බදියුදීන්ට එරෙහි විශ්වාසභංගෙට බැසිල් විරුද්ධ නොවූ බවට පොදුජන පෙරමුණෙන් නිවේදනයක්

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

රිෂාඩ් බදියුදීන් ඇමතිවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට බැසිල් රාජපක්ෂ මහතා විරුද්ධ වූ බවට පළ වූ පුවත් සාවද්‍ය බව එම පෙරමුණේ මාධ්‍ය ලේකම් සංජීව එදිරිමාන්න මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිනවා.

පොදුජන පෙරමුණේ මාධ්‍ය ලේකම්වරයා නිකුත් කළ එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

“රිෂාඞ් බදියුදින් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා විරුද්ධත්වය පල කළ බවට ප‍්‍රචාරය වන අදහසෙහි කිසිදු සත්‍යතාවක් නොමැති බව ඉතා වගකීමෙන් ප‍්‍රකාශ කරමි.

අද උදෑසන පැවැති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේ දී ඉහත කාරණාව සම්බන්ධයෙන් කරුණු සාකච්ඡවට ගෙන ඇති නමුත් එහි දී රිෂාඞ් බදියුදින් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා වාචිකව හෝ ඉගියකින් හෝ කිසිදු ආකාරයක විරුද්ධත්වයක් ප‍්‍රකාශ කර නොමැත.

එබැවින් බැසිල් රාජපක්ෂ මහතා විසින් විශ්වාසභංග යෝජනාවට විරුද්ධත්වය පල කළ බවට පැතිර යන අසත්‍ය ප‍්‍රකාශය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ තරයේ ප‍්‍රතික්ෂේප කරන බව සිහිපත් කරමි.”

අද (14) දහවල් අප වෙත ලැබුණු ඉතා විශ්වාසනීය වාර්තාවකින් හෙළි වූයේ අද උදෑසන මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී රිෂාඩ් බදියුදීන් ඇමතිවරයාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාවට විරුද්ධව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මුල සිටම කතා කළ බවයි.

ඒ වන විටත් මන්ත්‍රීවරුන් 20 කට වැඩි ප්‍රමාණයක් එම විශ්වාසභංග යෝජනාවට අත්සන් කර තිබියදීත් බැසිල් රාජපක්ෂ මහතා එම යෝජනාවේ ඇති වැරදි, අඩුපාඩු පෙන්වමින් එම කටයුත්ත අඩාල කිරීමට ක්‍රියා කල බවයි වාර්තා වුයේ.

ඒ හේතුව නිසාම රිෂාඩ් බදියුදීන් ඇමතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබදව අවසන් තීරණය ගැනීම හෙට දිනට කල් දැමීමට හිටපු ජනාධිපතිවරයාට සිදුවිණි.

සුළු ජාතික ඡන්ද පිළිබදව වැඩි විශ්වාසයක් තබන පුද්ගලයෙකු ලෙසද බැසිල් රාජපක්ෂ මහතා ඒකාබද්ධ විපක්ෂය තුළ වැඩි ප්‍රසිද්ධියක් උසුලයි.

පෙර පුවතට මෙතැනින් පිවිසෙන්න:

බදියුදීන්ට එරෙහි විශ්වාසභංගයට බැසිල් විරුද්ධ වෙයි: විරෝධය නොතකා මන්ත්‍රීවරු අත්සන් කරයි

Facebook Comments

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *