විමර්ශන වලට බලවත් හස්තයකින් බාධා

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

අඩුම තරමින් රජයේ එක් කොටසකට හෝ, විශේෂයෙන්ම ජනපතිවරයා සමග සිටින කණ්ඩායමට, අප්‍රේල් මස 21 වැනිදා ප්‍රහාරයෙන් පසුව දැන් සියල්ල නැවත යථා තත්ත්වයට පත්ව ඇතැයි විශ්වාසයක් ඇතිව තිබෙන බව පෙනේ. මේ හමුවේ ඔවුන් අපමණ සැනසීමට පත්ව සිටින අතරම, තමන් ගැන පමණ ඉක්මවා තැබූ විශ්වාසයක් ඇතිව කටයුතු කිරීමට ද පෙළඹී සිටිති. 

ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය මනා සම්බන්ධීකරණයක් ඇතිව අයි.එස්. අන්තවාදීන්ගේ සහාය ලබන ත්‍රස්තයින් මර්දනය කිරිමට මෙහෙයුමක් ආරම්භ කර තිබේ. ස්වභාවයෙන් දරුණු මට්ටමේ සබදතා ජාලයක පසුපස සිටියවුන්ව, විදෙස් මුලාශ්‍රවල සහ අනන්‍යතාවට සඟවා ක්‍රියාත්මක වූවන්ගේ සහායෙන් ලත් මුල්‍ය සවියෙන් ඔවුන් කළ කී දැෑ, ආදිය ක්‍රම ක්‍රමයෙන් අනාවරණය වෙමින් තිබේ.

මෙය සැළකිය යුතු කාලයක් ගතවන ක්‍රියාවලියකි. දැනට විමර්ශනවල අවධානය යොමුව තිබෙන්නේ සිදුවූ සියලු දේ පසුපසින් පැවැති මෙහෙයුම්වල ක්‍රියාකාරීත්වය අනාවරණය කරගැනීමට පමණකි. ප්‍රධාන සැකකරුවන්ට කුමක් සිදුවී ද?, මෙම සිදුවීමට හවුල්වූවන් ආරක්ෂා කළ, ආධාර අනුබල දුන්, ඔවුන් වෙනුවෙන් අරමුදල් සපයා දුන්, රජයේ දේශපාලඥයින් ඇතුලු දේශපාලන මහමොළකරුවන් කවුරුන් ද?, යන කරුණු සම්බන්ධයෙන් මේ දක්වාම අවධානයක් යොමුව නොමැති අතර, විමර්ශනයක් හෝ ආරම්භ කර නොමැත. බලවත් හස්තයන් එවැනි ක්‍රියාමාර්ගයන් වළක්වමින් සිටින බව රහසක් නොවේ.

ඉතාම සියුම්ව සහ සැළකිලිමත්ව දියත් කර තිබෙන බව පෙනෙන මරාගෙන මැරෙන බෝම්බකරුවන් බඳවා ගැනීමේ සහ මරාගෙන මැරෙන ප්‍රහාරයන් සදහා ඔවුන්ව මානසිකව සූදානම් කිරීමේ ක්‍රියාවලියට විදෙස් දායකත්වය සහ නායකත්වය ලබාදීම සිදුව තිබෙන්නේ කොපමණ මට්ටමකින් ද? ලොව ඉතාම බලවත් හමුදාවන් සමග පවා, එක්සත් ජනපදය ද ඇතුළත්ව, සටන් වැද ඔවුන්ට ද අභියෝගයක් එල්ල කළ අන්තර්ජාතික තලයේ ත්‍රස්ත කණ්ඩායමක අනුබලයෙන් උපන් ත්‍රස්තවාදයේ තර්ජනය, මෙරට ත්‍රස්ත ප්‍රහාරයක් දියත් කිරීමට තරම් ප්‍රබල ත්‍රස්ත යාන්ත්‍රණයක් ගොඩනංවා, එම එක් ප්‍රහාරයකින් පසුව සම්පූර්ණයෙන්ම තටු හකුලාගෙන අක්‍රියවනු ඇති ද? බෝම්බ නිෂ්පාදනය කර තිබෙන වැල්ලම්පිටිය තඹ කම්හලේ එම අදාළ පුද්ගලයින් හදුනාගෙන තිබේ ද? විශ්‍රාමික බුද්ධි අංශ නිලධාරියකු මාර්ගයෙන් ඔවුන් සිය ආරක්ෂාව සළසාගෙන ඇත්තේ ද?

පොලිසියට කැප නොවන තරම් වන නොසැළකිලිමත්කමක් නිසා එම තඹ කම්හලේ සේවය කළැයි අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් 9 දෙනෙකුට ඇප ලබාදුන්නේ කෙසේදැයි, දැන් පොලිසියම විමර්ශන පවත්වමින් සිටී. මෙවන් හාස්‍යජනක ජවනිකා පසුගිය සතිය පුරාම දැකගත හැකිවූ අතර, එක්තරා පුද්ගලයෙක් ආරක්ෂිත කබායක් ටී ෂර්ටයකට පිටින් ඇගලාගෙන සිටියේයැයි ඔහුව බෝම්බකරුවකු යැයි හදුනාගැනීම, ඇතැම් ප්‍රදේශවල තිබෙන හිස් ඉඩම් පුහුණු කදවුරු යැයි හදුන්වාදීම, ඒවායින් ඇතැමෙකට උදාහරණයන්ය. වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා සිය දෙපාර්තමෙන්තුවේ විශ්වසනීයත්වය ගැන වහාම අවධානය යොමුකළ යුතුව තිබේ. 

සංහාරයෙන් පසුව ත්‍රිවිධ හමුදාව පමණක් නොව පොලිසිය ද වහාම ක්‍රියාත්මක වීමට පින්සිදුවන්නට, අද වන විට ජනතාව අතර යම් විශ්වාසයක් ගොඩනැගී තිබේ. ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් තිබීමට හේතු වී තිබෙන්නේ ඔවුන්ගේ එම කටයුතු වන අතර, ව්‍යාපාර කටයුතු නැවත ආරම්භ වීමට, කාර්යාල නැවත විවෘත වීමට, බැංකුවලට සුපුරුදු පරිදි ගනුදෙනුවල නිරතවීමට පමණක් නොව, දේශපාඥයින්ට අන්තර්ජාතික ත්‍රස්තවාදය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක සහ බොහෝවිට සැබෑ තොරතුරු නොදැන ප්‍රකාශයන් නිකුත් කිරීමට අවශ්‍ය වාතාවරණය සකසා දීමටත්, හේතුවී තිබෙන්නේ ඒවාය. නමුත් ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් හෝ වැඩබලන පොලිස්පතිවරයා හෝ, සියල්ල සාමාන්‍ය තත්ත්වයට පත්ව තිබෙන බවට සහ ශ්‍රී ලංකාවේ අයි.එස්. ත්‍රස්තවාදය දැන් අතීතයට අයත් දෙයක් බවට මෙතෙක් ප්‍රකාශයක් නිකුත් කර නැත. එවැන්නක් සිදුකිරීමට තරම් තත්ත්වයක් තවමත් නොමැති බව ඔව්හු දනිති.

අප්‍රේල් 21 වැනිදා ප්‍රහාරයෙන් පසුව මේ දක්වාම ක්‍රියාත්මක ත්‍රස්ත මර්දන මෙහෙයුම්වල පෙරමුණෙන්ම සිටින්නේ ශ්‍රී ලංකා යුද හමුදාවයි. හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියාල් ද සිල්වා, ගුවන් හමුදාපති චීෆ් එයාර් මාර්ෂල් කපිල ජයම්පති සහ වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න යන මහත්වරු හා එක්ව පසුගිය දින කිහිපය පුරාම නිදිවරාගෙන එම මෙහෙයුම් සැළසුම් කිරීමේ නිරතව සිටියහ. 

දශක තුනක බෙදුම්වාදී ත්‍රස්තවාදයකින් බැට කෑ ශ්‍රී ලංකාවට මෙම නව ත්‍රස්තවාදය අලුත් දෙයක් නොවේ. එදා, ශ්‍රී ලංකාව වෙළාගෙන තිබුනේ අයි.එස් හිතවාදී ත්‍රස්තයින්ට වඩා සංවිධානාත්මක ත්‍රස්ත කණ්ඩායමක භීතියයි. 

ප්‍රබල ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසුව මෙහෙයුම් කටයුතුවලට විරාමයක් ලබා දීම ගරිල්ලා කණ්ඩායම්වල සාමාන්‍ය ස්වභාවය වන අතර, එම විරාමය අතරතුර ගෙවෙන කාලය ආරක්ෂක අංශවල බලය හා ශක්තිය උපරිම වශයෙන් පවත්වා ගැනෙන, සෝදිසි කිරීම් ඉතාම ඉහළම සහ පූර්ණ මට්ටමින් දියත් කැරෙන, අවධියක් බව ඔවුන් දනී. නැවත ප්‍රහාරයක් එල්ල කිරීම සදහා ඔවුන් තෝරාගන්නේ, කාලය ගතවීමත් සමග මෙම ආරක්ෂක විධිවිධානයන් ක්‍රමයෙන් පහත වැටී, අවම මට්ටමකට පත්වන අවස්ථාවය. භූවිෂමතාව අනුව සැළකූ විට, කොටි සංවිධානයේ ගරිල්ලා ත්‍රස්තවාදය කේන්ද්‍ර වී තිබුණේ, නිජභූමිය ලෙස ඔවුන්ම හදුන්වාගත් උතුරු හා නැගෙනහිර ප්‍රදේශවලය. විටින් විට හෝ තෝරාගත් ඉලක්ක ගණනාවක් වෙත එකවර ක්ෂණිකව ප්‍රහාර එල්ල කිරීමේ පිළිවෙතක් ඔවුනට නොතිබිණ. අයිඑස් සහාය ලැබූ ත්‍රස්තයින් ගත්විට, අප්‍රේල් 21 වැනිදා ස්ථාන 6කට එල්ල වූ ප්‍රහාර සැළකීමේ දී නම්, ඔවුන්ට පුලුල් ජාලයක් පැවත තිබෙන බවට ඉගි පළවේ.

මෙම තත්ත්වය යටතේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා කොළඹ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට ආයතනයන්වල ප්‍රධානීන් අමතමින් දැක්වූ අදහස් ඉතාම බරපතල ලෙස සැළකිල්ලට ගත යුතුය.

ත්‍රස්ත සැකකරුවන් 95්‍ර ක් පමණම මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා හෝ හදුනාගෙන තිබෙනවා. අත්අඩංගුවට ගැනීමට තිබෙන්නේ තවත් සැකකරුවන් දෙදෙනෙක් හෝ තිදෙනෙක් පමණයි. ඔහු පැවසුවේය.

අන්තර්ජාතික විමර්ශන ආයතනවලින් ද ලැබෙන සහයෙන් මෙම තර්ජනය කඩිනමින් මැඬපැවැත්විය හැකි බවට දැඩි විශ්වාසයක් තමන්ට තිබෙන බව ද ජනපතිවරයා කීවේය. එම නිසා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් පනවා තිබෙන අනතුරු ඇගවීම් ඉවත් කරගන්නා ලෙස ඔහු සුපුරුදු පරිදි එම රාජ්‍යතාන්ත්‍රිකයන්ගෙන් ඉල්ලා සිටියේය. පවත්නා වාතාවරණය යටතේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීමට ඔවුන්ගේම යැයි මාර්ග සහ ඔවුන්ගේම බුද්ධි තොරතුරු සතුව ඇති විදෙස් රටවලට, එවැනි නිවේදනයන් නිකුත් කිරීමේ පූර්ණ අයිතියක් ඇත.

ජනපති සිරිසේන මහතා දැක්වූ අදහස් සත්‍ය යැයි සැළකුවහොත්, අත්අඩංගුවට ගැනීමට තවත් ඉතිරිව තිබෙන්නේ  5්‍ර ක පමණ අයිඑස් ත්‍රස්තයින් පිරිසකි. පසුව ජනපතිවරයාම අත්අඩංගුවට ගෙන තිබෙන ත්‍රස්තයින් ප්‍රමාණය සියයට 99්‍ර ක් දක්වාම ඉහළ නැංවූ අතර, ඒ අනුව තවත් ඉතිරිව සිටින්නේ 1්‍ර ක පමණ ගොගිණිය හැකි තරමේ සුලු පිරිසකි. ඔහු මෙම අදහස් දැක්වූයේ පසුගියදා පාර්ලිමේන්තුව ඇමතූ අවස්ථාවේදීය. 

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින පුද්ගලයින්ගේ නම් ගෙනහැර දක්වමින් පැහැදිලි කිරීමක නිරත විය. 

ශ්‍රී ලංකාවේ තායි තානාතිපතිනී චුලාමනී චාර්ට්සුවන් එම පුද්ගලයින්ගේ නම් ලැයිස්තුවක් තමන්ට ලබාගත හැකිදැයි විමසා සිටි අතර, එම ලැයිස්තුවේ සදහන් පුද්ගලයින් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සදහා සිය රජය දැනුම්වත් කිරීම ඇයගේ අවශ්‍යතාවය විය. එයට එකගත්වය පළකළ ජනපතිවරයා, නම් ලැයිස්තුව ඇය වෙත පෞද්ගලිකව ලබාදිය හැකි බව පැවසුවේය. 

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයකු සන්ඬේ ටයිම්ස් හා අදහස් දක්වමින්, පකිස්තානයේ සිට මෙරටට පැමිණ එක්සත් ජාතීන්ගේ සරණගාතයින් සම්බන්ධයෙන් වන ආයතනය හරහා සරණාගතභාවය ලබාගැනීමට වෑයම් කරමින් සිටින අහමඞ්, මුස්ලිම් සරණාගතයින්ගෙන් කොටසක් භාරගැනීමට ඇතැම් රටවල් ජනපති සිරිසේන මහතා සමග පැවැති හමුවේ දී කැමැත්ත පළකළ බව පැවසුවේය. පහර කෑමට ලක්වේයැයි බියෙන් ඔවුන් මේ වන විට මීගමුව ප්‍රදේශයේ සිය වාසස්ථාන අතහැර පළාගොස් තිබේ. ඇතැමෙක් මීගමුව පොලිස් ස්ථානය ආසන්නයේ ගරාජයක රැදී සිටී. එසේ කැමැත්ත පළකළ රටවල් ඇය අනාවරණය නොකළ අතර, ඊට අදාළ කටයුතු තවමත් අවසන්ව නොමැති බව පමණක් වැඩිදුරටත් පැවසුවා ය.

අවාසනාවකට මෙන් ශ්‍රී ලංකාව සහ ශ්‍රී ලාංකීය ජනතාව, සියල්ල නැවත සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇතැයි කියමින් අස්වැසීමට තැත් කරන්නේ ජනපති සිරිසේන මහතා පමණකි. 

සියල්ල සාමාන්‍ය තත්ත්වයට පත්වනු දැකීමට ඔහුට තිබෙන වුවමනාව තේරුම්ගත හැකිය. නමුත් එයින් ලැබෙන්නේ වැරදි පණිවුඩයකි. පවුලේ අය කොතෙක් ඉල්ලා සිටියද, සිය පුත් දහම් සිරිසේනගේ විවාහ මංගල උත්සවය කල්දැමීම ජනපතිවරයා තරයේම ප්‍රතික්ෂේප කළ අතර එසේ කළහොත් රට නැවත සාමාන්‍ය අතට පත්ව නැතැයි ලොවටම පණිවුඩයක් ලැබෙනු ඇති බව ඔහුගේ තර්කය විය. 

පවුලේ සාමාජිකයන්, මිතුරන් සහ මෙරට ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරිකයන් හැරෙන්නට දේශපාලඥයින් කිසිවෙකුට දහම්ගේ විවාහ උත්සවයට ආරාධනා කර නොතිබිණ. හැරී ජයවර්ධන, ධම්මික පෙරේරා, සුමල් පෙරේරා, රාජා මහේන්ද්‍රන් සහ අශෝක් පතිරගේ වැන්නෝ පැමිණ සිටි ව්‍යාපාරිකයෝ අතර වූහ. විවාහ උත්සවය මුලින්ම පැවැත්වීමට නියමිතව තිබූයේ ෂැන්ග්‍රිලා හෝටලයේය. පසුගිය මැයි 6 වැනිදා ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාව සමග පැවැති හමුවෙන් පසුව ජනපතිවරයා හමුවීමට පැමිණි ෂැන්ග්‍රිලා හෝටල කළමණාකාරීත්වය, විවාහ උත්සවය සිය හෝටලයේ පැවැත්වීමට නොහැකිවීම සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටි අතර, සූදානම්වීම සදහා මදක් කාලය ලබාදෙන ලෙසට ජනපතිවරයාට ඉල්ලීමක් ද ඉදිරිපත් කළේ ය.

මේ හමුවේ දහම්ගේ විවාහ උත්සවය පැවැත්වුනේ කොළඹ හිල්ටන් හෝටලයේය. එදින හිල්ටන් හෝටලය බලකොටුවක ස්වරූපය ගත් අතර සිය ගණනක් ආරක්ෂකයෝ එය වටකර සිටියහ. හෝටලයට පැමිණි අමුත්තෝ ඉතාම දැඩි ලෙස පරීක්ෂාවට ලක් කැරිණ. මාර්ග වසා තැබිණ. ඇතැම් ප්‍රදේශවල බස් රථ එක පෙළට නවත්වා තිබුණේ බිත්තියක් තැනෙන පරිද්දෙන්ය.

ජනපතිවරයාගේ ආණ්ඩු සගයා වන එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ පවසන්නේ අයිඑස් වියරුව සිතන තරම් ඉක්මනින් අවසන් නොවනු ඇති බවය. රජයේ අමාත්‍යවරු බොහෝ දෙනෙක් තවමත් ජනපතිවරයාට දොස් පවරමින් සිටින්නේ කල්තියා නිකුත් කැරුණු අනතුරු ඇගවීම නොසළකා හැරි බවට චෝදනා කරමිනි. ජනපතිවරයා පවසන්නේ ඒ සම්බන්ධයෙන් තමා නොදැන සිටි බවය. පසුගිය සිකුරාදා පැවැති ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමට අගමැතිවරයාට ද ආරාධනා කර තිබුණද, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එයට සහභාගී නොවූයේ ය. අද වන විට සතියකට තෙවතාවක් පමණවත් ආරක්ෂක කවුන්සිලයේ රැස්වීම් පැවැත්වේ.

Facebook Comments

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *