Category Archives: ක්‍රීඩා පුවත්

දසුන් ශානක : ඉරිදා බෝම්බ සිද්ධිය අමතක කරන්න බැහැ : දසුන්ගේ මව නූලෙන් බේරෙයි…..

ඉකුත් ඉරිදා රටම භීතියට පත්කරමින් ත‍්‍රස්තවාදීන් විසින් සිදුකරන ලද ම්ලේච්ඡු බෝම්බ ප‍්‍රහාර හේතුවෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩක දසුන් ශානකද

8 total views, 2 views today

Please follow and like us:
0

කේසරට ත්‍රිත්ව ජයග්‍රහණ

දියතලාව, යුද හමුදා විද්‍යාපීඨ ධාවන පථයේදී පැවැති ’නරියාකන්ද සුපර් ක්‍රොස්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේ

7 total views, 1 views today

Please follow and like us:
0

පාසල් රග්බි තරඟ කල්යයි

සිංගර් කුසලාන ශ්‍රී ලංකා පාසල් රග්බි තරගාවලියේ දෙවැනි වටය මේ මස 24 වැනිදා ආරම්භ කිරීමට තිබූ  තරඟ 14 ක්

7 total views, 1 views today

Please follow and like us:
0

රටේ ආරක්‍ෂක තත්ත්වය හේතුවෙන් ශී‍්‍ර ලංකා පිලේ ලෝක කුසලාන පෙරහුරුවත් කල් යයි

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරගනිමින් පෙරහුරුවක් ලබා ගැනීම සඳහා දඹුල්ල බලා පිටත් වීමට අද (22 වැනිදා) නියමිතව තිබුණි. එහෙත් රටේ ආරක්‍ෂක තත්ත්වය හේතුවෙන් ඔවුන් හෙට හෝ අනිද්දා අදාළ පුහුණු සැසිය දඹුල්ලේදී ආරම්භ කරන බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපති ශම්මි සිල්වා මහතා අප කළ විමසීමකදී පැවසීය.

රටේ වත්මන් තත්ත්වය හේතුවෙන් කී‍්‍රඩා ඇමැතිවරයා විසින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ප‍්‍රධානීන්ට දන්වා ඇත්තේ ශී‍්‍ර ලංකා ලෝක කුසලාන සංචිතය දඹුල්ල බලා පිටත් කිරීම තවත් ප‍්‍රමාද කරන බවයි. ඒ අනුව අද දිනයේ දඹුල්ල බලා පිටත්වීම අවිනිශ්චිත අතර රටේ තත්ත්වය අනුව හෙට සිට (23 වැනිදා) අදාළ පුහුණුව ඇරඹීමට නියමිත බව කි‍්‍රකට් සභාපති ශම්මි සිල්වා මහතා අප කළ විමසීමේදී වැඩිදුරටත් පැවසීය.

‘අපි හෙට දඹුල්ල බලා පිටත් වෙන්න නියමිතව තිබුණා. නමුත් අද තියෙන තත්ත්වය අනුව කී‍්‍රඩා ඇමැතිවරයා දැනුම් දුන්නා හෙට කණ්ඩායම දඹුල්ලේ පිටත් කිරීම යෝග්‍ය නැති බව. රටේ තත්ත්වය බලා කණ්ඩායමේ පුහුණුවීම් ඉදිරි දින කිහිපයේ කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ සම්බන්ධව රටේ ආරක්‍ෂක අංශ සමග සාකච්ඡුා කරමින් කණ්ඩායමට ලබා දිය හැකි උපරිම ආරක්‍ෂාව ඔවුන් ලෝක කුසලානයට පිටත්වන තුරු ලබා දීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය කටයුතු කරනවා’ යැයි කි‍්‍රකට් සභාපති ශම්මි සිල්වා මහතා ඊයේ (21 වැනිදා) පැවසීය.

ලබන මැයි මස 30 වැනිදා එංගලන්තයේදී ආරම්භ වන ලෝක කුසලාන සඳහා පෙරහුරුවක් ලබා ගැනීම වෙනුවෙන් ශ‍්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයේ දඹුල්ලේදී විශේෂ පුහුණු සැසියක් ආරම්භ කිරීමට නියමිතව තිබුණු අතර දින කිහිපයක් ඔවුන් දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේදී අදාළ පුහුණුවීම් සිදුකිරීමට නියමිතව තිබිණි. ඒ අනුව අන්තර් පළාත් තරගාවලිය පැවැති පල්ලකැලේ සහ දඹුල්ල ක‍්‍රීඩාංගණ අතරින් හොඳම තණතීරු දඹුල්ලේ තිබූ බවත් එම තණතීරු පිතිකරුවන්ට මෙන්ම පන්දු යවන්නන්ටත් යෝග්‍ය බැවින් එහි පුහුණුවීම් කිරීමට පුහුණුකරු චන්දික හතුරුසිංහ ඉල්ලා සිටි බවත් ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්ත ද මැල් මහතා පවසයි.

‘‘ඇත්තටම පළාත් තරගාවලියේදී මම දැක්ක හොඳම තණතීරු තිබුණේ දඹුල්ලේ. ඒ විකට්වල පන්දු බවුන්ස් වෙන ගතියක් තියෙනවා. ඒ වගේම පිතිකරුවන්ටත් ගැටලූවකින් තොරව ලකුණු ලබා ගන්න පුළුවන්. ඒ නිසා එංගලන්තයට යාමට පෙර ඔවුන් දඹුල්ලේදී පුහුණු සැසි කිහිපයකට සහභාගි වෙනවා.’’ යනුවෙන් අසන්ත ද මැල් මහතා පවසයි. ඔහු ශී‍්‍ර ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා සහ වත්මන් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු වශයෙන්ද කටයුතු කරනු ලබයි.

ශ‍්‍රී ලංකා කණ්ඩායම දඹුල්ලේදී පුහුණු තරගවලටද සහභාගිවීමට නියමිතව තිබෙන අතර ලෝක කුසලාන සඳහා ශ‍්‍රී ලංකා පිල ලබන මස 6 වැනිදා පිටත්වීමට නියමිතව තිබේ.

52 total views, 1 views today

Please follow and like us:
0

IPL තවත් තරගයක් අද

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර තරගය අද (22)

1 total views, no views today

Please follow and like us:
0
1237