හොද රොට්වයලර් පැටියෙකු තෝරාගන්නේ මෙහෙමයි

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

අද අපි ලංකා ඇත්ත Dog Show එකෙන් කතා කරන්නේ හොද රොට්වයලර් පැටියෙක්ව තෝරගන්නේ කොහොමද කියලයි.

ඔයාල අපි කවුරුත් ගොඩාක්ම ආදරය කරන සුනඛ වර්ගයක් තමයි රොට්වයලර් කියන්නේ. ලංකාවේ විතරක් නෙමෙයි අමෙරිකාවෙත් රොට්වයලර්ස්ලා ගොඩාක් ජනප්‍රියයි.

රොට්වයලර්ස්ලා ගොඩාක් දරුණුයි කියලා සමාජයේ මතයක් තිබුණත් ඇත්තටම එයාලගේ ගතිගුණ තීරණය වෙන්නේ අපි එයාලව හදන විදිහ අනුව කියලයි අපිට අත්දැකීමෙන්ම කියන්න තියෙන්නේ. ඔයාල රොට්වයලර් බලු පැටියව පොඩි කාලේ ඉදන්ම කොටුවකට හිර කරලා, සමාජයෙන් ඈත් කරලා තිබ්බොත් ඉතා දරුණු, අණක් ගුණක් නැති රොට්වයලර් කෙනෙක්ව හදාගන්න පුළුවන්.

හැබැයි ඔයාල එයාට පොඩි කාලේ ඉදන්ම ගොඩාක් ආදරෙන් සළකලා, පවුලෙම කෙනෙක්ව වගේ හදාගත්තොත් අපි නම් හිතන්නේ නෑ රොට්වයලර්ස්ලා තරම් ආදරයට ආදරය කරන, මනුස්සකම දන්න, හුරතල්, සංවේදී සුනඛ වර්ගයක් තවත් ඉන්නවයි කියලා.

හරි, අපි දැන් අපේ අද මාර්තෘකාවට එමු. අපි බලමු ඔයාලා මීට කලින් රොට්වයලර් කෙනෙක්ව හදලා නැත්නම් මුලින්ම හොද පැටියෙක්ව තෝරගන්නේ කොහොමද කියලා. අද රොට්වයලර්ස්ලා විකුණන ගොඩක් අය ඉන්න නිසා ඔයාලට හොදම පැටියෙක්ව තෝරගන්න අපේ මේ මගපෙන්වීම උදව්වක් වේවි.

1. බය නැතුව ඔයා ගාවට එන මිත්‍රශීලී පැටියෙක්ව තෝරගන්න. පිටිපස්සට යන පැටියෙක්ව තෝරගැනීමෙන් වළකින්න.

2. ඔයා පැටියගේ අයිතිකරුට (බ්‍රීඩර්ට ) පැටියගෙ අම්මවයි, තාත්තවයි පෙන්වන්න කියලා කියන්න. අම්මයි, තාත්තයි අනිවාර්යෙන්ම හොද සංයමයක් තියෙන කීකරු දෙන්නෙක් වෙන්න ඕන.

3. ඔයා බ්‍රීඩර්ගෙන් අහන්න ඕන පැටියගේ අම්මා කී පාරක් පැටව් දාලා තියෙනවද කියලා. 3 පාරකට වඩා පැටවු දාලානම් රොට්වයලර් පැටියට පසුකාලීනව සෞඛ්‍යමය සහ හැසිරීමේ ගැටළු ඇති වෙන්න ඉඩ තියෙනවා. අන්න ඒ හින්දා 3 පාරකට වඩා පැටව් දාපු නැති මවකගේ පැටියෙක් ගත්තොත් තමයි කෝකටත් හොද.

4. ඔයා පැටියගේ පිටුපස කකුල් පරීක්ෂා කරලා බලන්න ඕන ඩිස්ප්ලේෂිය රෝග ලක්ෂණ තියෙනවද කියලා. රොට්වයලර් වගේ විශාලා සුනඛ වර්ග වල මෙම රෝගය සුලබයි.

5. ඔයා බය නැතුව බ්‍රීඩර්ගෙන් ඔයාලට තියෙන ඕනම ප්‍රශ්නයක් අහන්න. පැටියගේ බ්‍රීඩ් එක, අම්මා, තාත්තා මේ හැම ප්‍රශ්නයකටම උත්තර දෙන එක බ්‍රීඩර්ගේ යුතුකමක්.

6. හොද බ්‍රීඩර් කෙනෙක්නම් එයා අනිවාර්යෙන්ම පැටියව මිළදී ගන්න කෙනාට කැමැත්තෙන්ම උදවු කරනවා. පැටියට දෙන්න ඕන බෙහෙත් වර්ග, එන්නත් ලබාදෙන්න ඕන දවස්, කෑම ලබාදිය යුතු ආකාරය මේ හැමදෙයක් ගැනම ඔයා බ්‍රීඩර් එක්ක සාකච්ඡා කරන්න ඕන. බ්‍රීඩර් ඔයාගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න අකමැතියිනම් කරන්න තියෙන හොදම දේ තමයි වෙන බ්‍රීඩර් කෙනෙක්ගෙන් පැටියෙක්ව ගන්න උත්සාහ කරන එක.

7. රොට්වයලර් පැටියට අදාළ සහතිකය සහ පොත අනිවාර්යෙන්ම ලබාගන්න. Ceylon Kennel Club (CKC) හෝ Kennel Association of Sri Lanka (KASL) ආයතනයන්හි රොට්වයලර් පැටියව රෙජිස්ටර් කරලා තියෙන එක ඔයාට ඉස්සරහට ගොඩක් ප්‍රයෝජනවත් වනවා.

8. රොට්වයලර් පැටියාව හොදින් ෆීඩ් කරලද, ක්‍රියාශීලීද කියලත් ඔයාලා හොදින් බලන්න ඕන. පැටියගේ කෝට් එක පිරිසිදුව (Clean) සහ දිලිසෙමින් (Shiny) තියෙන්න ඕන. ඒ වගේම හොද නිරෝගිමත් පැටියෙක්ගේ දත් තනි සුදු වර්ණයෙනුත්, විදුරුමස් රෝස පැහැයෙනුත් යුක්තයි.

 

අපි ඔයාලට ඔය කිව්ව කරුණු සියල්ලම සළකලා බලලා හොද රොට්වයලර් පැටියෙක්ව තෝරගන්න.

එහෙනම් මේ සතියේ අපි ඔයාලගෙන් සමුගන්නවා.

හැබැයි ලබන සතියේ අපි තවත් ලිපියකින් ඔයාලව මුණගැහෙනවා.

 

 

ඒ එන්නේ ඔයාලගේ රොට්වයලර් පැටියව සුපිරි මට්ටමට ගන්න ෆීඩ් කරන්න ඕන විදිහ කියලා දෙන්නයි.

Facebook Comments

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *