“දුවේ, පුතේ මේ රටට තවත් සිරියාවක්, ලිබියාවක් වෙන්න ඉඩ දෙන්න එපා”: විමල් හඬා වැටෙමින් තරුණ පරම්පරාවෙන් ඉල්ලයිVIDEO 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Prev1 of 1Next
Prev1 of 1Next

අමෙරිකාවේ න්‍යාය පත්‍රයට අනුව වත්මන් ආණ්ඩුව ශ්‍රී ලංකාව තවත් ලිබියාවක්, සිරියාවක් කිරීමට උත්සහ කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසනවා.

ඒ, ඊයේ (13) හිරු නාළිකාවේ පැවති “සළකුණ” දේශපාලන වැඩසටහටනට සහභාගී වෙමිනි.

රටේ අනාගතය ගැන කරුණු විග්‍රග කිරීමේදී වීරවංශ මහතා ඉතා සංවේදී වූ අතර තරුණ පරම්පරාවෙන් සහ දූ දරුවන්ගෙන් හඬමින් ඉල්ලා සිටියේ රට තුළ ජාතිවාදී ගැටුම් ඇතිවීමට ඉඩදී ශ්‍රී ලංකාව තවත් සිරියාවක් හෝ ලිබියාවක් වීමට ඉඩ නොදෙන ලෙසයි.

එසේ වුවහොත් රට නැවතත් ගොඩනැගිය නොහැකි බවත් අමෙරිකාවේ සැළසුමට අනුව බිද වට්ටන ලද සිරියාව සහ ලිබියාව මේ වන විට නැවත ගොඩනැගිය නොහැකි මට්ටමට විනාශ වී ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ නායකයා කරුණු සහිතව පැහැදිළි කළේය.

“රනිල් වික්‍රමසිංහට ඕන රට තුළ ජාතිවාදී ගැටුම් ඇති කරලා අමෙරිකානු හමුදා කදවුරු පිහිටුවන්න. අමෙරිකාව ලංකාවට ඇවිල්ලා හමුදා කදවුරු හදාගන්නවා. එතකොට අපිට ඒක පේන්නෙත් නෑ.

අපි ඉන්නේ මළ කදන් දිහා බලාගෙන. අපි ඉන්නේ මරාගැනිල්ල දිහා බලාගෙන. ඒ නිසා එතෙන්ටනම් මේ රට වැටෙන්න දෙන්න එපා.

වදින්නම්. මේ රටේ තරුණ පරම්පරාවට, දූ දරුවන්ට දණ ගහලා වැදලා කියන්නම් ඒ තැනටනම් මේ රට ගෙනියන්න එපා.

එතෙන්ට මේ රට ගෙනිච්චොත් අනාගතේ ඉවරයි. මේක තව සිරියාවක්, මේක තව ලිබියාවක් වෙයි. ඒ පාපකර්මය නම් කරන්න එපා.

එතකොට මේක විදේශිකයින්ගේ තිත්පොළ. ඊට පස්සේ ස්වදේශිකයෝ උන්ගේ වහලෙක්. ඒකට තමයි මෙ පනත් හදන්නේ. ඒකට තමයි ප්‍රතිත්‍රස්ත පනත ගේන්නේ.”

Facebook Comments

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *