ගෝඨාභයට නඩු දැම්මේ කැනඩාවේ ත‍්‍රස්තයෙක්……යස්මින් සුකා කොටි ඩයස්පෝරාවේ කොන්ත්‍රාත්තුව ඉටු කරයි…..

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂට එරෙහිව ඇමරිකාවේ කැලිෆෝර්නියා අධිකරණයේදී නඩු දෙකක් පැවරීමේ සිද්ධිය සවනය වීමෙන් උතුරේ කොටි හිතවාදීහු අපමණ සතුටට පත් වූහ.

මෙම නඩු පැවරීමේ සිද්ධිය ජෙට් යානාවක වේගයට වඩා අධික වේගයෙන් මෙරටට වාර්තා වුවත් හිටපු හමුදාපති සරත් පොන්සේකා හෝ මේජර් ජෙනරාල් දුමින්ද කැප්පෙටිවලාන ඊට ප‍්‍රතිචාර දැක්වූයේ නැත. එහෙත් මේ නඩු දෙකින් එකක් පැවරූ කැනඩා ද්‍රවිඩයාගේ පසුබිම වසන් විය. මොහු කැනඩාවේ පදිංචිකරුවකු වූ රෝයි සමානාතම් නමැත්තාය. 2007 සැප්තැම්බර් මස දිනෙක රෝයි සමානාතම් කටුනායක ගුවන්තොටුපළින් මෙරටට පැමිණියේය. එහෙත් ඔහුගේ ගමන් මලූ නිසි පරීක්‍ෂාවට ලක් වූයේ නැත.

එහෙත් රෝයි සමානාතම් පදිංචිව සිටි නිවසට පැමිණි ත‍්‍රස්ත මර්දන නිලධාරීහු ජංගම දුරකථන 600 ක් සොයාගනු ලැබීය. ඒ අතර ජී පී එස් උපාංග ද විය. තමා මෙම උපාංග ගෙන ආවේ මිත‍්‍රයකුගේ වෙළෙඳ ව්‍යාපාරය සඳහා බව රෝයි සමානාතම් පැවසුවත් ත‍්‍රස්ත මර්දන නිලධාරීහු ඒ බව පිළිගත්තේ නැත.

කෙසේ වෙතත් දඩ මුදලක් ගෙවීමෙන් පසු රෝයි සමානාගම් 2010 අගෝස්තු මස නිදහස් විය.

කැනඩා රජය ද ඔහු මුදාහරින ලෙස ශී‍්‍ර ලංකා රජයට බලපෑම් කර තිබුණි. අනතුරුව කැනඩාවට ගිය රෝයි සමානාතම් තමාට ත‍්‍රස්ත මර්දන නිලධාරීහු දැඩි ලෙස වධහිංසා පැමිණවූ බවට එක්සත් ජාතීන්ගේ කමිටුවකට පැමිණිලි කරනු ලැබුවේ නිදහස් වීමෙන් වසර 3 කට පසුවය. 2007 සිට 2010 දක්වා ත‍්‍රස්ත මර්දන පොලිසිය තමාට නොසෑහෙන ලෙස පහර දුන් බවට සමානාතම් එම කමිටුව හමුවේ කියා සිටියේය.

සාක්‍ෂිකරුවන් නොමැතිව එම කමිටුව ශී‍්‍ර ලංකාව වරදකරු කර වහාම සාමානතම්ට වන්දි ගෙවන ලෙස ශී‍්‍ර ලංකා රජයට නියම කළේය. කැනඩාවේදී රෝයි සමානාතම් ප‍්‍රකාශයක් කරමින් තමා අත්අඩංගුවට ගන්නැයි නියෝග කළේ විනිසුරුවකු නොව ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ බව කියා සිටියේය.

මේ අතර හිටපු ආරක්‍ෂක ලේකම්වරයාට එරෙහිව චෝදනා එල්ල කළ හැකි අයෙක් හිටපු එක්සත් ජාතීන්ගේ නිලධාරිනී යස්මින් සුකා සොයමින් සිටියේය.

මේ සතියේ දිනෙක පුදුමාකාර සිද්ධියක් අනාවරණය විය. ඒ මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංගගේ දියණිය හිටපු ආරක්‍ෂක ලේකම්ට එරෙහිව කැලිෆෝර්නියා අධිකරණය හමුවේ නඩුවක් ගොනු කිරීමත් සමගම ඊට සමානව රෝයි සමානායතම් ද නඩුවක් ගොනු කිරීමයි. මෙය ඉතා සැලසුම්සහගත ලෙස කි‍්‍රයාත්මක වූවකි.

මේ වනවිට ගෝඨාභය රාජපක්‍ෂ කැලිෆෝර්නියාවේ විවාහ මංගල්‍ය උත්සවයක් වෙත ගොස් තිබිණි. ගෝඨාභය ඇමරිකාවට ගිය බව කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයෙන්ම හිටපු එක්සත් ජාතින්ගේ නිලධාරිනී සුකාට වාර්තා වී තිබිණි.
ඇය ගෝඨාභය පසුපස පෞද්ගලික රහස් පරීක්‍ෂකයන් පිරිසක් ද යැව්වාය.

එහිදී සොයාගත් තොරතුරු මත සුකා ඇමරිකාවේ අධික මුදලක් අය කරන හවුස් පේල්ට් නීති ආයතනය හරහා ගෝඨාභය රාජපක්‍ෂට සිවිල් නඩුවක් ගොනු කිරීමට කි‍්‍රයා කරනු ලැබීය.

