චම්පික මීළග පිම්මටත් සූදානම්: ආණ්ඩුවෙන් ඉවතට?

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ආණ්ඩුවෙන් ඉවත් වීමේ සූදානමක් පවතින බව වාර්තා වනවා.

චම්පික රණවක ඇමතිවරයා 2015 යහපාලන ආණ්ඩුව ගොඩනැගීමට දායක වූ ප්‍රබල දේශපාලන චරිතයක් වන අතර පසුගිය ඔක්තෝම්බර් 26 දේශපාලන පෙරළියෙන් පසු නැවත එක්සත් ජාතික පෙරමුණේ ආණ්ඩුව ගෙන ඒම සඳහාද දැඩි වෙහෙසක් ගත් තැනැත්තෙක් ලෙසද මොහු  ප්‍රසිද්ධය.

2019 ජනාධිපතිවරනයේදී එක්සත් ජාතික පක්ෂ කදවුරේ පොදු අපේක්ෂකයා වීමේ උමතුවෙන් සිටි චම්පික ඇමතිවරයාට එජාපයේම පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් එල්ල වී තිබුණේ දැඩි විරෝධයකි.

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා එළැඹෙන ජනාධිපතිවරණයට තරග නොකරන්නේනම් සජිත් ප්‍රේමදාස මහතාට එම අවස්ථාව ලබාදිය යුතු බව එජාපයේ බහුතරයක් පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ අදහස වී තිබෙණවා.

2014 වසරේ ජනාධිපතිවරණය කැදවන තෙක් මහින්ද රාජපක්ෂ රජයේ කැබිනට් ධූරයක් දරමින් සිටි චම්පික ඇමතිවරයා සියළු වරදවල් රාජපක්ෂවරු මත පටවා පොදු අපේක්ෂක සිරිසේන මහතාට සහය දැක්වීමට ඉදිරිපත් වූයේ  “අපි දැන් සිංහයගේ ගල්ලෙන බින්දා” යනුවෙන් පවසමිනි.

ඒ වන තෙක් දොන් ජුවන් ධර්මපාල ලෙස චම්පික ඇමතිවරයාට පෙනුන රනිල් වික්‍රමසිංහ මහතා එතැන් සිට ඔහුට වීරයෙකු විය.

රාජපක්ෂ පවුලට පිළිගත හැකි ආකාරයේ චෝදනා වලට වඩා මොහු කළේ අභූත චෝදනාය.

ඒ සියල්ලක්ම කළේ ඔහුගේ අනාගත රජ වීමේ සිහිනය වෙනුවෙන්මය.

2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට මුස්ලිම් ඡන්ද 1% ක් වත් නොලැබී යාම වෙනුවෙන්ද චම්පික රණවක ඇමතිවරයා රාජපක්ෂ ආණ්ඩුවේ සිටිමින්ම සිදු කළ කාර්‍යබාරය ඉතා විශාලය.

චම්පික රණවක ඇමතිවරයා මහින්ද රාජපක්ෂ මහතාගේ මුස්ලිම් ඡන්ද මෙන්ම සිංහල බෞද්ධ ඡන්ද වලින් සැළකිය යුතු ප්‍රමාණයක්ද 2015 ජනාධිපතිවරණයේදී අහිමි කරන්නට සමත් විය.

සිරිසේන – රනිල් ආණ්ඩුවක් යටතේ ජාතික ආරක්ෂාව පිළිබදව වගකීම තමන් බාරගන්නවා යැයි කියමින් සිංහල ඡන්දදායකයන්ගේ බිය සැක තුරන් කරමින් සිරිසේන ජනාධිපතිවරයා වෙනුවෙන් කතිරය ගැසීමට පෙළඹවූ මොහු මේ වන විට පත්ව ඇත්තේ ගිලෙන නැවක සිටින මීයෙකුට අත්ව ඇති ඉරණමකටය.

පසුගිය 21 වැනිදා සිදූ වූ පාස්කු ප්‍රහාරයත් සමගින් වත්මන් ආණ්ඩුවට ඉතිරිව තිබූ අවසන් රෙදි කඳද බිමට වැටුණු අතර චම්පික ඇමතිවරයා සතු සුදු ඇදුම් එම නිරුවත වැසීම සදහා ප්‍රමාණවත් නොමැති බව ඔහුම තේරුම් ගෙන ඇත.

දැන් මොහුගේ අරමුණ වී ඇත්තේ සියළු චෝදනා ආණ්ඩුව මත පටවමින් ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන කණ්ඩායමක් ලෙස නැවතත් මහින්ද කදවුර සතු සිංහල බෞද්ධ ඡන්දදායකයින්ගෙන් සුළු කොටසක් හෝ තමන් වෙත නතු කරගැනීමය.

මීළග තීරණාත්මක ජනාධිපතිවරණයේදී චම්පික රණවක ඇමතිවරයා විපක්ෂයෙන් කඩා ගන්නා එම ඡන්ද ප්‍රමාණයත් සමගින් නැවතත් එක්සත් ජාතික පක්ෂය සමග එක්වීම ඔහුගේ සැළසුමයි.

2015 දී චම්පිකලාගේ කතා විශ්වාස කර පරිප්පු වෙනුවට බෝම්බම කෑ සිංහල ජනතාව නැවත වරක් රැවටීමට චම්පිකලාගේ සුදු ඇදුම හෝ උස ශරීරය ප්‍රමාණවත් නොවන බව අපගේ තක්සේරුවයි.

Facebook Comments

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *