බාධා නොතකා වෙසක් සමරන්න: මහින්දගෙන් ඉල්ලීමක්

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

වෙසක් පොහොය දිනය බාධාවන් නොතකමින් සැමරිය යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියි.

පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතාගේ පියා වූ දිවංගත D.D වීරක්කොඩි මහතාගේ දේහයට අවසන් ගෞරව දැකවීම සඳහා එක් වූ අවස්ථාවේදී මාධ්‍යෙව්දීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ අදහස් පළ කළේය.

තංගල්ලේ ස්පීකර් ලබා දීම තහනම් කර ඇති බවත් අනෙකුත් වැඩ කටයුතු සඳහා ඉඩ සලසා තිබේනම් එම තහනම කඩාගෙන වැඩ කටයුතු සිදුකළ යුතු බවත් ඒ මහතා ප්‍රකාශ කරයි. 

ලබන අඟහරුවාද පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පාසල් ආරම්භ කරන අවස්ථාවට සහභාගී වෙනවා වන බවත් ඒ වන විට ළමුන්ට පාසල් යා හැකි මට්ටමක් තිබේදැයි මාධ්‍ය වේදීන් නැඟූ ප්‍රශ්නයකට ඒ මහතා මෙසේ පිළිතුරු දුන්නේය.

“ජනපති සහ ආණ්ඩුව කියනවා ආරක්ෂාව තියෙනවා කියලා.

අපිට හැමදාම බයේ ජීවත් වෙන්නත් බෑ.
 
රට ඉක්මණින් සාමාන්‍යකරණය කළ යුතුයි.
 
එයට හොඳම තැන පාසල විවෘත කිරීම.

දරුවන් පාසලට යවලා ආරක්ෂාව දෙන්න.
 
අපි ගිහිල්ලා ඒ ආරක්ෂාව බලා ගන්න ඕනේ අපිත් එයට සූදානම් වෙලා යන්න ඕනේ.”

Facebook Comments

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *