බදියුදීන්ට එරෙහි විශ්වාසභංගයට බැසිල් විරුද්ධ වෙයි: විරෝධය නොතකා මන්ත්‍රීවරු අත්සන් කරයි

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාවේ දෝෂ කිහිපයක් ඇති බව සඳහන් කරමින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එයට විරෝධය දක්වා තිබේ. 

එම විශ්වාසභංගයට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන නාමල් රාජපක්ෂ, අතුරුලියේ රතන ස්වාමීන්වහන්සේ, විමල් වීරවංශ හා උදය ගම්මන්පිල ඇතුළුව මන්ත්‍රීවරුන් 29ක් අත්සන් තබා තිබේ.

කෙසේ වෙතත් අද පෙවරුවේ හිටපු ජනපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමක් පවත්වා ඇති අතර එහිදි මහින්ද රජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ විශ්වාසභංග යෝජනාවේ දෝෂ කිහිපයක් ඇති බවත් දැන්ම ඉදිරිපත් නොකරන ලෙසත් දන්වා ඇත.

මූලිකම හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙම විශ්වාසභංග යෝජනාවේ වැරදි ඇති බව සඳහන් කරමින් එයට විරෝධය දක්වා ඇති බව වාර්තා වෙයි. 

බැසිල් රාජපක්ෂ මහතා විරුද්ධ වීමට තවත් හේතුවක් වී ඇත්තේ මීළග මැතිවරණවලදී රිෂාඩ් බදියුදීන් ඇමතිවරයාගේ සහයද අවශ්‍ය බැවින් ඔහුව මේ අවස්ථාවේ අමනාප කර ගත නොයුතු බව ඔහුගේ අදහස වී තිබීමයි.

රිෂාන් බදියුදීන්ව මහින්ද රාජපක්ෂ මහතාගේ රජයට එක් කරගෙන ඔහුව බලවත් පුද්ගලයෙකු කිරීමට ක්‍රියා කළේද හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා බවට ඒකාබද්ධ විපක්ෂයෙන්ම පසුගිය කාලයේ චෝදනා එල්ල විය.

රිෂාඩ් බදියුදීන් ඇමතිවරයාට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත මෙම විශ්වාසභංග යෝජනාවට අත්සන් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව පහතින් දැක්වේ.

පෙර ලිපිය:

රිෂාඩ්ලට විරුද්ධව පෙරට එන්න: විමල්ගෙන් සහ ගම්මන්පිලගෙන් විපක්ෂයටත් අනතුරු ඇඟවීමක් (VIDEO) 

Facebook Comments

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *