අවදි විය. හදවතට ඔක්සිජන් ඌනතාවයක් ඇති වෙන විට ඒ ගැන පූර්ව දැනුම්දීමක් ලබා දෙන උපකරණයක් තිබුණොත්… යන අදහස ඇයට ඇති වුයේ මේ රෝග තත්ත්වයේ අවදානමට යම් සූදානමක් වෙනුවෙන්ය. ඇය වෛද්‍යවරයා සමගත් මේ අදහස කීවාය.

එහෙමනම් කවුරුත් පටන් ගන්න ඉස්සරින් මේක කරන්න… වෛද්‍යවරයා ශවිනිට ධෛර්යක් වූයේය. මෘදුකාංග ඉංජිනේරුවරියක් ලෙසින් ලද පන්නරය නිසාම මෙවැනි උපාංගයක් නිර්මාණයට අවශ්‍ය පසුබිම මේ වෙන විටත් ඇය සතුව තිබුණි. එම හැකියාවෙන් ලත් ප‍්‍රයෝජනය ආදේශ කරමින් ශවිනි 2018 වසර වෙන විට ඇගේ උපාංග සංකල්පනාවේ ආදර්ශයක් (prototype) නිර්මාණය කර තිබුනි.

ශවිනිගේ උපාංගයේ කි‍්‍රයාකාරිත්වය මේ අන්දමින් සැලසුම් කර තිබුනි. මෙම උපකරණය රෝගියාගේ කණට සවි කළ විට එයින් නිකුත් වෙන පණිවිඩය රෝගියාගේ ජංගම දුරකථනය සමග සම්බන්ධ වේ.

කොටින්ම ඔක්සිජන් අඩු වීමෙන් මගේ හෘදයවස්තුවේ කි‍්‍රයාකාරිත්වය නැවතුනොත් මගේ ජංගම දුරකථනය ඔස්සේ 911 ට පණිිවිඩයක් ලැබෙනවා.

ශවිනි මේ නිර්මාණ සංකල්පනාව මුලින්ම ඉදිරිපත් කරනු ලැබුවේ කෑම කාමරයේදී. විශ්වවිද්‍යාලයත් ඇගේ මේ උපාංගය නිර්මාණය කිරීමට මනා ශක්තියක් ලබා දුන්නා. ඒ වගේම නව නිර්මාණකරුවන් හඳුන්වා දෙන, Bark Tank තරගයට මෙය ඉදිරිපත් කරනු ලැබුවේ ‘OxiWear’ යන උප්පැන්න සහතිකය සමගයි. ඒ වගේම ඇගේ .’OxiWear’ උපාංගය මේ තරගයෙන් ජයග‍්‍රහණය කරමින් ඩොලර් 35,000 ක මුදලක් ත්‍යාග සේ ලැබුණි. ඒ අතර ශවිනි 2018/2019 වසරේ හොඳම පශ්චාත් උපාධි අපේක්ෂිකාව ලෙසින්ද තේරී පත්වීම බෙහෙවින් සහේතුක බවට හේතුපාඨ ලැබී අවසානය. දැන් ඇයට .’OxiWear’ උපාංගය වෙනුවෙන් පේටන්ට් බලපත‍්‍රයත් ලැබී තිබේ.

එහෙත්…ශවිනි සම්පූර්ණයෙන්ම සුවය ලැබීමට නම් ඉදිරි අවුරුදු කීපය තුළ ඇයට හෘදයවස්තුවක් සහ පෙනහලූ බද්ධයක් සිදු කළ යුතුය. ඒ වෙනුවෙන් වූ වැය බර ඇමරිකානු ඩොලර් මිලියනයක් සේ දැනට ඇස්තමේන්තු කර තිබේ. මේ මුදල සිහිනයක් සේ සිතුවත් ශවිනි ඒ සඳහා දැනටමත් ආරම්භක පියවර සලසා අවසානය.

”දැන් මට ඇමරිකාවේ අය නමකුත් පටබැඳලා… විහිළුවට වගේ ඔවුන් මාව හඳුන්වන්නේ ‘One million dollar woman’ නමින්. මම දැනටමත් ඩොලර් ලක්ෂ හතරකට වැඩි මුදලක් එකතු කර අවසානයි. ඒ අතර ශවිනි නිර්මාණශීලීත්වය, ඇගේ ජීවිතයේ අවදානම සමග කරනු ලබන මේ අසහාය ගනුදෙනුව නිසාම ඇමරිකානුවන් විසින්ම ඇය Wonder Woman යන අන්වර්ථනාමයෙන් හඳුන්වා දීමට උත්සුක වූයේ එහි ඇතුළාන්තයේ වූ බරපතළ පසුබිම නිසාය.

ඇගේ ධෛර්ය සීමාවක් නැත. වෛද්‍ය විද්‍යාව හාස්කම් සහිතය. අවයව බද්ධය සාර්ථකය. ඒ වුණත් මේ සෑම හාස්කම් පියවරක් සමග වූ සීමාවන් ද ඇත. අවයව බද්ධයකින් පසුව ජීවත්වීමේ කාලය වසර පහක් බවට වූ උපකල්පනයන්ද ඇයට වෛද්‍යවරුන් පවසා තිබේ. අලූතින් සිරුරට බද්ධ කරන අවයව නිසා රෝගියාගේ ප‍්‍රතිශක්තිය අවම වීම නිසා ඇති වෙන අවදානම ගැනත් ඇය දැනුවත් කර අවසානය. ඒ අතරම තවත් සුබ ආරංචියක්ද ඇයට දැනුම් දී තිබේ. එනම් වෛද්‍ය තාක්ෂණයේ මහිමය අනුව ඉදිරියේදී ති‍්‍රමාන (3D printed) පෙණහලූ පිළිබඳව සිදුවෙන පර්යේෂණයන් සාර්ථක වුවහොත් රෝගියාගේ ප‍්‍රතිශක්ති හැකියාවට සිදු වෙන බලපෑම් අවම කර ගත හැකි බවයි. තව වසර කීපයකින් එය සාර්ථක වෙන බවට වූ බලාපොරොත්තුව මත ශවිනි පසුබසින්නේ නැත.

මම තව අවුරුදු කීපයක් කොහොම හරි අල්ලා ගෙන ඉන්නවා. ඒ ඇගේ අධිෂ්ඨානයයි. ඇය ජීවිතයේ පැමිණි මගට සමාන දුරක් යා යුතුව තිබේ. ඒ සුන්දර ගමන වෙනුවෙන් ජයගත යුතු අභියෝග බොහෝය. ඒවා පහසු ඉලක්ක ද නොවේ. එහෙත් දිරිය සිතින් ජීවිතය ජයගැනීමේ වික‍්‍රමයක නිරත සුන්දර දියණිියට අපිද සුබපතමු.

බී.බී.සී සිංහල පුවත් ඇසුරිනි

වසර 29 කාලයෙන් සැඟවූ ඒ සත්‍යය අප්‍රේල් 29 සවස 3ට රටට විවරවන වගයි….

ජවිපෙ 2වැනි කැරැල්ලේ 2වැනි කාණ්ඩයවන ‘සටනින් සටන’ ග්‍රන්ථය

12