ජාතික ආරක්‍ෂාව ගැන හැඟීමෙන් කතා කළ එකම පුද්ගලයා සරත් ෆොන්සේකා පමණයි; මහින්ද රාජපක්‍ෂ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

පාර්ලිමේන්තුව තුළ ජාතික ආරක්‍ෂාව පිළිබඳ හැඟීමකින් යුතුව කතා කළ ආණ්ඩුවේ එකම පුද්ගලයා හිටපු හමුදාපති ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (23 දා* පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළේය.

පවතින තත්ත්වය පිළිබඳ විශේෂ ප‍්‍රකාශයක් කරමින් අදහස් පළ කළ විපක්‍ෂ නායකවරයා පසුගිය කාලය තුළ පාර්ලිමේන්තුව තුළ පැවැති විවාදවලදී ආණ්ඩුවේ කිසිදු ඇමැතිවරයකු හෝ මන්තී‍්‍රවරයකු ජාතික ආරක්‍ෂාව පිළිබඳ අදහස් පළ නොකළ බව කීය.

මේ අවස්ථාවේදී ආණ්ඩු පක්‍ෂයේ පසු පෙළ අසුනක හිඳ සිටි සරත් ෆොන්සේකා මහතා නැගිට ආරක්‍ෂක අංශ ශක්තිමත් කළ යුතු බව මම පුන පුනා කිව්වා යැයි විපක්‍ෂ නායකවරයාට කීවේය.

ඔව් ඔබතුමා කිව්වා. ජාතික ආරක්‍ෂාව ගැන මේ පාර්ලිමේන්තුවේ හැඟීමක් ඇතිව කතා කළ ආණ්ඩුවේ එකම පුද්ගලයා ඔබතුමා. අපේ කාලයේදී ආරක්‍ෂක කවුන්සිලය කි‍්‍රයාකළ ආකාරය ගැන එතුමා දන්නවා. මේ ආණ්ඩුවේ අගමැති එක පැත්තක, ජනාධිපති තවත් පැත්තක සිටිමින් මේ ප‍්‍රශ්නය විසඳන්න බෑ. මේ ප‍්‍රහාරය විහිළුවට ගන්න එපා. යැයි විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

මේ අවස්ථාවේ නැගී සිටි ආණ්ඩු පක්‍ෂ මන්තී‍්‍රවරයෙක් ඒක වුණේ අගමැතිකම හොරා ගත්තු නිසා යැයි කීය.

‘‘අගමැතිකම ඕනැ නම් ආපහු ගන්නවා. ඒත් දැන් ඔය පැත්තෙම එක්කෙනෙක්නේ ඒක ගන්න දඟලන්නේ’’ යැයි මහින්ද රාජපක්‍ෂ මහතා කීවේය.

පාර්ලිමේන්තුව දැන් ආරක්‍ෂක තර්ජනයකට ලක්ව ඇති බව ති‍්‍රවිධ හමුදාව සහ පොලිසිය දැනුම්දී ඇති නිසා ආරක්‍ෂක පියවර සම්බන්ධයෙන් අවබෝධයෙන් යුතුව කටයුතු කරන්නැයි කථානායක කරු ජයසූරිය මහතා ඊයේ (23 දා* පාර්ලිමේන්තුවේදී දැනුම් දුන්නේය.

පාර්ලිමේන්තු රැුස්වීම ආරම්භයේදී විශේෂ නිවේදනයක් කළ කථානායකවරයා මෙසේ ද කීය.

වේත‍්‍රධාරී නරේන්ද්‍ර ප‍්‍රනාන්දු මහතා සෙංකෝලය තැන්පත් කළ පසුව කථානායක කරු ජයසූරිය මහතාගේ මුලසුන යටතේ පාර්ලිමේන්තුව ඊයේ (23 දා* පස්වරු 1.00 ට රැුස්විණි.

අනතුරුව හදිසි නීති රෙගුලාසි කි‍්‍රයාත්මක කරමින් ජනාධිපතිවරයා විසින් කළ නිවේදනය කථානායකවරයා විසින් සභාවට දැනුම් දෙන ලදී. අනතුරුව පාර්ලිමේන්තුව හදිසියේ කැඳවීමේ ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා විසින් සභාවට ඉදිරිපත් කරන ලදී.

ආගමික සිද්ධස්ථාන තුනක් සහ හෝටල් හතරක සිදුවූ බෝම්බ පිපිරවීම සහ මනුෂ්‍ය ඝාතනය පිළිබඳ කථානායකවරයාගේ ප‍්‍රකාශය කරු ජයසූරිය මහතා විසින් සභාවට ඉදිරිපත් කරමින් කථානායකවරයා මෙසේද කීය.

පසුගිය අපේ‍්‍රල් 21 දින පෙරවරුවෙහි රටේ වැදගත් පූජනීය ස්ථාන 03 ක් ඇතුළුව ස්ථාන 8 ක සිදු වූ ම්ලේච්ඡු ප‍්‍රහාරය ශීලාචාර ලෝකයේ කිසිවකු විසින් අනුමත නොකරන මනුෂ්‍යත්වයට එරෙහි කුරිරු අපරාධයක් ලෙස පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.

මෙම විපත නිසා සිය වටිනා ජීවිත අහිමි වූ සමස්ත ශී‍්‍ර ලාංකිකයන් හා විදේශිකයන් වෙනුවෙනුත්, ස්වකීය සමීපතමයන් අහිමිවීම තුළ අපමණ සංතාපයට පත්ව සිටින සියලූ දෙනා වෙනුවෙනුත් හද පත්ලෙන්ම නැගෙන බලවත් ශෝකය පළකර සිටින අතර, මෙම අවාසනාවන්ත සිදුවීමෙන් තුවාල ලැබූ සියලූ දෙනා වෙතද ඉක්මන් සුවය ප‍්‍රාර්ථනා කරමු.

මෙවන් තත්ත්වයක් යළි ඇති නොවීම සඳහා මෙන්ම එම සිදුවීම පසුබිමෙහි වන කුරිරු බලවේග අපගේ මාතෘභූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා එකම ශී‍්‍ර ලාංකික ජාතියක් ලෙස එක්සත්ව ගත හැකි උපරිම සහ දැඩි පියවර ගැනීමට නොපසුබට විය යුතු බවට අවධාරණය කරමි.

මෙය එක් ජාතිකයකට හෝ ආගමකට එරෙහි ප‍්‍රහාරයක් නොව අපගේ මාතෘභූමියටත් සමස්ත ජනතාවගේම සමගිය හා සහජීවනයටත් එරෙහිව එල්ල වූ ප‍්‍රහාරයකි. එය පටු ජාතිවාදී හෝ ආගම්වාදී කෝණයකින් විග‍්‍රහ නොකර අවබෝධයෙන් යුතුව මුහුණ දෙමින් සාමය සමගිය ආරක්ෂා කළ ජනතාවට ගෞරවය පුද කරමු.

මෙම විපත්දායක මොහොතේ දිවි පරදුවට තබමින් ස්වකීය රාජකාරිය ඉටුකළ ති‍්‍රවිධ හමුදා හා පොලිස් නිලධාරීන්ට ද සෞඛ්‍ය කාර්ය මණ්ඩලයන්ට ද අපගේ ආචාරය පුද කරන අතර, එහි දී ස්වකීය ජීවිත පූජා කළ පොලිස් නිලධාරීන්ගේ ජ්‍යෙෂ්ඨ කැපවීම ද ගෞරවයෙන් සිහිපත් කරමි.

Facebook Comments

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *