කොස්වත්තේ ගැටුම් වලට සම්බන්ධ පාසල් සිසුන් ඇතුළු 31 ක් රිමාන්ඩ්

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

කොස්වත්ත පොලිස් වසම තුළ පසුගිය දිනවල ඇතිවූ ගැටුම්කාරී සිද්ධීන්ට සම්බන්ධව ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන සිටි පුද්ගලයින් 31 ක් දෙනා මේ මස 29 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාරවිල මහේස්ත්‍රාත් සිරිමෙවන් මහේන්‍ද්‍රරාජ මහතා අද (15) නියෝග කළේය.

සැකකරුවන් පසුගිය දා ඇඳිරි නීතිය පනවා තිබිය දී කොස්වත්ත පොලිස් වසමේ කොට්ටරාමුල්ල ප්‍රදේශයේ හට ගත් ගැටුම් වලට සම්බන්ධ බවට ලද තොරතුරු මත  අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකරුවන් කොස්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් අතර පාසල් සිසුන් සිව් දෙනෙකු ද සිටින බවත් ඔවුන්ට ඇප ලබා දෙන ලෙස සැකකරුවන් වෙනුවෙන් පෙනි සිටි නිතිඥවරුන් ඉල්ලා සිටියත් දිසා විනිසුරුවරයා එම ඉල්ලිම් ප්‍රතික්ෂේප කළේය .

මෙම ප්‍රදේශයේ සිදුවීම් අතරතුර එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් පුද්ගලයෙක් තුවාල ලබා තිබූ අතර නිවස හයකට හානි සිදුව තිබු බව පොලිසිය කියයි.

සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට ගෙන ආ අවස්ථාවේ දී සැකකරුවන්ගේ ඥාතීන් අධිකරණ භුමිය අසලට රැස්වී සැකකරුවන් අහිංසකයින් බව කියමින් දැඩි ලෙසින් විරෝධය පල කර සිටියහ.

මේ අතර මෙම අවස්ථාවේ දී අධිකරණය හා අවට ආරක්ෂාව සඳහා පොලිසිය හා යුද හමුදාව යොදවා තිබුණි.

Facebook Comments

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *