වයඹ පළාතේ දේවස්ථාන, වෙළෙඳසල් හා නිවාසවලට පහරදීමේ සැලසුමක්

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

සංවිධානාත්මක කණ්ඩායම් විසින් කුලියාපිටිය, හෙට්ටිපොල, දුම්මලසූරිය, බිංගිරිය ප‍්‍රදේශවල මුස්ලිම් දේවස්ථාන, මුස්ලිම් ජාතිකයන්ට අයත් වෙළෙඳසල් නිවාසවලට ප‍්‍රහාර එල්ල කිරීමට සැලසුම් කර ගෙන සිටින බවට තොරතුරු පොලිසිය වෙත ලැබී තිබිණි. 

සංවිධානාත්මක කණ්ඩායම් විසින් මුස්ලිම් දේවස්ථාන වෙළෙඳසල් සහ නිවාස කීපයකට ප‍්‍රහාර එල්ල කර තිබූ බවද පොලිස් ආරංචි මාර්ග පැවසීය.

මේ අනුව ඊයේ දින වයඹ පළාතටම බලපාන පරිදි පැනවූ ඇදිරි නීතිය මේ වන තෙක් ඉවත් කර නොමැත.

අප වෙත වාර්තා වන්නේ පිට ප්‍රදේශවලින් පැමිණි පිරිස් මෙම ගැටුම් සංවිධානය කිරීම පිටුපස සිට ඇති බවයි.

Facebook Comments

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *