අද රාත්‍රී 9 සිට දිවයිනටම ඇඳිරි නීතිය : ගම්පහට රාත්‍රී 7 සිට: වයඹට සවස 6 සිට

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

මුළු දිවයිනම ආවරණය වන පරිදි අද(14) රාත්‍රී 09.00 සිට පොලිස් ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබේ.

ඒ අනුව හෙට(15) අළුයම 04.00 දක්වා පොලිස් ඇදිරි නීතිය බල පැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේය.

මේ අතර ගම්පහ පොලිස් කොට්ඨාශයට පමණක් අද රාත්‍රී 07.00 සිට හෙට පෙරවරු 06.00 දක්වා පොලිස් ඇදිරි නීතිය ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

 ඒ අනුව ගම්පහ, මිනුවන්ගොඩ, දොම්පේ, ගණේමුල්ල, කිරිඳිවැල, මල්වතුහිරිපිටිය, මීරිගම, නිට්ටඹුව, පූගොඩ, වේයන්ගොඩ, වීරගුල, වැලිවේරිය, පල්ලෙවෙල සහ යක්කල යන පොලිස් වසම්වලට එම කාලය තුළ පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි.

මේ අතර වයඹ පළාතට තාවකාලිකව ඉවත් කර තිබූ පොලිස් ඇදිරි නීතිය අද පස්වරු 06.00 සිට යලි ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව හෙට උදෑසන 06.00 පොලිස් ඇදිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

ඇතිවු නොසන්සුන්කාරී තත්ත්වයක් පාලනය කිරීම සඳහා ඊයේ(13) පස්වරුවේ සිට යලි දැනුම්දෙන තුරු වයඹ පළාතට පොලිස් ඇදිරි නීතිය පැනවීමට පියවර ගත්තේය.

කෙසේවෙතත් අද පස්වරු 04.00 සිට පැය දෙකක කාලයක් සඳහා පොලිස් ඇදිරි නීතිය ඉවත් කිරීමට පියවර ගෙන තිබුණි.

පොලිස් ඇදිරි නීතිය ක්‍රියාත්මක වන කාලය තුළ නීතිය හා සාමය කඩවන ආකාරයේ කිසිඳු ක්‍රියාවක නොයෙදෙන ලෙසත් ඇදිරී නීතිය කඩ කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

Facebook Comments

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *