අරලියගහ මැඳුරේ මඟුල් ගෙදරට විපක්ෂයේ මන්ත‍්‍රීවරු නොයති: ගෙවුණ සතියේ රජ රහස්

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

රටම ආපස්සට හැර වූ පාස්කු ඉරිදා ප‍්‍රහාරය එල්ල වී සති දෙකක්ම ඉතා වේගයෙන් ගෙවී ගියේය. එහෙත් රටේ තත්ත්වය සාමාන්‍ය අතට පත්වූයේ නැත.

පොලිසිය, විශේෂ කාර්ය බළකාය හා ත‍්‍රිවිධ හමුදාව සහභාගී වී උපරිමයෙන් ආරක්ෂක තත්ත්වය සතුටුදායක අතට ගෙන ඒමට දිවා රැයේ වෙහෙසුනත් ආරක්ෂක තත්ත්වය ද සාමාන්‍ය අතට පත් නොවිණි. ඊට හේතුව සෑම දිනකම කොහේ හෝ තැනක දෙකක පරීක්ෂණ තුළින් ත‍්‍රස්තවාදීන්ගේ මහා පරිමාණ අපරාධ ක‍්‍රියාකාරකම් පිළිබඳව සාක්ෂි සාධක හා සැලසුම් හෙළිදරව් වීම නිසාය. ඒ තුළින් තහවුරු වූ ප‍්‍රබලම කාරණාව වූයේ මුස්ලිම් අන්තවාදීන් විසින් සැලසුම් කරන ලද අපරාධවලින් මේ වන විට අවසන් ව ක‍්‍රියාත්මක වී ඇත්තේ සිදුවීම් අල්ප මාත‍්‍රයක් පමණක් බවය. මීට වඩා අපරාධ සංඛ්‍යාවක් ඉදිරියේදී රට තුළ සිදුවිය හැකි බවට සම්භාවිතාවක් දනවන තොරතුරු ඒ සෑම තැනකින්ම සොයා ගැනීම නිසා රට තුළ ඉදිරි ආරක්ෂාව සම්බන්ධයෙන් ලොකු විචිකිච්ඡුාවක් නිර්මාණය විය. රටේ ජනතාවගේ කුමක් හෝ වාසනාවකට එම සැලසුම්වලින් සැලකිය යුතු ප‍්‍රමාණයක් ක‍්‍රියාත්මක කිරීමට පෙර ආරක්ෂක අංශවල නිරීක්ෂණවලට හසුවිය. එහෙත් ගැටලූවක් ව තිබුණේ තවත් කොපමණ ප‍්‍රමාණයක් සැලසුම් මෙසේ කරන්නට ඉතිරි වී තිබේද යන්න පිළිබඳව හරිහමන් තක්සේරුවකට පැමිණීමට කිසිවෙකුටත් නොහැකි වීම ය.

ආරක්ෂක තත්ත්වය එසේ තිබියදී රටේ සමස්ත ජන ජීවිතයද සාමාන්‍ය අතට පත්වෙමින් තිබුණේ මන්දගාමීවය. පසුගිය සතිය ආරම්භයේදී දින ගණනාවක් ගෙවල්වලටම සීමා වී සිටි වැඩකරන ජනතාව ගෙවල් දොරවල්වලින් එළිපහළියට බැස්සත් ඔවුන්ගේ රාජකාරි කටයුතු හා රැකී රක්ෂා කටයුතු සාමාන්‍ය අතට පත්ව ඇති බවක් නොපෙනුණි. මෙයින් වඩාත්ම කරදරයට හිරිහැරයට පත් ව සිටියේ එදා වේල සරිකර ගෙන ජීවත්වන ජීවන වෘත්තීන්හි නිරත වී සිටි ජනතාවයි. රටේ ඉදි කිරීම් ක්ෂේත‍්‍රවල, කුඩා පරිමාණ වෙළෙඳ ක්ෂේත‍්‍රවල, ස්වයං රැකියාවල, කුඩා කර්මාන්තවල, ජනතා උපකාරක සේවාවන්වල මෙන්ම සංචාරක හා ඇඟලූම් ක්‍ෂේත‍්‍රවල, සුළු පරිමාණ ශ‍්‍රමිකයන්ගේ කඩාවැටීම සමාජයට ප‍්‍රබලව බලපාන්නට වූයේ අද සමාජයේ නාගරිකව හා අර්ධ නාගරිකව ජීවත්වන ජනතාවගෙන් බහුතරයකගේ ජීවන මාර්ග එම කුලකය ඔස්සේ වැටී ඇති නිසාය. මෙනයින් බලන කල සමාජය පසුගිය සති දෙක තුළ මුහුණ දුන් අර්බුදය මුළු රටටම සුළුපටු වූයේ නැත.

අර්බුදයේ තරම විශාල වන තරමටම ජනතාව අතරින් වර්තමානයේ රජය වෙත එල්ල වන විරෝධයේ ප‍්‍රමාණය ද අති විශාල විය. පසුගිය සති දෙක තුළ ජීවත්වීම අසීරු වීම නිසා පොදුවේ මහජනතාවගෙන් එල්ලවන විරෝධය දෙයාකාර විය. පිරිසකගේ විරෝධයට හේතු කාරක වූයේ ජනාධිපතිවරයා ප‍්‍රමුඛ ආරක්ෂක ප‍්‍රධානීන් රටේ ආරක්ෂාව පිළිබඳ මෙකී ආසන්න අවස්ථාවේ දක්වන ලද උදාසීනත්වය යි. ඊටත් වඩා ප‍්‍රබලව අනෙක් පිරිසගේ විරෝධයට ඉලක්ක වූයේ අගමැතිවරයා ප‍්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවයි. යම් යම් බුද්ධි අංශ ආරංචි මාර්ග ඔස්සේ මෙම ව්‍යසනය පිළිබඳව රතු නිවේදන පැමිණ තිබියදීත් ඒ කිසිවක් සැලකිල්ලට නොගෙන ජනතාව පිළිබඳ අපරික්ෂාකාරීව තමන්ගේ ආරක්ෂාව ගැන පමණක් සැලකිලිමත් වීම ගැන පොදු ජනතාවගෙන් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට හා එහි ප‍්‍රධානීන්ට එල්ල වූ පිළිකුල හා විරෝධය සුළුපටු වූයේ නැත. පසුගිය සතිය ගෙවී යමින් තිබුණේ ජනතාවගේ සිතුම් පැතුම් මේ අයුරින් ආණ්ඩු පක්ෂය හා ආණ්ඩුවේ පාලකයන් කෙරෙහි ඉතා නරක අයුරින් බලපා තිබූ වාතාවරණයකයි. 

අර්බුදයෙන් ගොඩ එන්නට 
එජාපය පිළියම් සොයයි…

එක්සත් ජාතික පක්ෂය මෙම අවස්ථාවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් මහත් උභතෝකෝටික ප‍්‍රශ්න රාශියකට මුහුණ පෑවේය. එක් පැත්තකින් රටේ ආරක්ෂාව වල් වදින්නට ඉඩ දුන්නේ යැයි ආණ්ඩුවේ නායකයා වන ජනාධිපතිවරයාගේ විවේචනයට පාත‍්‍ර වූයේ ද එජාපයයි. තවත් පැත්තකින් එම චෝදනාව ම මහජනතාව ද නගන්නට පටන් ගත්හ. මහින්ද රාජපක්ෂ ප‍්‍රමුඛ රාජපක්ෂ පවුලේ හා විපක්ෂයේ පොදු චෝදනාව වූයේ ද එයයි. පාස්කු ඉරිදා ඛේදවාචකයෙන් පසුව ශ‍්‍රී ලංකාවේ කතෝලික ප‍්‍රජාවේ විවේචනය ද එලෙසම රජයේ රනිල් පාර්ශ්වය වෙත එල්ල වන්නට වූහ. 

එම චෝදනා සියල්ල දේශපාලනිකව ගත් කල එක්සත් ජාතික පක්ෂයට බරපතළ පාඩුවක් දනවන කාරණාවක් විය. සමහර විවේචකයින් පෙන්වා දුන්නේ රජය ආරක්ෂාව සම්බන්ධයෙන් පමණක් නොව, ආර්ථික සමාජ සංස්කෘතික හා දේශපාලන අංශවලින් ද මේ වනවිට බරපතළ පසුබෑමකට ලක්ව ඇති බවකි. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රධානියෝ හා ආරක්ෂකයෝ පසුගිය සතිඅන්තයේ සැලසුම් සකස් කළේ මේ විපතින් පක්ෂය හා නායකත්වය බේරාගන්නේ කෙසේ ද කියාය.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මෙම ව්‍යසනකාරී අවස්ථාවේදී කාගේත් අවධානය දිනාගත් ප‍්‍රබලම දේශපාලනඥයා බවට පත්විය. ඔහු සිය දේශපාලන පරිණතභාවය පෙන්වමින් ව්‍යසනය සිදු වූ අවස්ථාවෙම නායකත්වයේ ගති ලක්ෂණ පෙන්නුම් කරන්නට පටන් ගත්තේය. ආරක්ෂක අංශවල ආරක්ෂක විධිවිධාන පවා නොතකමින් ඔහු විපතට පත් ස්ථානවලට ගියේය. ජනතාව මුණ ගැසී ඔවුන්ගේ දුකට ඇහුම්කන් දෙන්නට පියවර ගත්තේය. අවශ්‍ය රාජ්‍ය නිලධාරීන් හා රාජ්‍ය නායකයන් හමුවෙමින් හා ඔවුන් හා කතා බහ කරමින් සම්බන්ධීකරණය කරමින් ආරක්ෂක විධිවිධාන පිළිබඳ සොයා බැලීය. පක්ෂ භේදයකින් තොරව පවත්වනු ලැබූ සියලූම සාකච්ඡුාවලට කොන්දේසි විරහිතව සහභාගි වූයේය. කොටින්ම ජනතාවට දැනෙන ලෙස සෑම තැනකටම යමින් එමින් කළ යුතු දෑ කළේය. ඒ ආකාරයටම මහින්ද රාජපක්ෂ යනු ඉතා හොඳින් ජනතාවගේ නාඩි අල්ලන්නට සමත් දේශපාලනඥයකු බව ඔප්පු කරමින් මෙතෙක් දිනක් මහින්ද දකින දකින තැන ඔහුට බැණ වැදෙන්නට පෙළඹෙන පුද්ගලයකු වන සරත් ෆොන්සේකාව ද තම වසඟයට ගන්නට සමත් වූයේය. ඒ සම්බන්ධයෙන් මහින්ද දැඩි කැපකිරීමක් කළේ නැත…. යමෙකු අගය කළ යුතු විශේෂ තැනක දී මේ රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සරත් ෆොන්සේකා සතු පරිණතභාවය, කැපකිරීම මෙන්ම උපායශීලිත්වය විදහා පාමින් වචන කිහිපයකින් පමණක් ඔහුගේ අතීත සේවාව නිර්ලෝභීව අගය කළේය. සරත් ෆොන්සේකා දේශපාලනඥයකුගේ මානසිකත්වයෙන් ඉවත්වී හමුදා සෙබළකුගේ මානසිකත්වයෙන් රටේ ආරක්ෂාව පිළිබඳ බලන්නට පටන් ගත්තේ එතැන් සිටය. 

මේ සියල්ල නිසා දේශපාලනිකව ලකුණු එක්රැස් වූයේ මහින්ද රාජපක්ෂට හා ගෝඨාභය රාජපක්ෂට ය. බලා සිටියදී එක්සත් ජාතික පක්ෂයේ ජනප‍්‍රියත්වය හීන වන්නට පටන් ගත් අතර ගෝඨාභය මහින්ද ප‍්‍රමුඛ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනප‍්‍රියත්වය ඉහළ යන්නට පටන් ගත් බව පෙනෙන්නට තිබිණි. ඉතා පැරණි සාම්ප‍්‍රදායික හා පාරම්පරික එක්සත් ජාතික පාක්ෂිකයෝ පවා එක්සත් ජාතික පක්ෂයේ වර්තමාන නායකත්වයට හා ක‍්‍රියාකාරීත්වයට දොස් නගන්නට පටන් ගත්හ.

පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු රට තුළ ඇතිවෙමින් පවතින දේශපාලනික සාමාජික හා සංස්කෘතික වෙනස්කම් පිළිබඳව අවබෝධ කරගත් එක්සත් ජාතික පක්ෂය පසුගිය සති අන්තයේ විශේෂයෙන් එක්රැස්වී ඒ ගැන සාකච්ඡුා කරන්නට පටන් ගත්හ. රාජපක්ෂ කල්ලියට වාසිදායක ලෙස රටේ හැසිරෙන ජනමතය පාලනය කරන්නට ක‍්‍රමවේද සකසන්නේ කෙසේද යන කාරණාව මොවුන් පුළුල් ලෙස සාකච්ඡුාවට බඳුන් කළහ.

ඒකාබද්ධ මෙහෙයුමක්
පක්ෂ බෙදා හදාගෙන…

පාස්කු ව්‍යසනය සිදු වූවාට පසුව දේශපාලනඥයින්ට උපදෙස් දෙන මේ රටේ මහා සංඝරත්නය හා ආගමික පූජකවරුන් රටට කීවේ දැන්වත් රටේ දේශපාලන පක්ෂ නායකයෝ වාද භේද හැර දමා එකතු වී එකට සිට රට වෙනුවෙන් ගත යුතු තීන්දු තීරණ ගෙන පොදුවේ ඒවා ක‍්‍රියාත්මක කරන්නට වෙහෙසෙන්නට කියාය. මුල් දිනවල ඒ සඳහා ලොකු සූදානමක් සෑම දේශපාලන පක්ෂයකම තිබෙන බව පෙනෙන්නට තිබිණි. එහෙත් ඒ සමගිය වැඩි දිනක් තිබුණේ නැත. තවුහිද් ජමාත් සංවිධානය පෝෂණය කරන්නට ආධාර කළ හා නායකත්වය සැපයූ මෙන්ම ඇප කැප වූ මුස්ලිම් දේශපාලන පක්ෂවල නායකයන් පිළිබඳ ටිකෙන් ටික තොරතුරු හෙළිදරව් වන්නට පටන් ගැනීමත් සමග ම සමාජය මහත් කැළඹීමකට ලක් වූයේය. රිෂාඞ් බදුර්දීන්, මුස්ලිම් කටයුතු පිළිබඳ අමාත්‍ය හලීම්, නැගෙනහිර පළාත් මහ ඇමැති හිස්බුල්ලා, කොළඹ දිස්ත‍්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහුමාන් ආදීන් මේ තව්හීද් ජමාත් සංවිධානයට ගොඩනැගෙන්නට උදව් උපකාර කර ඇති අන්දම ආරක්ෂක හමුදා ක‍්‍රියාකාරකම් හමුවේ දවසින් දවසම හෙළිදරව් වන්නට විය. මේ අතර කල්මුණේදී බෝම්බ පුපුරවා ගැනීම හේතුවෙන් රෝහල් ගත කර සිටින, හෂීම් සහරාන්ගේ බිරිඳ සහ දරුවාගේ සුවදුක් බැලීම සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහොමඞ් මන්සූර් මහතා අම්පාර රෝහල වෙත ගොස් ඇති බවට ද කරුණු වාර්තා විය. 

මේ සෑම තැනකින්ම එක්සත් ජාතික පක්ෂයේ යම් යම් නායකයෝ මෙම තවුහිද් ජමාත් සංවිධානය සමග යම් යම් ප‍්‍රමාණවලින් ගනුදෙනු කර ඇති ආකාරය පිළිබඳව කරුණු හෙළිදරව් විය. සමහර ඇමැතිවරු මෙම සංවිධානයට හා සංවිධානයේ කටයුතුවලට රාජ්‍ය දේපළ පවා පවරා දෙමින් උදව් උපකාර කළ ආකාරය ද හෙළිදරව් විය. විශේෂයෙන්ම රිෂාද් බදුර්දීන්, මුස්ලිම් කටයුතු අමාත්‍ය හලීම් ආදීන් මෙම සංවිධානයට උදව් උපකාර කර ඇති අන්දම ආරක්ෂක හමුදා පරීක්ෂණ හමුවේ රටට පැහැදිලි විය. 

තිනියාවේ පාලිත හිමි යනු එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ මේ රටේ සුප‍්‍රකට ස්වාමීන් වහන්සේ නමක් බව නොදන්නා කෙනෙක් නැති තරම්ය. එක්සත් ජාතික භික්ෂු පෙරමුණේ ලේකම්වරයා වන උන්වහන්සේ ප‍්‍රසිද්ධියේම බැණවදිමින් කියා සිටියේ මෙම ත‍්‍රස්තවාදී කටයුතුවලට සෘජුවම රිෂාද් බදුර්දීන් ඇමැතිවරයා සම්බන්ධ නිසා රජය වහාම ඔහුව අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කළ යුතු බවයි. එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ බොහෝ ගිහි පැවිදි උගතුන් ගේ මතය ද එයම විය. මේ නිසා පක්ෂ නායකත්වයට මෙම ප‍්‍රශ්නය ගොඩින් බේරා ගැනීම පහසු වූයේ නැත….

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ තරුණ ඇමැතිවරු හා තරුණ මන්ත‍්‍රීවරු කණ්ඩායමක් තම පක්ෂය වෙත නැගෙන මේ චෝදනා සියල්ල අනිත් පැත්තට හරවා ගෝඨාභය රාජපක්ෂට හා ඔවුන්ගේ කල්ලියට එල්ල කරන්නට සූක්ෂම වැඩ පිළිවෙළක් සංවිධානය කළේය. 

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මේ අතර සියලූ ව්‍යසනවල වගකීම් පරීක්ෂාකොට සිදු වූයේ කුමක්දැයි සොයා බැලීම සඳහා විශේෂ ජනාධිපති කොමිසමක් පත් කළේය. ඒ අතරතුර වර්තමාන ව්‍යසනයට ආසන්නම වැරදිකරුවන් ලෙස සමාජයේ ඇඟිල්ල දිගු වූ පුද්ගලයින් දෙදෙනකු තනතුරුවලින් ඉවත් කරන්නට ද තීරණය කළේය. ඒ අනුව හිටපු ආරක්ෂක ලේකම්වරයා වන හේමසිරි ප‍්‍රනාන්දු ඉවත් කර ඒ වෙනුවට හිටපු හමුදාපතිවරයකු වන ශාන්ත කෝට්ටෙගොඩ මහතා පත් කරනු ලැබීය. ඒ හා සමගම ආන්දෝලනාත්මක පොලිස්පතිවරයා ලෙස සැලකුණු පූජිත ජයසුන්දර මහතා ඉවත් කොට නියෝජ්‍ය පොලිස්පති චන්දන වික‍්‍රමරත්න මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කළේය…. එම ප‍්‍රශ්නය සරලව විසඳා ගත්තේ එසේ වුවත් ජනාධිපති කොමිසමේ පරීක්ෂණය ඉන් එහාට තව තවත් ඈතට දිවෙන බව පෙනෙන්නට තිබිණි. 

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ තරුණ මන්ත‍්‍රී මන්ත‍්‍රීවරුන්ට හා පරිණත දේශපාලනඥයෝ ව්‍යසනයේ සියලූ වැරදි ජනාධිපතිවරයා පිට පටවන ක‍්‍රියාන්විතය හමාර කළේය. ඒ වෙනුවට ඔවුන් අලූත් ක‍්‍රියාන්විතය පටන් ගත්තේය. පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ වගකීම් සියල්ල තවුහිද් ජමාත් සංවිධානය විසින් දැරිය යුතු බව ඔවුන් ප‍්‍රකාශ කරමින් තවුහිද් ජමාත් සංවිධානය බිහි කිරීම සම්බන්ධයෙන් ද අදහස් ප‍්‍රකාශ කරන්නට පටන් ගත්හ. එක්සත් ජාතික පක්ෂයේ තුෂාර ඉඳුනිල් හා නලින් පෙරේරා වැනි මන්ත‍්‍රීවරු ප‍්‍රසිද්ධ පුවත්පත් සාකච්ඡුාවලදී ප‍්‍රකාශ කරන්නට වූයේ තවුහිද් ජමාත් සංවිධානය යනු ගෝඨාභය රාජපක්ෂලා ඇති දැඩි කර සංවිධානය කරන ලද මුස්ලිම් අන්තවාදී සංවිධානයක් බවය. එබැවින් මෙම ත‍්‍රස්තවාදී නිර්මාතෘවරුන් අද ජාතික ආරක්ෂාව ගැන කඳුළු සලමින් වහසිබස් දොඩන රාජපක්ෂලා ම හැර අන් කවරෙක් වත් නොවන බව ඒත්තු ගන්වන්නට ඔවුන් කරුණු කියන්නට වූහ.

හිටපු ආරක්ෂක ප‍්‍රධානීන්
මහින්ද හමුවට ගිහින්….

ඉරිදා සවස ගෝඨාභයගේ ප‍්‍රධානත්වයෙන් යුතු, ආරක්ෂක අංශවල හිටපු ප‍්‍රධානීන් පිරිසක් මහින්ද හමුවීමට විජේරාම පෙදෙසේ පිහිටි නිල නිවසට ආවේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීමටය. හිටපු යුද හමුදාපතිවරුන්, නාවික හමුදාපතිවරුන්, ගුවන් හමුදාපතිවරුන් මෙන්ම ඒවායේ ඉහළ තානාන්තර දැරූ පිරිසක් මේ අතර වූහ. 

හිටපු ආරක්ෂක අංශ ප‍්‍රධානීන් මහින්දට පෙන්වා දුන්නේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් රජය දැක් වූ අඩු සැලකිල්ල මෙවන් විපතකට මඟ පෑදූ බවය. විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පැවසුවේ අන්තවාදී ක‍්‍රියා සම්බන්ධයෙන් බුද්ධි අංශ රජය දැනුවත් කර තිබුණු නමුත් රජය එම අනතුරු ඇඟවීම් ගණන් නොගැනීම නිසා මෙම ශෝකජනක සිදුවීමට මුහුණ පාන්නට සිදුවී ඇති බවයි. 

පසුගිය වසර හතරක කාලය තුළ තමන් ප‍්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ සියලූම මන්ත‍්‍රීවරුන් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ආණ්ඩුවට නිරන්තරයෙන් සිහිකැඳවීම් කළ නමුත් විරුද්ධවාදීන්ගෙන් පළිගැනීම හැර අනෙක් කිසිවක් ආණ්ඩුවට වැදගත් නොවූ බව මහින්ද පෙන්වා දුන්නේය. අනතුරුව සාකච්ඡුා කෙරුණේ මෙම තත්ත්වයෙන් ගැලවීම සම්බන්ධයෙන් ගත යුතු ක‍්‍රියාමාර්ග ගැනය. 

සඳුදා උදෑසන ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැස්වීම මහින්දගේ ප‍්‍රධානත්වයෙන් විජේරාම පෙදෙසේ පිහිටි නිල නිවසේදී පැවැත්විණි. දිනේෂ්, වාසු, විමල්, ගම්මන්පිල, ප‍්‍රසන්න ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. මෙහිදී විශේෂයෙන් සාකච්ඡුා කෙරුණේ රටේ මතුව ඇති තත්ත්වය සහ මැයි දින සැමරුම සම්බන්ධයෙනි. එහිදී තීන්දු කෙරුණේ මැයි දිනය වෙනුවෙන් සමරු උත්සවයක් පමණක් පැවැත්වීමටය. 

”කවුරු කොහොම කිව්වත් ජනාධිපතිවරයාටවත් අගමැතිවරයාටවත් මේ ම්ලේච්ඡු සිද්ධිය පිළිබඳ වගකීමෙන් පැනලා යන්න බැහැ. දැන් ආණ්ඩුව හරියට හැසිරෙන්නේ මේ සිද්ධියට විපක්ෂය වගකියන්න ඕනේ වගෙයි” ප‍්‍රසන්න පැවසීය. 

”මම මුලින්ම කිව්වේ ඒකයි. රටේ වෙච්ච හැම සිද්ධියකටම වගේ අන්තිමට මේකත් ඒකාබද්ධ විපක්ෂයේ කරපිටට වැටෙයි කියලා. වැඩ බැරි ආණ්ඩුව දැන් කල්පනා කරන්නේ ප‍්‍රශ්නය විසඳන හැටි නෙමෙයි මේක අපේ කරේ ගහන්නේ කොහොමද කියන එකයි” මහින්ද පැවසීය. 

”අගමැතිවරයා හදන්නේ මේක අවස්ථාවක් කරගෙන විදේශීය හමුදාවලට රටට ඇතුළු වෙන්න ඉඩ දෙන්නයි. පිරිබාහරන් ඇතුළු කොටි නඩය පරාජය කරපු අපේ හමුදාවලට විදේශ හමුදාවල සහයක් අවශ්‍ය නැහැ” විමල් පැවසීය.

”රනිල් හදන්නේ බොරදියේ මාළු බාන්න. එක පැත්තකින් විදෙස් බලවේගවලට දොර හරින ගමන් අනෙක් පැත්තෙන් විරුද්ධ පක්ෂය මර්දනය කරන්න උත්සහ කරනවා. පේනවානේ ප‍්‍රති ත‍්‍රස්ත පනත ගේන්න තියෙන වුවමනාව” වාසු පැවසීය.

”රනිල්ගේ හැටි ඉතින් කවදත් ඔහොමනේ. මිනිහා බලන්නේ කොහොම හරි තමන්ගේ වැඬේ කරගන්නයි. ප‍්‍රතිත‍්‍රස්ත පනත ගෙනත් විරුද්ධ පක්ෂය මර්දනය කරන්න ලැබෙනවා නම් බෝම්බ දාහක් පිපිරුණත් රනිල්ට ප‍්‍රශ්නයක් නැහැ” මහින්ද පෙන්වා දුන්නේය. 

”ජනාධිපතිගේ වැඬේ කමිටු පත් කරන එක. අගමැතිවරයාගේ වැඬේ ජාත්‍යන්තරය ගැන කිය කිය නහයෙන් අඬන එක. රටකට මොකටද මේ වගේ නායකයෝ? ප‍්‍රසන්න ප‍්‍රශ්න කළේය. 

”ඒක නම් ඇත්ත තමයි. මේ වගේ අය පොල්පිත්තකිනුත් කපා ගන්න පුළුවන්” උදය පැවසීය. 

එදින ඉස්ලාම් විද්වතුන්ගේ සංගමයේ පිරිසක් මහින්ද හමුවීමට විජේරාම පෙදෙසේ පිහිටි නිල නිවසට පැමිණියහ. මෙහිදී සාකච්ඡුාවට ලක් කෙරුණේ රටේ උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙනි. මෙම පිරිස මහින්දට පෙන්වා දුන්නේ සියලූ මුස්ලිම් ජාතිකයන් අන්තවාදීන් නොවන බවය. තමන් අදහන ආගමට අනුව මෙවැනි ත‍්‍රස්තවාදී ක‍්‍රියා අනුමත නොකෙරෙන බවත් ඔවුහු පෙන්වා දුන්හ.

මහින්ද එම පිරිස සමග සාකච්ඡුා කළේ එවැනි කරුණු ගැන පමණක් වුවත් පසුව සමාජ මාධ්‍ය මගින් ප‍්‍රචාරය කර හැර තිබුණේ බුර්කාව තහනම් කිරීමට මහින්ද විරෝධය පළ කර ඇති බවය. එහෙත් පසුව හෙළි වුණේ එය ආණ්ඩුවට පක්ෂව කටයුතු කරන සමාජ මාධ්‍ය ක‍්‍රියාකාරීන් පිරිසක් නිර්මාණය කර ඇති පුවතක් බවය. අවසානයේ මහින්දගේ මාධ්‍ය ඒකකය එම පුවත ප‍්‍රතික්ෂේප කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කළේය.

අරලියගහ මැඳුරේ මඟුල් ගෙදරට
විපක්ෂයේ මන්ත‍්‍රීවරු නොයති…

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ විජිත් විජයමුණි සොයිසාගේ පුතණුවන්ගේ විවාහ මංගල වූ උත්සවය ඉකුත් 2 දා කොළඹ මහා හෝටලයක පවත්වන්නට සියලූ කටයුතු සූදානම් කර තිබුණේ මීට මාස කිහිපයකට ඉහත සිටය. පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරයත් සමඟම එම මංගල උත්සවයේ කටයුතු එකී හෝටලයේ පවත්වන්නට නොහැකි වාතාවරණයක් උදාවිය. එබැවින් විජිත් විජයමුණි සොයිසා නියමිත දිනයට මංගල උත්සවය සංවිධානය කිරීම සඳහා සුදුසු තැනක් හොයන්නට දහඅතේ දුවන්නට පටන් ගත්තේය… 

කොළඹ ඉහළ පෙළේ සියලූ හෝටල් ඒ වන විට වෙනත් මංගල උත්සවය සඳහා කල්තියාම වෙන් කරගෙන තිබිණි. කණ්ඩලම හෝටලයේ එම උත්සවය ගැනීමට හැකියාවක් ඇත්දැයි කියා ඔහුට පණිවිඩ ලැබුණත් කණ්ඩලම සඳහා ඇති දුර එම තීන්දුව ගැනීමට බාධාවක් විය. 

පසුගිය සතියේ ඇමැතිවරයා මේ පිළිබඳව දහ අතේ කල්පනා කරමින් ජනාධිපතිවරයාටත් සෙසු හිතවත් ඇමැතිවරුන්ටත් කියමින් ලතවන මොහොතක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහගෙන් ඔහුට දුරකථන ඇමතුමක් ලැබිණි….

තමුන්ගේ පුතණුවන්ගේ විවාහ මංගල උත්සවය කරන්න අරලියගහ මන්දිරය නරකයි කියලද හිතන්නේ… 

”අනේ එහෙම දෙයක් නම් නැහැ සර්… කවුද එහෙම කතා කිව්වේ… මම මේ ඒකට හැමෝටම එන්නෙ යන්න පුළුවන් තැනක් හොයමින් ඉන්නේ…

”ඉතින් අරලියගහ මන්දිරයේ දොරවල් ඔය කොයි කාටත් විවෘතයි… බය නැතුව මංගල උත්සවය මෙතන ගන්න… ආරාධනා කළොත් ඔය කවුරු වුණත් මෙතෙන්ට ඇවිල්ල යයි බයවෙන්න එපා…

ඒ අනුව විජිත් විජයමුණි සොයිසා එම විවාහ මංගල උත්සවය මැයි දිනයට පහුවදාම එනම් දෙවැනි දා කොළඹ අරලියගහ මන්දිරයේ පවත්වන්නට ඉක්මන් තීන්දුවක් ගත්තේය. විවාහ මංගල උත්සවය සොයිසා ඇමැතිවරයා පාර්ලිමේන්තුවේ සිටින බහුතරයකට කීවත් වැඩිපුරම එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රීවරුන්ට මුල්තැනක් දෙන්නට සිදු වූයේ එය අරලියගහ මන්දිරයේ පවත්වන නිසාය. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් මන්ත‍්‍රීවරු කල්තියාම අරලියගහ මන්දිරයට පැමිණීම ප‍්‍රතික්ෂේප කර සිටියහ…

”කවුරු ආවත් නාවත් මම මගේ කොල්ලගෙ වැඬේ කරන එක කරනවා…. එසේ කියමින් විජිතමුණි හිටපු ඇමැතිවරයා දෙවන දා මහත් ඉහළින් සිය පුතුගේ මංගල උත්සවය අරලියගහ මන්දිරයේ පවත්වනු ලැබුවේ ය.

පසුගිය බ‍්‍රහස්පතින්දා අරලියගහ මැදුරේ ප‍්‍රධාන ශාලාවෙන් කොටසක් ක්ෂණික මංගලශ‍්‍රීයකින් බැබළෙන්නට විය. ඒ විජිත් විජිතමුණි සොයිසාගේ පුත‍්‍රයාගේ විවාහ මංගල්‍යය එහි පැවැත්වීමට ක්ෂණික තීන්දුවක් ගෙන තිබූ බැවිනි. අගමැතිවරයා එදින උදයෙන්ම එහි පැමිණියේ ජනාධිපතිවරයා ඇතුළු මැති ඇමැතිවරු පිරිසක් ද එම උත්සවයට එක්වීමට සිටි බැවිණි. 

”බෝම්බ අස්සෙ මගුලූත් වෙනවා. දැන් බයවෙලා හිටිය ඇති. සියල්ල සාමාන්‍ය පරිදි පටන්ගන්න රටේ සියලූදෙනා කටයුතු කරන්න ඕනෙ.” සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ අගමැතිවරයා හමුවට පැමිණ සිටි මැති ඇමැතිවරුන් අතරින් කතාව ආරම්භ කරමිනි.

”මේ මංගල්‍යය අද ෂැන්ග‍්‍රිලා එකෙයි තියන්න තිබුණෙ. ඒත් එතන තාම ප‍්‍රතිසංස්කරණ කෙරෙන නිසා විජිතමුණි මේ හෝල් එක ඉල්ලූවා. ජනාධිපතිතුමා ඇතුළු මැති ඇමැතිවරු එන උත්සවයක් නිසා ආරක්ෂාව ගැන හිතලා මම මේකට අවසර දුන්නා. විවාහයේ නැකත එදාම කරන්න ඕන කියලා විජිතමුණි කිව්ව නිසා හෝල් එකෙන් කොටසක් දෙන්න එකඟ වුණා. මියුසික් හෝ වෙන අනංමනං බෑ කියලත් මම කිව්වා. අවශ්‍ය මුදල ගෙවන්න ඕන කිව්වාමත් ඒ සියල්ලටම එකඟ වුණා” අගමැතිවරයා කීවේය.

”බුර්කාවට අගමැතිතුමයි ඇමැති මංගලයි විරුද්ධ වුණා කියල සමහර ජනමාධ්‍ය රට නොමග යැව්වා. ඒත් බුර්කාවට යළිත් අවසර අරන් දෙන්න මම සටන් කරනවා කියල මහින්ද රාජපක්ෂ කියපු කතාවට ඒ ජනමාධ්‍ය කිසිම ප‍්‍රසිද්ධියක් දෙන්නෙ නෑ. ඒත් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යවල නම් මහින්ද මහත්තය හොඳට නානවා.” චමින්ද විජේසිරි කීවේ සිනාමැදය. 

”මම කිව්වෙ බුර්කාව තහනම් කරන්න කලින් මුස්ලිම් පූජක ප‍්‍රජාව දැනුවත් කරන්න කියල විතරයි. දෙමළ කාන්තාවෝ සාරිය ඔළුව උඩින් දාල කණ වහනවා. නුවරඑළියේ හරි සිරීපාදෙ හරි යනකොටයි අපේ කාන්තාවොත් කන් වහන් යනව මම දැකල තියනවා. අසනීප තත්ත්වයක් තියන අය හා කනෙයි මූනෙයි කැලැල් තියන කට්ටියත් මූණ වහන් යනවා ඇති.” අගමැතිවරයා කී විට පිරිස සිනාසුනහ.

”සරත් ෆොන්සේකට නීතිය හා සාමය ඇමැතිකම දෙනවද?” හේෂා විතානගේ විමසුවේ අගමැතිගෙනි.

”අපි ඒ ගැන ජනාධිපතිත් එක්ක කතා කළා. කිරිඇල්ල ඇමැතිතුමාගෙන්ම විස්තරය අහන්නකො.” යැයි කී අගමැතිවරයා කිරිඇල්ල දෙස බැලීය.

”පෙරේදා ? අපි පස්දෙනෙක් ගිහින් ෆොන්සේකට ඇමැතිකම දෙන්න ඕනෑ කියල ඉල්ලූවා. මේක රටේත් මතයයි. ඔහුට ඒ තනතුර දුන්නොත් ජනතාව අතර ආරක්ෂාව ගැන ලොකු විශ්වාසයක් ඇතිවෙනවා කියලත් මම කිව්වා. සුළුවශයෙන් මලික් එතෙනදි කතා කළා. වෙන කවුරුවත් කතා කළෙත් නෑ. ඒකට බෙල්ල දුන්නෙත් මමයි. ඒත් ඒක කරන්න බෑ කියන එකයි ඒ පැත්තෙන් කියවුණේ” ලක්ෂ්මන් කිරිඇල්ල පැහැදිලි කළේය.

”ෆොන්සේකට මේක දෙන්න බැරි නම් ඒකට හේතුව හැටියට මොකක්ද ජනාධිපතිතුමා කිව්වේ?” නවීන් දිසානායක විමසුවේ කිරිඇල්ල ගෙනි.

”එයා හොඳ උත්තරයක් දුන්නා. හැබැයි ඒක නම් මම මෙතන තියා ඒක අපේ ගෙදර මැණිකෙටවත් කියන්නෙ නෑ.” යැයි කී කිරිඇල්ල කොක්හඬලා සිනාසුනේය.

”ත‍්‍රස්තවාදය මඬින්න විදෙස් හමුදා ගේනවා. මේක ඇමරිකන් ගැති බිමක් කරන්න හදනවා කියන වීරවංශ ඇමරිකන් පුරවැසියෙක් මේ රටේ ජනාධිපති කරන්න දිවා ? දඟලනවා. කන්න ඕන වුණාම කබරගොයා තලගොයා කරන පහත් දේශපාලනයක් එයා කරන්නෙ” රංජිත් මද්දුමබණ්ඩාර කීවේ එවැන්නකි.

”ජාත්‍යන්තර හමුදාව ලංකාවට ගේනවා කියල මම කිසි තැනක කියල නෑ. වීරවංශ හමුදාවයි බුද්ධි අංශයි අතර තියන වෙනසවත් අඳුරන්නෙ නැතුව කතා කරන හැඩයි. මේ රටේ බුද්ධි අංශ මෙතෙක් පුහුණුවෙලා තිබුණෙ විශේෂයෙන් ඛඔඔෑ ගැන තොරතුරු හොයන්නයි. ඒත් ෂීෂී කියන්නෙ ගෝලීය ත‍්‍රස්තවාදයයි. ඒකට ඇමරිකාවෙ ත්‍ඊෂ බි‍්‍රතාන්‍යයේ ීඣඔඛ්භෘශ්ඍෘ ද ඉන්දියාවෙ ඍ්උ ද අපිත් එක්ක වැඩ කරන්න කැමති නම් ඒ සහය ලබාගන්න ඕන. අපි ඒක පටන් ගත්තා. කොටි මර්දනය කරන්න අපේ හමුදා ක‍්‍රියා කළාට අපේ බුද්ධි අංශවලට එදාත් ජාත්‍යන්තර බුද්ධි අංශවලට විශාල සහයක් ලැබුණු බව වීරවංශගේ ළදරු දේශපාලනයට තේරෙන්නෙ නැතුව ඇති. ඒකයි එයා ළිඳ ඇතුලෙ ඉඳන් කෑගහන්නෙ.” සාමාන්‍යයෙන් ප‍්‍රතිපක්ෂවල අයට සෘජුව පහර නොදෙන අගමැතිවරයා එය කීවේ මද ආවේගයක් ද සමගිනි.

”ජනාධිපති රටට එන්නත් කලින් ප‍්‍රහාරය එල්ලවෙලා පැය කිහිපයක් ඇතුළත ත‍්‍රස්තවාදීන්ගේ කරටියම කොටුකරගන්න අපේ ආරක්ෂක අංශ සමත් වුණා. සතියෙන් සියල්ල පාලනය කළා. ඉතිරිවෙලා ඉන්න ටිකදෙනාත් අල්ලනකන් අපි ආරක්ෂාව පොඞ්ඩක්වත් බුරුල් කරන්නෙ නෑ.” නවීන් දිසානායක කී දේ සියලූදෙනා අනුමත කළහ.

”ජුනි මාසෙ තමයි ලංකාවෙ සංචාරක සීසන් එක පටන්ගන්නෙ. ප‍්‍රහාරය නිසාම නෙවෙයි මේ කාලෙට කොහොමත් සංචාරකයො අඩුයි. සියයට 50ක විතර හෝටල් ගාස්තු මේ කාලෙට අඩු ඒකයි. ජුනි වෙනකොට සංචාරකයින්ගෙන් රට පුරවනවා විතරක් නෙවෙයි කෙටි කාලයකදී විදෙස් ආයෝජනවලට පදනම දාන්නත් අපි සූදානම් වෙන්න ඕනෑ. අනුමැතිය ලැබෙනකන් අවුරුදු 2ක් විදේශ ආයෝජකයෝ බලාගෙන ඉන්නෙ නෑ.” අගමැතිවරයා කීය.

”මුස්ලිම් අන්තවාදයට කිරි පොවපු පසුගිය ආණ්ඩුවේ කට්ටිය අද මැරිල උපදිලා වගේ කතා කරනවා. ශරියා නීති ගත කළේ මුස්ලිම් අන්තවාදීන්ට පඩි ගෙව්වේ හමුදා මූලස්ථාන ඉඩම ෂැන්ග‍්‍රිලා එකට විකුණලා. ඒ මුස්ලිම් අන්තවාදීන්ගේ මූලස්ථාන හදන්න කොළඹින් ඉඩම් දීලා, අරාබි පාසල් ඇරලා ඔක්කොම කළේ රාජපක්ෂ යුගයේ. ශරියා විශ්වවිද්‍යාලයට අත්සන් කළෙත් තමන් බව ඩලසුත් පිළිගත්තා. ඒ කාලෙ වෙච්ච කලින් කියපු අනිත් දේවල් ගැනත් වීරවංශ හා ගම්මන්පිලත් තහවුරු කළා.” චමින්ද විජේසිරි කීවේය.

”ගැරඬින්ට භූමිතෙල් ගෑවුණා වගේ මේ තොරතුරු එළියට ආවම පොහොට්ටුවේ කට්ටිය දැඟලූවා. මේ සියලූ තොරතුරු අපි රටට කියන්නෙ බුද්ධි අංශ තොරතුරු මත පදනම් වෙලයි” හේෂා විතානගේ කීවේය.

මුස්ලිම් අන්තවාදයත් 
ගෝඨාභයම හැදුවලූ…

poli2පසුගිය සතියේ ආරම්භයේ සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න විශේෂ පුවත්පත් සාකච්ඡුාවක් කැඳවමින් තවුහිද් ජමාත් සංවිධානයේ ආරම්භකයින් හා වගකිව යුත්තන් පිළිබඳව කරුණු හෙළිදරව් කරන්නට පටන් ගත්තේය. ඒ වන විට එක්සත් ජාතික පක්ෂයේ පාර්ශව කිහිපයක්ම පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ හා එම ත‍්‍රස්තවාදී කල්ලියේ ආරම්භය සම්බන්ධයෙන් රාජපක්ෂවරුන් වෙත දැඩි ලෙස විවේචන එල්ල කිරීම ආරම්භ කර තිබිණි. රාජිත සිය තොරතුරු හෙළිදරව් කරනු ලැබුවේ එජාපයේ තරුණ පෙරමුණ විසින් ගෙන එන ලද විවේචන සනාථ කරන හේතු සාධක ද පෙන්වා දෙමින් ඒවා තවදුරටත් තහවුරු කරමිනි.

මෙහිදී තව්හිද් ජමාත් සංවිධානය බිහි කරන්නට එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ක‍්‍රියා කර ඇති අන්දම රාජිත පැහැදිලි කළේය. මෙම සාමාජිකයින් වෙත රජයේ බුද්ධි අංශ අරමුදල්වලින් පඩි ගෙවන ලද ආකාරය ද ඔහු හෙළිදරව් කළේය. එසේම තවුහිද් ජමාත් සංවිධානයේ නායකයකු වන අබ්දුල් රසාක් සමග මහින්ද රාජපක්ෂ ඉතා සුහදව සාකච්ඡුා කරන ආකාරයක් දැක්වෙන ඡුායාරූපයක් ඇතුළු තවත් ඡුායාරූප ගණනාවක්ම මාධ්‍යවලට පෙන්වමින් රාජිත කරුණු කියන්නට පටන් ගත්තේය.

ඒ වන විට රටේ දේශපාලන පක්ෂ සියල්ලම එකතු වී මේ අර්බුදයෙන් ගොඩ එන්නට ක‍්‍රමවේද සකස් කරන්නට ඕනෑ යැයි කියූ ආගමික සංස්ථාවේ තීරණය ආණ්ඩු පක්ෂය විසින් අහක දමා අවසන්ව තිබිණි. ඔවුන් ඒ වන විට ක‍්‍රියාවේ යොදවා තිබුණේ මේ සියලූ ත‍්‍රස්තවාදී ක‍්‍රියාකාරකම්වල වගකීම් ගෝඨාභය වෙත පවරා ඔවුන් දේශපාලනිකව ශක්තිමත් වන ආකාරය වළක්වන පරිසරයක් රටේ නිර්මාණය කරන මෙහෙයුමකි. රාජිත ක‍්‍රියාත්මක කරමින් සිටියේ එම මෙහෙයුමේ තවත් එක් ක‍්‍රියාන්විතයකි.

රාජිතගේ පුවත්පත් සාකච්ඡුාවට පසුව ඒකාබද්ධ විපක්ෂය පැත්තෙන් ද ඊට විවිධ මට්ටමේ ප‍්‍රතිප‍්‍රහාර එල්ල වන්නට විය. විශේෂයෙන්ම පසුගිය සතියේ ආන්දෝලනාත්මක රූපවාහිනී සංවාද කිහිපයක්ද තිබිණි. දෙරණ රූපවාහිනිය විසින් පවත්වන ලද 360 සංවාදය සඳහා මෙවර සහභාගි වූයේ ගෝඨාභය රාජපක්ෂයි. ඔහු එහිදී පැහැදිලි කළේ කාලයකදී මේ රටේ මුස්ලිම් කණ්ඩායම්වලට ප‍්‍රහාර එල්ල කරමින් ක‍්‍රියාත්මක වූ අන්තවාදී සිංහල කල්ලි නිර්මාණය කිරීමට ගෝඨාභය රාජපක්ෂ නායකත්වය ගත්තා යැයි චෝදනාවක් පැමිණි බවයි. දැන් එම චෝදනාව අනිත් පැත්ත කරකවා ලංකාවේ බිහිවූ මුස්ලිම් අන්තවාදී කල්ලි නිර්මාණය කිරීමට ගෝඨාභය රාජපක්ෂම නායකත්වය දුන්නා යයි චෝදනා කරන්නට ආණ්ඩු පක්ෂය ක‍්‍රියා කරන ආකාරය ඔහු පැහැදිලි කළේය. ඇත්තටම මේ චෝදනා දෙකම එකම පාර්ශ්වයක් විසින් අවස්ථා දෙකකදී තමන්ට විරුද්ධව එල්ල කරනු ලැබුවත් මේ දෙකෙන් හරි එක කුමක්දැයි කීමට ඔවුන්ට ද නොහැකි බව ගෝඨාභය පෙන්වා දුන්නේය. මේ චෝදනා දෙකම නිවැරදි නොවන බව ඔහු කීවේය.

කැබිනට් රැස්වීම් හා 
ජාතික ආර්ථික සභාව

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය සතියේ අඟහරුවාදා සුපුරුදු පරිදි කැබිනට් රැස්වීම පැවැත්විණි. කැබිනට් රැස්වීම් රට නැවත ගොඩනැඟීම සම්බන්ධයෙන් ගන්නා ලද තීන්දු තීරණ කීපයකින් පසුව ඉක්මනින් අවසන් කරන්නට ජනාධිපතිවරයාට අවශ්‍ය විය. 

පසුව ජාතික ආර්ථික සභාවේ රැස්වීමක් පවත්වන්නට ජනාධිපතිවරයා තීන්දු කර තිබුණේ පාස්කු ඉරිදා සිදු වූ ව්‍යසනයත් සමගම කඩාවැටුණු මේ රටේ ආර්ථික තත්ත්වය පැහැදිලිව විශ්ලේෂණය කරගෙන එය නගාසිටුවීමට ඉදිරි පියවර ගැනීම සඳහා සාකච්ඡුා කිරීමටය.

මෙම සාකච්ඡුාවට ජනාධිපතිවරයා, අග‍්‍රාමාත්‍යවරයා, අමාත්‍යවරුන් වන දොස්තර රාජිත සේනාරත්න, රවී කරුණානායක, චම්පික රණවක, අර්ජුන රණතුංග මහා 

භාණ්ඩාගාරයේ, මහ බැංකු නිලධාරීන්, ආනයන සහ අපනයන වෙළෙද ව්‍යාපාරිකයින්, වෙළෙඳ බල මණ්ඩලවල නිලධාරීන් එක්ව සිටියහ. මෙහිදී මහ බැංකු අධිපතිවරයා ආර්ථිකයට ඇති වී තිබෙන බලපෑම පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කළේය. 

බෝම්බ පිපිරීමෙන් පසුවත් විදේශ ආයෝජන ශ‍්‍රී ලංකාවට ලැබීම සාධනීය ලක්ෂණයක් බව මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේය. ආර්ථික වර්ධන වේගය, වෙළෙඳ ශේෂය පිළිබඳව ද දීර්ඝ ලෙස සාකච්ඡුා කළ අතර, සංචාරක ව්‍යාපාරය ගොඩනැංවීම පිළිබඳව ද සාකච්ඡුා කරන ලදි. සංචාරක ව්‍යාපාරය සඳහා සහන ලබාදීමට ද මෙහිදී තීන්දු විය.

රාජිත දැමූ පටලැවිල්ල 
අබ්දුල් රසාක් ලිහා දමයි

මේ අතර හිරු රූපවාහිනී නාළිකාවත් ඉතා වැදගත් දේශපාලන සංවාදයක් පසුගිය සතියේ පවත්වනු ලැබීය. ඒ සඳහා එක් පැත්තක් නියෝජනය කරමින් රිෂාඞ් බදුර්දීන් පැමිණි අතර ඔහුට විරුද්ධ පාර්ශ්වය නියෝජනය කරමින් උදය ගම්මන්පිල සහභාගි වී සිටියේය. ඊට අමතරව ජවිපෙ නලින්ද ජයතිස්ස මන්ත‍්‍රීවරයාත් එජාපයේ අජිත් මාන්නප්පෙරුම රාජ්‍ය ඇමැතිවරයාත් සහභාගි වී සිටියහ. එහෙත් මේ සාකච්ඡුාවේ දී ද සැබෑ විරෝධාකල්ප සහිත වාදය පැන නැගුනේ උදය ගම්මන්පිල හා රිෂාඞ් බදුර්දීන් අතරය. මන්නාරම් ඉඩම් මංකොල්ලය හා මුස්ලිම් දේශපාලන නායකත්වයන් පහුගිය කාලයේ ක‍්‍රියාත්මක වී ඇති අන්දම සම්බන්ධයෙන් උදය ගම්මන්පිල හෙළි කරන ලද තොරතුරුවලට උත්තර දෙන්නට රිෂාඞ් බදුර්දීන්ට නොහැකි විය. මෙය ඉතා උණුසුම් වාදයක් බව සැබෑය. එහෙත් මුස්ලිම් අන්තවාදය ක‍්‍රියාත්මක වූ ආසන්නම හේතුව වන පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් මෙම සාකච්ඡුාව වෙන් වුණි නම් නිසැකවම රිෂාඞ් බදුර්දීන්ට සාකච්ඡුාවේදී රෙදි නැතුව යන්නට වන බව මෙම සංවාදය බලා සිටි බොහෝ දේශපාලන රසිකයින්ගේ අදහස වූහ.

මේ අතර පසුගිය සතියේ ශ‍්‍රී ලංකා තවුහිද් ජමාත් සංවිධානය නමින් ද තවත් සංවිධානයක් පුවත්පත් සාකච්ඡුාවක නිරත වූයේය. මෙම සංවිධානයේ ලේකම් අබ්දුල් රසාක් නම් අයෙකු කතා කරමින් තවත් කරුණු කිහිපයක් සමාජයට හෙළිදරව් කරනු ලැබුවේය.

ඔහු කතා කර කරුණු හෙළිදරව් කළේ ඊට දිනකට දෙකකට කලින් රාජිත ඇමැතිවරයා පුවත්පත් සාකච්ඡුාවක් පවත්වමින් ඉදිරිපත් කරන ලද සාවද්‍ය කරුණු කිහිපයක් නිරවද්‍ය කිරීම සඳහාය.

තමන් හා ගෝඨාභය රාජපක්ෂ අතර සම්බන්ධයක් ඇතැයි කියමින් ඉදිරිපත් කරන ලද අදහස ඔහු තරයේම ප‍්‍රතික්ෂේප කළේය. ශ‍්‍රී ලංකා තවුහිද් ජමාත් සංවිධානය සහ එහි ලේකම් තමන් වෙනම සංවිධානයක් බවත් පාස්කු ඉරිදා ප‍්‍රහාරයට සම්බන්ධ ජාතික තවුහිද් ජමාත් සංවිධානය තවත් වෙනම සංවිධානයක් බවත් ඔහු පැටලූම් හැර ප‍්‍රකාශ කළේය. එම පුවත්පත් සාකච්ඡුාවේදී තමන් මහින්ද රාජපක්ෂ හමුවී කුරානයේ සිංහල පිටපතක් මහින්ද රාජපක්ෂට ප‍්‍රදානය කළ අවස්ථාවේදී ගත් ඡුායාරූපයක් යොදාගෙන අනවශ්‍ය සම්බන්ධයක් ජාතික තවුහිත් ජමාත් හා මහින්ද අතර ඇතැයි කී ප‍්‍රකාශය ද ප‍්‍රතික්ෂේප කළේය. ඔහු තවත් ඡුායාරූපයක් පෙන්නුවේ ය. එම ඡුායාරූපයේ අබ්දුල් රසාක්ට අනිත් පැත්තෙන් සිටියේ රාජිත සේනාරත්නය. තමන් මහින්දට කුරානයේ පිටපතක් දුන් දිනයෙහිම රාජිත සේනාරත්නට ද පිටපතක් ලබා දුන් බවත් උදය ගම්මන්පිල ඇතුළු තවත් දේශපාලනඥයින් ගණනාවකටම හමුවී කුරානයේ පිටපත බැගින් ලබා දුන් බවත් මේ තව්හිද් ජමාත් සංවිධානයේ ලේකම්වරයා ප‍්‍රකාශ කරමින් රාජිත විසින් දේශපාලන ලෝකයේ ඇති කර තිබූ ගැටලූ හා ආරවුල් ගණනාවක්ම නිරවුල් කිරීම ද පසුගිය සතියේ සිදු වූ කැපී පෙනෙන සිදුවීමක් ලෙස වාර්තා විය. 

කලබල අස්සේ මහින්ද 
මැයි දිනයකුත් පවත්වලා…

21 වන දා සිදු වූ බෝම්බ ප‍්‍රහාරයෙන් පසු විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සිටියේ ද සිය විජේරාම මාවතේ නිල නිවෙසට වී බොහෝමත්ම කල්පනාවෙනි. දැන් එම ප‍්‍රදේශයේ ආරක්ෂක තත්ත්වය ද උතුරේ අරගල තිබූ කාලයේ ආරක්ෂක තත්ත්වයට සමාන විය. බැරියර වැටී ඇත. ගමන් බිමන් සීමා කර ඇත.

ආරක්ෂක විධිවිධාන තර කර අමුත්තන්ට යන එන ගමන් බිමන් සීමා කර තිබුණත් මහින්ද රාජපක්ෂගේ දේශපාලන මිතුරන් සම්බන්ධයෙන් එම සීමා එතරම් වලංගු නො වීය. පසුගිය සතියේත් ඒ නිසා ඔහු හමු වන්නට මිතුරන් රාශියක් පැමිණ සිටියහ….

දේශපාලනඥයින් මහින්ද හමු වී පසුගිය දිනවල සිදු වූ සිදුවීම් පිළිබඳ කල්තියා ආරංචි වී තිබුණේ ද නැද්ද යන කරුණු ගැන සාකච්ඡුා කරන්නට පටන් ගත්හ…

මට ඔය කරදරේ ගැන කලින් ආරංචි වෙලා තිබුණා නම් මම නුවරඑළි ගිහින් මේ සී. බී. රත්නායකත් එක්ක අතන මෙතන ගිහිල්ලා කෝවිල් ගාණෙයි වතු ගාණෙයි ඇවිදිනවද… ඒවයි තමයි ආරක්ෂාව ඇත්තෙම නැත්තේ…

ඉන් පසුපසුව දේශපාලන මිතුරන් කතාබහ කරන්නට පටන් ගත්තේ මෙවර මැයි දිනය කල් දමන්නට සිදු වීම සම්බන්ධවයි…

මේ බෝම්බ පත්තු වුණාට පස්සේ මමත් දැන් ඉන්නේ ආරක්ෂක හමුදාවල උපදෙස් පිළිපැදල නිවාස අඩස්සිය වගේ… එහෙම කියලා අපට මේ පාර මැයි දිනය කල් දාලා යුතුකකම් පැහැර හරින්නත් බැහැ… අපි මොකක් හරි දෙයක් මේ වෙනුවෙන් කරන්න වෙනවා…

කොළඹ කෝට්ටේ නගර ශාලාවේ ලෝක කම්කරු දිනය පිළිබඳව රැස්වීමක් පවත්වමින් මැයි දිනය සමරන්නට ඒකාබද්ධ විපක්ෂය හා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණයක් ගනු ලබන්නේ එම සාකච්ඡුාවෙන් පසුව ය…

තීන්දුව ගැනීමෙන් අනතුරුව ද සාකච්ඡුාව දිගටම ඇදී ගියේය… 

කවුරු මොනව කිව්වත් සර්… දැන් මේ රට ආයෙත් අලූතින්ම ගොඩනගන්න තමයි වෙලා තියෙන්නේ…. අහන අහන එක්කෙනා කියන්නේ රට ඉවරයි රට ඉවරයි කියලයි. දැන් ඒ පාර හැමෝම කියනවා ආයෙත් රට හදන්න නම් මහින්ද රාජපක්ෂ කෙනෙක්ව ගේන්න ඕන කියලා…. දැන් ඒ තත්වෙට රට පත්වෙලා ඉවරයි… කුමාරසිරි හෙට්ටිගේ කීවේය.

ඒක තමයි ඇත්ත කතාව… නමුත් ආණ්ඩුවේ සමහරු දැන් ඔය ඇත්ත කියාගන්න බැරුව දඟලනවා. ඇත්ත මොකක්ද කියන එක පැහැදිලි වෙන්න ආයෙත් ඉතින් මැතිවරණයක් එන්නම ඕන. එහෙම නැත්තං රටත් ඉවරයි අපිත් ඉවරයි… අනුර යාපා කීවේය. 

මොන කයිය ගැහුවත් ආණ්ඩුවට තියෙන්නේ තව මාස කීයද… එස්. එම්. චන්ද්‍රසේන කීවේය. ඒ අතර මැයි දින උත්සවය පවත්වන හැටි සාකච්ඡුා කර ගැනීමෙන් අනතුරුව පිරිස් විසිර ගියහ.

සැලසුම් සකස් කළ පරිදි කෝට්ටේ නගර සභා ශාලාව තුළ මෙවර මැයි දින රැස්වීම පවත්වන්නට යෙදිනි. නිහඬ මැයි දින සැමරුමක් ලෙස නම් කර තිබුණු මෙම සැමරුමට මහින්ද සමග දිනේෂ්, වාසු, තිස්ස, විමල්, ගම්මන්පිල ඇතුළු පක්ෂ නායකයන් සහ සාමාජිකයන් පිරිසක් සහභාගී වී සිටිහය. ඒ අතර ලැබුණු විවේකයකදී නායකයින් එක්ව වර්තමාන දේශපාලන තත්ත්වය ගැන ද මෙසේ සාකච්ඡුාවක නිරතවී සිටියහ… 

”රාජිත කියනවා තවුහිද් ජමාත් හැදුවේ ගෝඨාභය කියලා. මුලින් කිව්වා බොදුබල සංවිධානය හැදුවේ ගෝඨාභය කියලා. පස්සේ කිව්වා ආවා කල්ලිය හැදුවේ ගෝඨාභය කියලා. දැන් කියනවා තවුහිද් ජමාත් හැදුවේ ගෝඨාභය කියලා. රටේ හැම දේකටම රාජිතලා ඇඟිල්ල දිගු කරන්නේ ගෝඨාභයට” ප‍්‍රසන්න පැවසීය. 

”බෝම්බ ටික පුපුරලා සතියක් විතර යනකම් රාජිතලා සෙට් එක හැංගිලා හිටියා මොකද වෙන්නේ බලාගෙන. දැන් මිනිස්සුන්ට දුක අමතක වීගෙන යනකොට එළියට ඇවිත් සිද්ධිය වෙන පැත්තකට හරවන්න හදනවා. මොනවා වුණත් දැන් රාජිතලා කියන දේවල් මිනිස්සු විශ්වාස කරන්නේ නැහැ” උදය පැවසීය. 

”රාජිත කියන්නේ කොහොමත් දිව හැරෙන හැරෙන පැත්තට කතා කරන මිනිහනේ. මිනිස්සු දන්නවා රාජිත කට ඇරියොත් කියන්නේ බොරු කියලා” වාසු ප‍්‍රකාශ කළේය. 

”මම මුල ඉඳලම කිව්වනේ ආණ්ඩුව කොහොම හරි මේ සිද්ධියත් ඒකාබද්ධ විපක්ෂයේ ඇෙඟ් ගහන්න හදයි කියලා. දැන් ඒක ඇත්ත වෙලා තියෙනවානේ. දැන් කරන්න ඕනේ මිනිස්සුන්ගේ තැලූණු හිත් සුවපත් කරන එක මිසක් මේ වගේ මාධ්‍ය සංදර්ශන නෙමෙයි” මහින්ද පෙන්වා දුන්නේය.

”රනිල්ලට කොහෙද මිනිස්සු ගැන ගාණක් තියෙන්නේ. මිනිහට මිනිස්සු මතක් වෙන්නේ ඡුන්දයක් එන කොට විතරයි. අනෙක් වෙලාවට තමන් ගැන විතරක් හිතන ආත්මාර්ථකාමියෙක්නේ රනිල් කියන්නේ” ප‍්‍රසන්න කිවේය.

”රටෙත් ජාතියෙත් අවාසනාවට තමයි මේ වගේ කට්ටියකට ආණ්ඩු බලය ගියේ. මිනිස්සුන්ටත් දැන් තේරෙනවා ඇති කරගත්තු මෝඩකම” එතැන සිටි වෘත්තිය සමිති ක‍්‍රියාකාරිකයෙක් පැවසීය. 

”අපිට දැන් ලැබිලා තියෙන ආරංචි හැටියට නම් මිනිස්සු ආණ්ඩුවත් එක්ක ඉන්නේ බොහොම කේන්තියෙන්. සමහරවිට ඇමැති සෙට් එකම වැඩිය එළියට බහින්නේ නැතුව ඇත්තේ ජනතාවගෙන් ප‍්‍රහාරයක් එල්ල වෙයි කියලා බුද්ධි අංශ වාර්තාවක්වත් ලැබිලා නිසාද දන්නේ නැහැ” ප‍්‍රසන්න කීවේ සැවොම සිනහ ගස්සවමිනි. 

නායකයෙක් කිව්වම
මතක් වෙන්නෙ මහින්ද

මැයි දින රැස්වීම පැවැත්වෙන අතරවාරයේ ශාලාවෙන් පිට තවත් තැනක බැසිල් රාජපක්ෂ, ඩලස් අලහප්පෙරුම, ඩුලිප් විජේසේකර අතාවුල්ලා ඇතුළු පිරිසක් කතාබහ කරමින් සිටියහ…. 

මොකක්ද අර සර්වපාක්ෂික සමුළුවේදී ඔයා ජනාධිපතිතුමා

ගෙන් අහපු ප‍්‍රශ්නෙ තේරුම…. බැසිල් එසේ ඇසුවේ අතාවුල්ලා ගෙනි.

මොකක්ද සර් මම ඇහුවා…

ඇයි අර මෛත‍්‍රී ගෙනුයි රනිල්ගෙනුයි ඇහුවේ දැන් අපිට කියන්න… ඔය දෙන්නාගෙන් කවුද මේ රටේ නායකයා කියලා…. ඩලස් මතක් කළේය.

මෙයා ඒ ප‍්‍රශ්නය ඇහුවා තමයි… හැබැයි ඒ ප‍්‍රශ්නේ මෙයා ඇහුවෙ මහින්ද ජනාධිපතිතුමා දිහා බලාගෙන…. බැසිල් කීවේය….

අඬේ අප්පා… මේ රටේ නායකයා ගැන කතා කරනව නම් සර්… අපිට පේන්නේ මහින්ද ජනාධිපතිතුමා තමයි… වෙන කෙනෙක් දිහා බලා බලාගෙන නායකයෝ ගැන කොහොම කතා කරන්නද…

අතාවුල්ලාගේ එම කතාවට කවුරුත් බඩ අල්ලාගෙන හිනා වෙන්නට පටන් ගත්හ… 

පසුගිය සතියේ රටේ දැවෙන ප‍්‍රශ්නයක් සම්බන්ධව ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් තවත් විශේෂ රැස්වීමක් ජනාධිපති කාර්යාලයේ පැවැත්විණි. විදුලිබල අර්බුදයට විසඳුම් සෙවීම මෙහි අරමුණ විය.

මෙම සාකච්ඡුාව ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති අතර, දොස්තර රාජිත සේනාරත්න, රවී කරුණානායක, චමිපික රණවක, එරාන් වික‍්‍රමරත්න, හර්ෂ ද සිල්වා යන මැති ඇමැතිවරුන් සාකච්ඡුාවට එක්විය. විදුලිබල අර්බුදය දීර්ඝකාලීනව පැවැති අතර ඉදිරිපත් වන චෝදනා ක‍්‍රියාත්මක නොවීම ගැටලූවක් වී ඇත. දැනට මෙගාවොට් 470 ක අතිරේක විදුලිබලයක් අවශ්‍ය බවත් කඩිනමින් මෙගාවොට් 200 ක විදුලිබලයක් අවශ්‍ය බවත් විදුලිබල මණ්ඩල නිලධාරීන් මෙහිදී පෙන්වා දුන්හ.

ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලිය මගින් විදුලිබලය ලබාගැනීමට යෑමේ දී දීර්ඝ කාලයක් ගතවන බවත්, විදේශීය රටකින් විදුලිබලය ලබාගැනීම සුදුසු බවත් අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කළේය. විදුලිබල අර්බුදය පිළිබඳ සොයා බැලීම සඳහා අමාත්‍ය අනුකමිටුවක් පත් කළ අතර, එම අනුකමිටුවට අමාත්‍ය චම්පික රණවක මහතා සහභාගි වී නොතිබුණි. නමුත් අමාත්‍ය මණ්ඩලයට සිය නිරීක්ෂණ ඉදිරිපත් කළ අතර, එහි සඳහන් වූයේ වර්ෂාපතනය ලැබෙන බැවින් අඩු මුදලකට විදුලිය ලබා දිය හැකි බවයි. දැනට විදුලි ඒකකයක් ලබාගැනීම සඳහා රුපියල් 52 ක මුදලක් විදුලිබල මණ්ඩලය වැය කරන අතර, විදේශීය රටකින් විදුලිය ලබාගැනීමේ දී ඒකකයක් සඳහා රුපියල් 26 ක මුදලක් පමණක් වැය වන බව අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය. 

ලාභ විදුලි බලය ගේන්න 
රවීට රාජිතගේ සහාය…

ලාබෙට ගන්න වුණාට මෙතන තියෙනවා කොන්දේසියක්…. අපට අවශ්‍ය ධාරිතාවෙන් සියයට 70 ක් වත් මේ සමාගමෙන් අපි ලබා ගන්න ඕන… රවි සඳහන් කළේය. 

ඊට විරුද්ධත්වය පළ කළ අමාත්‍ය චම්පික රණවක මහතා විදුලිබල මණ්ඩල නිලධාරීන් සමග සංවාදයක් ද ගොඩනැගූ අතර, පවතින ගැටලූ පෙන්වා දුන්නේය. 

ඒකකයක් රුපියල් 26 කට ලබාදෙන්නේ නම් එය ඉතා අඩු මුදලක්. ඩොලරය වෙනස් වුව ද එම මුදලට ම විදුලිය ලබාදීමට විදේශීය සමාගම එකඟත්වය පළ කර තිබෙනවා. ජල විදුලිය අඩු මුදලකට ලබාගත හැකි වුවත් පවතින අර්බුදය අවසන් කිරීම සඳහා මෙය ඉතා සුදුසුයි. අඩු මුදලකට විදුලිය ලබාදෙන්න පුළුවන්. මෙය සාමාන්‍ය මූල්‍ය තත්ත්වයන් පිළිබඳ අවබෝධයක් තිබීමක් ලෙසයි මම සඳහන් කරන්නේ…. යැයි රාජිත පැවැසීය. 

ඊට විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් ද ප‍්‍රතිචාර දක්වමින් පැවැසුවේ මෙලෙස විදුලිය ලබාගැනීම ඉතා ලාභදායක බවයි. යළි මෙහිදී අදහස් දැක් වූ දොස්තර රාජිත සේනාරත්න අමාත්‍යවරයා මෙසේ පැවැසීය.

විදුලිබල මණ්ඩලයේ තීන්දු තීරණ ලබාගන්නේ විදුලි ඉංජිනේරුවන් විසින්. විදුලිබල අර්බුදය පිළිබඳ වසර 15 ක පමණ කාලයක් වාද විවාද තිබෙනවා. දීර්ඝකාලීන යෝජනා අමාත්‍ය මණ්ඩලයට ගෙන ආවත් විසඳුමක් ලැබී නැහැ. මම අමාත්‍ය මණ්ඩලයට පත් වුණේ 2002 වසරේ දී. එදා සිට අද දක්වාම මෙම අර්බුදය තිබෙනවා යැයි සෞඛ්‍ය අමාත්‍යවරයා පැවැසීය. 

වසර 15 ක් පුරා අර්බුදයක් නැහැ… ඊට පිළිතුරු ලබාදුන් අමාත්‍ය චම්පික රණවක මහතා පැවැසුවේය. 

යළිත් අදහස් පළ කළ දොස්තර රාජිත සේනාරත්න අමාත්‍යවරයා මෙසේ පැවැසීය. 

මම 2002 වසරේ අමාත්‍ය ධුරයට එනකොටත් විදුලිය විසන්ධි කළා. ඒ කරු ජයසූරිය විදුලිබල අමාත්‍යවරයාගේ කාලයේ දී. 1994 දීත් 80 ගණන්වල දීත් විදුලි අර්බුදයක් පැවැතුනා. එදා මෙදා තුර මෙම අර්බුදය තිබෙනවා. ඉංජිනේරුවන් විසඳුමක් ලබාදිය යුතුයි. දැන් බලන්න සෞඛ්‍ය අමාත්‍යාංශය වෛද්‍යවරු විසින් පාලනය කරනවා. සෞඛ්‍ය සේවාව ඇමරිකාව, කුවේටය වැනි ධනවත් රටවල් සමග සමාන වී තිබෙනවා. ජාත්‍යන්තරය ප‍්‍රශංසාවට ලක් කරනවා. විදුලිබල සැපයුමට වඩා සෞඛ්‍ය සේවාව ඉතා අමාරුයි. 

වෛද්‍ය විද්‍යාව දිනෙන් දින දියුණු වෙනවා. ඊට අනුගත වෙමින් සෞඛ්‍ය සේවාව කටයුතු කරනවා. නමුත් විදුලිබල මණ්ඩලය ක‍්‍රියා කරන ආකාරය පිළිබඳව ලැජ්ජා විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යවරයා පැවැසීය. ඊට පිළිතුරු ලබාදුන් ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් පැවැසුවේ අපි යෝජනා ඉදිරිපත් කළත් ඉහළින් නතර වෙනවා යනුවෙනි. 

මටත් අවශ්‍ය වුණේ ඔය උත්තරයයි. අමාත්‍ය මණ්ඩලය තමයි වැරැද්ද කරලා තිබෙන්නේ. ඇමැතිවරු ක‍්‍රිකට්, පාපන්දු, වොලිබෝල් ගහනවා. නමුත් වෘත්තීයවේදීන් සමග කථා කරලා විසඳුම් සොයන්නේ නැහැ. විදුලිබල අර්බුදය රොකට් විද්‍යාවක් නොවෙයි. අමාත්‍ය මණ්ඩලයේ දීත් විදුලිබල අමාත්‍යවරයාට මෙම ගැටලූව විසඳන්න දෙන්නේ නැහැ. තවත් ඉංජිනේරුවන් පිරිසක් ලිපි ලේඛන කැබිනට් අමාත්‍යවරුන්ට ලබා දී දැනුවත් කරලා අර්බුදය වැඩි කරනවා. මීට විසඳුමක් ලබාදිය යුතුයි. රාජිත පෙන්වා දුන්නේය….

පල්ලි පිළිසකර කරන්න 
සජිත් මැදිහත් වෙලා

පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් විනාශයට පත්වූ කතෝලික දේවස්ථාන යළි පිළිසකර කර යථා තත්ත්වයට පත් කර දෙන්නට අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා විශේෂ වැඩපිළිවෙළක් සංවිධානය කළේය. මේ සඳහා අති උතුම් කාදිනල් තුමා සමග විශේෂ සාකච්ඡුාවක් කරන්නට අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස පසුගිය සතියේ ගිය අතර කතෝලික සභාවේ උප අගරදගුරුන් වන ජී. බී. ඇන්තනි පියතුමන් හා ඔක්ස්වල්ඞ් සිල්වා පියතුමන් ද මෙම සාකච්ඡුාවට පැමිණි සිටීම විශේෂත්වයකි. මේ හැරුණු විට යුද, ගුවන්, නාවික හමුදාවල ඉහළ නිලධාරීන් පිරිසකුත් ඉහළ පෙළේ කතෝලික පූජක තුමන්ලා පිරිසකුත් මෙම සාකච්ඡුාවට සහභාගි වී සිටියහ.

පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ දී එක්සත් ජාතික පක්ෂය හා එහි ඇතැම් නායකයින් කතාබහ කළ ආකාරය හා ක‍්‍රියා කළ ආකාරය පිළිබඳ අති උතුම් කාදිනල්තුමන් තුළ එතරම් ප‍්‍රසාදයක් තිබුණේ නැත. විශේෂයෙන්ම මෙම රජය තම යුතුකම් පැහැර සිටියේ ය යන විශ්වාසය කාදිනල්තුමා තුළ වූහ. එහෙත් ම දුෂ්කර අවස්ථාවේ අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස පැමිණ සියලූ අඩුපාඩු පිළිබඳ අවබෝධයක් ඇතිව කාදිනල්තුමා හා එක්ව කටයුතු කරන්නට සූදානම් වීම ගැන උන්වහන්සේලා සතුට පළ කර සිටියහ.

අමාත්‍ය සජිත් ගේ අදහස වූයේ කොටහේන කොච්චිකඬේ පල්ලිය හා මීගමුව කටුවපිටිය පල්ලිය ප‍්‍රතිසංස්කරණ කටයුතු කිරීමේදී තිබුණු ආකාරයෙන්ම ගොඩ නගනවා වෙනුවට එම පල්ලිවලට අලූතින් වටිනාකමක් ඇති වන සේ යම් යම් අංග එක් කොට අලූත්වැඩියා කටයුතු කිරීම වඩා හොඳ බව ය. ඒ සඳහා සජිත් යෝජනා ඉදිරිපත් කළේය. පල්ලියේ බැතිමතුන්ට ආහාරපාන සාදා දෙන ස්ථාන හා බැතිමතුන්ගේ රථවාහන නවතා තැබීමට විශාල ප‍්‍රමාණයේ රථ ගාලක් ඉදි කර දීම එම යෝජනා අතර කැපී පෙනුණු යෝජනා විය. කාදිනල්තුමා ඇතුළු කතෝලික සභාවේ අවධානය ඒ කෙරෙහි යොමු විය.

ඒ සමගම කොච්චිකඬේ පල්ලිය වෙත කෞතුකාගාරයක් ලබාදීමට සජිත් කළ යෝජනාවට ද කතෝලික හිමිවරුන්ගේ සතුට පළ වූහ.

මේ සියලූ සාකච්ඡුාව සහය වූ සිය නිලධාරීන් අමතා කටයුතු ඉටුකරන ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමක් ද කළේය. එසේම මෙම කටයුතු සියල්ල කාදිනල්තුමා ප‍්‍රමුඛ කතෝලික සභාවේ හිමි තුමන්ලාගේ අධීක්ෂණය හා උපදෙස් යටතේ සිදු කළ යුතු බවද නිලධාරීන්ට දැනුම් දුන්නේය…. 

වැටුණු රට ගොඩගන්න
කරුගේ දියවන්නා ප‍්‍රකාශනය

අපේ‍්‍රල් 21 වෙනිදායින් පසුව උද්ගත වූ තත්ත්වය හමුවේ ගත යුතු ක‍්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමු කිරීම සඳහා කථානායකවරයාගේ උපදෙස් පරිදි පාර්ලිමේන්තුවේ ජාතික හා ආගමික සංහිඳියාව සඳහා වූ ස්ථාවර කාරක සභාව විසින් කැඳවන ලද විශේෂ සර්ව පාක්ෂික සමුළුව පවතින තත්ත්වය අළලා දිගු කාලීන හා කෙටි කාලීන වශයෙන් ක‍්‍රියාත්මක විය යුතු කරුණු ඇතුළත් දියවන්නා ප‍්‍රකාශනය එළි දැක්වූයේ පසුගිය 26 වෙනිදාය. එහිදී ජනාධිපතිවරයා, අගමැතිවරයා, විපක්ෂ නායකවරයා ඇතුළු සියලූ දේශපාලන බලවේග එක්සත්ව අභියෝගයට මුහුණ දීමේ වැදගත්කම, පොලිස් දෙපාර්තමේන්තුව ඊට අදාළ නිත්‍ය රේඛීය අමාත්‍යංශයක් යටතට ක‍්‍රියාත්මක කිරීම තුළින් වගවීම, තහවුරු කිරීම, ප‍්‍රජා පොලිස් සේවාවන් නැවතත් ප‍්‍රතිස්ථාපනය කරමින් ජනතාව සහ පොලිසිය අතර ශක්තිමත් සම්බන්ධීකරණ ජාලයක් ඇති කිරීම මෙන්ම ත‍්‍රස්තවාදීන්ගේ අරමුණු නිවැරදිව හඳුනා ගනිමින් අවබෝධයෙන් හා සමගියෙන් කටයුතු කිරීම ආදී කරුණු 10 ක් ප‍්‍රකාශනයෙහි අවධාරණය කෙරිණි. 

මේ අතර, පාර්ලිමේන්තුව ත‍්‍රස්තවාදීන්ගේ ප‍්‍රධාන ඉලක්කයක් බවට පත්ව ඇතැයි යන්න පිළිබඳව වැදගත් බුද්ධි තොරතුරු රැසක් ගෙවුනු සතිය තුළ පැහැදිලිව අනාවරණය විය.

ඒ අතර, මෙතෙක් හෙළිදරව් නොකළ අතිශය රහස්‍ය තොරතුරු ගණනාවක් ද කථානායකවරයා අතට පත්ව තිබිණි. තත්ත්වයේ බරපතලකම අනුව වහාම ක‍්‍රියාත්මක වූ ඔහු ආරක්ෂක අංශ සමග සාකච්ඡුා කොට විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙළක් සඳහා කටයුතු යොදන ලද අතර, ඒ සඳහා ජාත්‍යන්තර ආරක්ෂක විශේෂඥයන්ගේ උපදෙස් මෙන්ම සුවිශේෂී ආරක්ෂණ උපකරණ පද්ධතියක් ද ලබා ගැනීම සඳහා පෞද්ගලිකවම ප‍්‍රබල රටවල් කිහිපයක් සමග සබඳතා ඇති කර ගැනීමට සමත් විය. ඒ අනුව නවීන උපකරණ පද්ධතියක් ද ප‍්‍රදානයක් ලෙස වහාම ගුවන් මගින් සැපයීමට ද එම රටවල් කටයුතු යොදන ලැබීය.

-බුලිත ප‍්‍රදීප් කුමාර 

Facebook Comments

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *