Category Archives: ගොසිප්

අමන පාලකයින් නිසා අවසන් ගමන් ගිය, ලංකාවට නොසෑහෙන්න ආදරය කළ මොනික්…..

පසුගිය 21 වන පාස්කු ඉරිදා මෙරට සිදුවූ බෝම්බ ප්‍රහාරවලින් මියගිය ගණන මේවන විට 300 ඉක්මනවා. මෙලෙස මියගිය අය අතර රත්නපුර මහ රෝහලට ළමා වාට්ටු සංකිර්ණයක් ලබාදුන් ඇලන් ලුවිස් මහතාගේ බිරිඳත් මියගියා. ඒ කොළඹ සිනමන් ග්‍රැන්ඩ් හෝටලයේ සිදුවූ බෝම්බ ප්‍රහාරයෙනුයි. ඇගේ අවසන් කටයුතු අද දිනයේ සිදුවුණා. ඉතින් බොහෝ සේ ලංකාවට ආදරය කළ එම පවුලේ සියළු දෙනාම එදින එම අනතුරට මුහුණ දුන් අතර ඒ පිළිබඳ වෛද්‍ය ශිෂ්‍යයෙකු තැබූ සංවේදී සටහනක් පහතින්.

රටම සෙලවාලූ ඒ රුදුරු බෝම්බ පිපිරීමෙන් අනතුරුව කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍යයන් ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය වෙත වහවහා ඇදෙන්නේ අනතුරට ලක් වූවන් වෙනුවෙන් කළ හැකි උපකාරයක් කිරීමටයි.

R Room හෙවත් රෝගීන්ට කඩිනම් ප්‍රතිකාර ලබා දෙන අංශයේ පැයක් පමණ රැඳීමෙන් අනතුරුව ඔවුන් ට ඉන් පිටතට විත් විපතට පත් වූවන් සන්සුන් කිරීමට උපකාර වන ලෙස උපදෙස් ලැබෙන්නේ ඒ වෙද්දී එම අංශය වෛද්‍යවරුන් උවමනාවටත් වඩා එක් වී සිටි නිසායි.ඒ අනුව ශල්‍ය වාට්ටු වෙත යොමු වන ඔවුන් දකින්න ලාංකික පිරිසක් සමඟ කවරෙකු හෝ සොයමින් යන විදේශික පියෙක් හා පුතුන් දෙදෙනෙකුයි.විමසා බලද්දී ඔවුන් සොයමින් සිටියේ වැඩිමල් පුතු සමඟ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ උදේ අහාරය ගනිමින් හිටි ඔවුන්ගේ මවයි.බැංකොක්වෙත ගුවන් ගමනක් සංවිධානය කර ගැනීමට ගිය නිසාවෙන් මේ තිදෙනාට ඔවුන් මඟ හැරී තිබුනා.හිසට තුවාල සිදු වූ මව හෝටලයේ වාහනයකින් රෝහලට ගෙනා බව වැඩිමල් පුතා කීවත් හිසට හා පපුවට තුවාල ලබා සිටි ඔහුව දමා යන්නටත් මේ පිරිස කැමති වන්නේ නැහැ.ඉතින් ඒ පියාගේ කැමරාවේ තිබූ අවසාන රුව වෛද්‍ය ශිෂ්‍යයෙකුගේ කැමරාවේ සටහන් වන්නේ ඇය සොයා ගැනීමේ මෙහෙයුමට උපකාර වෙන්නටයි.

ස්නායු ශල්‍ය වාට්ටු, ශල්‍යාගාර, ශල්‍ය වාට්ටු ,මෘත ශරීරාගාරය මේ හැම තැනකම හෙවුවත් ඔවුන්ට ඇය මුණ ගැහෙන්නේ නැහැ.

විදේශික පවුලත් සමඟම අවසානයේ පොලිස් මෘත ශරීරාගාරයට ගිය ගමනේදී අවාසනාවන්ත ලෙස ඇගේ මල සිරුර ඔවුන්ට හමු වෙනවා.පුතුන් හඬා වැලපෙද්දී කඳුලු අතරින් වුනත් තමන්ගේ බිරිඳ සොයාගන්නට උදවු කළ සියලු දෙනාටම ස්තූතිවන්ත වෙන්නට මේ මහත්මා ගුණ ඇති විදේශිකයා අමතක කරන්නේ නැහැ.

රුපියල් මිලියන සියයක් වියදම් කරමින් ඇලන් ලුවිස් මහතාගේ පවුල රත්නපුර ශික්ෂණ රෝහලට නව ළමා වාට්ටු සංකීර්ණයක් තනා දෙන්නේ නේපාලයේදී මිය ගිය තමන්ගේ පුතා සිහි වෙන්නයි.විසි වෙනිදා අලුතින් ඉදි කළ එම වාට්ටු සංකීර්ණය නරඹන්නට එන මොනික් ඇලන් මහත්මිය පොරොන්දු වෙන්නෙ තවත් මහල් දෙකක් ඊට එක් කර පස් මහල් ළමා වාට්ටු සංකීර්ණය සම්පූර්ණ කරන්නටයි.ඉන් පහුවදා සිනම්න් ග්‍රෑන්ඩ් හෝටලලේ උදේ ආහාර ගනිමින් සිටි ඈ සදහටම සමු අරන් යන්න ගිහින්.

ශ්‍රී ලංකාව මොනික් ඇලන් මහත්මියගේ ප්‍රියතම රටක්.ළමා වාට්ටු සංකීර්ණය තනන්නට ලංකාවේ රත්නපුරය තෝරාගන්නට මුල් වන්නේත් ඒ ආලයමයි.ඉතින් මේ ලෝකයට සදහටම සමු දෙන්නට කලින් ඈ සාක්ශාත් කරගත් අරමුණ ලංකාවේ දරුවන්ට වඩා හොඳ සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීමේ ඉඩපහසුකම් සලසා දීමයි.

මොනික් ඇලන් මැතිණිය සමාදානයේ සැතපෙන්නේ ලංකාවේ යි.ඇගේ අවසන් කටයුතුවලට පසු පුතුන් ඔහු ළඟට ගන්නා ලුවිස් ඇලන් මහතා හැමෝටම කියන්නේ මෙහෙමයි.

“මොනික් ලංකාවට නොසෑහෙන්න ආදරෙයි. මේ පාර වියට්නාමෙට යමු කියද්දි ලංකාව තෝරා ගත්තෙ ඈ මයි.අපි බැංකොක් යන්න යද්දී ජේසන් පුතා එක්ක තව ටික දවසක් ලංකාවේ ඉන්න තීරණය කළෙත් ඈමයි.සමහර විට වෙන්න යන දේ ඇයට කලින් දැනෙන්න ඇති. ඇගේ ජීවිතය අවසාන විය යුත්තේ මේ සුන්දර රටේ ඔබ හැමෝගෙම ආදරය එක්ක කියලා ඈ හිතාගන්න ඇති.

ඔබ හැමෝටම ස්තූතියි .ඇය ලංකාවට නොසෑහෙන්න ආදරය කළා.”

මොනික් මුණගැහෙන්නට මේ පවුලේ උදවියට වසරක් පාසා යලිත් ලංකාවට එන්නට සිදු වෙනවා.ඔවුන්ටත් මෙවන් අකල් මරණයක් අත් නොවන්නට අපිට ඔවුන්ගේ ආරක්ශාව සුරක්ෂිත බවට සෑහෙන්නට පුලුවන් ද?

මොනික් මිය යන තුරාවටම පුද්ගලික ධන පරිත්‍යාගයෙන් ඔවුන් අපේ රටට කළ සේවය කවුරුත් දැනගෙන හිටියේ නෑ.මොකද මේ මිනිස්සු ඒ දේවල් කළේ ප්‍රසිද්ධිය බලාපොරොත්තුවෙන් නෙවෙයි .

තමන්ගේ බිරිඳ තමන්ගෙ අම්මා නැතිව ඔවුන් හැඬූ කඳුලෙන් ලංකාව හැර යද්දී අපේ බදු සල්ලිවලින් කිඹුහුමක් අරින්නත් ප්‍රසිද්ධිය ඕනෑ කරන අපේ ජරා පාලකයින් මජර හිනා අස්සෙන් මේ මහා ඛේදවාචකයේ වගකීම එකිනෙකාට පටවන්න වලි කනවා.

ඇත්තටම ආයෙත් අපි මේ වගේ මිනිස්සුන්ව අපේ නායකයන් හැටියට පත් කර ගන්නවද?

ආදරයට මිනිසත්කමට මිනිස්සු ජීවත් කරන්න පුලුවන් නම් මොනික් මැතිනිය ඔබ තාමත් ජීවතුන් අතර.

දිවි ගලවා ගත් ජේසන්,ටිමොති ජැස්පර් පුතුන් හා ඇලන් ලුවිස් මහතානෙනි, ඔබට දෙවි පියාණන්ගේ රැකවරණය නිබඳවම ලැබේවා.

ශ්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන් ඔබට හදවතින් ම ස්තූතියි .ඔබ වෙනුවෙන් මුලු ලංකාවම මුලු හදින් ම ශෝක වෙනවා ඇති.

-වෛද්‍ය ශිෂ්‍ය තරුශිහාන් මුහුන්දන් ගේ වචන හා ඡායාරූප

42 total views, 5 views today

Please follow and like us:
0

කටුකුරුන්ද දෙව් මැඳුරේ දෙව් මව් පිළිරුවෙන් කඳුළු ගලයි

කළුතර කටුකුරුන්ද ශාන්ත පිලිප්නේරි දේවස්ථාන භූමියේ ඉකුත් 19 වැනිදා සවස පැවැති මහ සිකුරාදා විශේෂ දේව මෙහෙයෙන් පසු

28 total views, no views today

Please follow and like us:
0

කෝටි තුනේ කකුල් දෙකින් සියලු රහස් එළියට

සිංහල අලුත් අවුරුදු උදාවට තිබුණේ තව දෙදිනකි. ඉකුත් 11දා ද කටුනායක  බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පැවැතියේද

3 total views, 1 views today

Please follow and like us:
0

ශ්‍රී ලංකාවේ පිපිරීම්: ලෝවාසීන් ශෝකය බෙදාගත් අයුරු කැමරා ඇසින්

ඉන්දුනීසියාවේ සිසුවියන් පිරිසක්

 

 

 

 

 

 

 

 

 

 

 

ඉන්දුනීසියාවේ පාසල් සිසුවියක්

 

 

 

 

 

 

 

 

 

 

 

ශ්‍රී ලංකාවේ ප්‍රහාර පාකිස්තාන මාධ්‍ය වාර්තා කර තිබු ආකාරය

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

රුසියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට ශ්‍රී ලංකාවේ මියගිය අය වෙනුවෙන් මල් තබා ඇත

 

 

 

 

 

 

 

 

 

 

 

කාශ්මීරයේ පුවත්පත් ශ්‍රී ලංකාවේ ප්‍රහාර වාර්තා කර ඇති ආකාරය

 

 

 

 

 

 

 

 

 

 

ශ්‍රී ලංකාවේ මියගිය අය සිහිකර අයිෆල් කුලුනේ විදුලි පහන් නිවා දැමේ

 

 

 

 

 

 

 

 

 

 

 

 

පැරීසිය

 

 

 

 

 

 

 

 

 

 

 

පාකිස්තාන කතෝලික බැතිමතුන්

8 total views, 1 views today

Please follow and like us:
0

පූජා අලූත් ආදරයක පැටලෙයි

*මොනවද මේ දවස්වල අලූත් තොරතුරු?

55 total views, 1 views today

Please follow and like us:
0
123