මෙහිදී නැගෙන බරපතළ ප‍්‍රශ්නය නම් හවුස් පේල්ට් නීති සමාගම ලවා නඩුවක් ගොනු කිරීමට සුකාට සහ රෝයි සමානායතම්ට මුදල් කොහෙන්ද යන්නයි. එසේ නම් මේ මුදල් කොටි ඩයස්පෝරාවෙන් ලබා දුන් මුදල් නොවේද?

එසේම රෝයි සහ සුකා විසින් ගෝඨාභයට එරෙහිව ඇමරිකාවේ අධිකරණයක් වෙත නඩු දෙකක් ගොනු කිරීමේ පසුබිම කුමක්ද? 2010 න් පසු ගෝඨාභයට එරෙහිව නඩුවක් ගොනු නොකළ රෝයි 2019 ජනපතිවරණ වසර තුළ නඩුවක් ගොනු කළ බවද දැන් හෙළිවී ඇත.

2019 අපේ‍්‍රල් 8 වැනිදා යස්මින් සුකා නිවේදනයක් නිකුත් කළාය.

එහි මෙලෙස සඳහන් විය.

‘‘ශී‍්‍ර ලංකාවේ ජනාධිපතිවරණ බලාපොරාත්තුව ඇති ගෝඨාභය රාජපක්‍ෂට එරෙහිව සිවිල් නඩුක් ගොනු කිරීම.’’

‘‘ශී‍්‍ර ලංකා ඇමරිකානු ද්විත්ව පුරවැසියකු වූ ගෝඨාභය රාජපක්‍ෂට එරෙහිව රෝයි සමානායතම් නඩුවක් ගොනු කර ඇත. ඊට අදාළ සිතාසිය ඉරිදා රාති‍්‍රයේ කැලිෆෝනියාවේ පාසවෙනාගි ටේ‍්‍රටර් ජෝ වාහන අංගනයේදී භාරදී ඇත. හවුස්පේල්ට් නීති සමාගම පෞද්ගලික රහස් පරීක්‍ෂකයන් පිරිසක් ද යොදවා තිබිණි.

ලසන්ත වික‍්‍රමතුංග වෙනුවෙන් පැවැති නඩුවක සිතාසියක් ද තවත් සංවිධානයක් විසින් භාරදීමට කි‍්‍රයා කර ඇත.

බළලා මල්ලෙන් පැන්නා යන නියමය සනාථ කරමින් යස්මින් සුකා නඩු දෙක ගැන හෙළි කරනු ලැබීය.

සුකා ලසන්ත වික‍්‍රමතුංගගේ දියණිිය ද එදිනම සිතාසි භාරදුන් බව දන්නේ කෙසේද යන්න ප‍්‍රශ්නයකි.

ඒ සමගම රජයේ පුවත්පතක සේවය කරන දර්ශා නමැත්තියක් අහිංසා වික‍්‍රමතුංග කැලිෆෝර්නියා දිස්ති‍්‍රක් උසාවියේදී හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂට එරෙහිව නඩුවක් ගොනු කළ බව සිය ට්විටර් අඩවියේ සඳහන් කරනු ලැබීය.

මේ සිදුවීම් එකින් එකට බැඳී ඇත.

මෙදිනම ජර්මනියේ සිට කි‍්‍රයාත්මක වන ජේ. ඞී. එස්. සංවිධානය ගෝඨාභය රාජපක්‍ෂට එරෙහිව වධහිංසා සිදු කිරීම මෙන්ම මිනීමැරුම් චෝදනා ගැන නඩුවක් ගොනු වී ඇති බව හෙළි කරනු ලැබීය.

මේ ජේඞීඑස් සංවිධානය මෙහෙයවන්නේ කොටින්ගේ දේදුන්න පුවත්පත සංස්කරණය කළ රෝහිත භාෂණ අබේවර්ධනයි.

එම පසුබිම මැද ගෝඨාභයට එරෙහිව එකම දවසේ එකම අවස්ථාවක නඩු දෙකක් ගොනුවීමේ පසුබිම පැහැදිලිය. මෙහිදී ගෝඨාභයට එරෙහිව නඩු දෙකක් පැවරීමට ප‍්‍රමාද වූයේ මන්දැයි කිසිවකු යස්මින් සුකාගෙන් ප‍්‍රශ්න කළේ නැත.

මෙම යස්මින් සුකා විසින් රෝයි මනෝජ් කුමාර් සමානායතම් වෙනුවෙන් පැවරූ නඩුවේ විස්තර තවදුරටත් දැනගැනීමට අවශ්‍ය නම් විමසිය යුත්තේ කාගෙන්ද යැයි ඇය හෙළි කර තිබුණි.

ඒ කොටි සාම ලේකම් කාර්යාලයේ ප‍්‍රධානියා ලෙස සේවය කළ පුලිතේවන්ගේ මිතුරිය වූ බීබීසී වාර්තාකාරිනී ප‍්‍රාන්සස් හැරිසන්ගෙනි.

ශී‍්‍ර ලංකා හමුදාව 146000 ක් ද්‍රවිඩයන් අතුරුදන් කළ බව පැවසුවේ හැරිසන්ය. ඇය මෙරටින් ඉවත්ව යන අවස්ථාවේ ගාලූ මුවදොර හෝටලයේ සාදයක් පවත්වනු ලැබීය.

ඊට ප‍්‍රාන්සස් හැරිසන්ට ද ඇරයුම් ලැබී තිබුණි.

මේ තත්ත්වය මත යස්මින් සුකා කොටි ඩයස්පෝරාවෙන් විශාල කොන්ත‍්‍රාත් මුදලක් ලබාගෙන ඇත.

ඇය අද ඉටු කරන්නේ එම කොන්ත‍්‍රාත්තුවයි.

Facebook Comments

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *