එජාප බල අරගලය සහ මෛත්‍රීගේ අවසන් තුරුම්පුව……EXCLUSIVE 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

එක්සත් ජාතික පක්ෂය තුළ මේ වන විට එහි නායකත්වය සදහා දැඩි බල අරගලයක් ඇතිවී තිබේ.

රනිල්, සජිත්, කරූ, නවීන්, රවී මේ සදහා විශාල සටනක නියැලෙන අතර ඔවුන්ගේ බලාපොරොත්තුව එළැඹෙන ජනාධිපතිවරණයට පෙර එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ලබාගැනීමයි.

පසුගිය දින කිහිපයේම සජිත් සහ රවී එළිපිටම දැඩි වාග් ප්‍රහාරවල නිරත වූ අතර එම පෙර පුවත් සදහා පහත සබැදියෙන් යොමු විය හැකියි.

කුමන්ත්‍රණයකින් අගමැති වෙන්න යන්න සජිත්ට රවීගෙන් දැඩි ප්‍රහාරයක්…. අම්මා, අප්පා විකුණලා පක්ෂය ඉදිරියට ගන්න බෑ……VIDEO 

එජාපයේ මෙම බල අරගලයත් සමග මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාද ඔහුගේ අවසන් තුරුම්පුව වශයෙන් සජිත් ප්‍රේමදාස මහතාව තෝරාගෙන තිබෙන අතර අප පසුගියදා වාර්තා කළේ රනිල් වික්‍රමසිංහ මහතාව අගමැති ධූරයෙන් ඉවත්කර සජිත් ප්‍රේමදාස මහතාව අගමැති වශයෙන් පතිකිරීමට ජනාධිපතිවරයා ක්‍රියා කරමින් සිටින බවයි. රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධූරය අහිමි වනවාත් සමගම එක්සත් ජාතික පක්ෂයේ බහුතර බලයද සජිත් ප්‍රේමදාස මහතාට හිමි වීමෙන් රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂ නායකත්වයද අහිම් වීමේ අවදානමක් පවතී.

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා තමන්ට හිතවත් මැතිඇමතිවරුන් සමග පසුගියදා හිල්ටන් හෝටලයේදීද මේ පිළිබදව තීරණාත්මක සාකච්ඡාවක් පවත්වා ඇති අතර, එජාපයේ පිරිසක් සමගින් සිරිසේන ජනාධිපතිවරයාට හිතවත් ශ්‍රිලනිපයේ කොටසක් එකතු කර ගැනීමෙන් පාර්ලිමේන්තුවේ බහුතර බලය තමන්ට ලබාගත හැකි බවයි.

තමන් එක් වරකට වඩා ජනාධිපතිධූරය දරන්නේ නැතැයි පවසමින් 2015 දී ජනාධිපතිධූරයට පත් සිරිසේන ජනාධිපතිවරයාද මේ වන නැවතත් මෙම වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට තරග කිරීමේ දැඩි උවමනාවකින් පසුවන අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහයෙන් ජනපති සටනට ඉදිරිපත් වීමට විශාල උත්සාහයක නිරත විය.

මහින්ද රාජපක්ෂ මහතාට අගමැතිධූරය ලබාදීමෙන්ද ජනාධිපතිවරයා උත්සාහ කරන ලද්දේ මහින්ද හිතවාදීන්ගේ විශ්වාසය දිනා ඔවුන්ගේ සහයෙන් නැවතත් ජනාධිපතිධූරයට තරග කොට ජය ගැනීමයි.

ඔහුගේ තක්සේරුව වී තිබුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට 19 සංශෝධනය හේතුවෙන් නැවතත් ජනාධිපතිවරණයකට තරග කළ නොහැකි බැවින් සහ තමන් වෙනුවට තම සහෝදරයෙකු රටේ නායකත්වයට පත්කිරීමට අකමැති බැවින්, මහින්ද රාජපක්ෂ මහතා අගමැතිධූරයේ තබාගනිමින් තමන් 2019 ජනාධිපතිවරණයට තරග කොට නැවටත් රටේ නායකත්වයට පත් වීමට විශාල ඉඩකඩක් ඇති බවටයි.

නමුත් මේ වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තම පක්ෂයෙන් සිරිසේන ජනාධිපතිවරයාව ඉදිරිපත් නොකරන බවට දැඩි තීරණයක පසුවන අතර, මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ හමුවීමකදී ඔවුන් තීරණය කර තිබුණේ රටේ වැඩිම ඉල්ලුමක් ඇති හිටපු ආරක්ෂක ලේඛම් ගෝඨාභය රාජපක්ෂ මහතාව තම පාර්ශවයෙන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමටයි.

මේ අනුව ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීම සදහා සිරිසේන ජනාධිපතිවරයාගේ එම සියළුම සැලසුම් අසාර්ථක වී ඇති පසුබිමක ඔහුගේ නවතම සැලසුම වී තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ කොටසක් සහ තමන්ට හිතවත් ශ්‍රිලනිපයේ කොටසක් එකතු කරගනිමින් සජිත් ප්‍රේමදාස මහතාගේ අගමැතිධූරය යටතේ නව ආණ්ඩුවක් පිහිටවීමටයි.

සජිත් ප්‍රේමදාස මහතා අගමැතිධූරයට පත්වීමත් සමගින් ඔහුට එජාපයේ නායකත්වයද හිමිවනු ඇති අතර එජාපයේ සහ ශ්‍රීලනිපයේ සහයෙන් ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීම සිරිසේන ජනාධිපතිවරායාගේ සැලසුමයි.

ඉහළ පෙලේ හමුවීම් වලදී සාකච්ඡා වී ඇත්තේ සිරිසෙන-සජිත් සැලසුම සාර්ථක වුවහොත් කිසිදින රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ලබාගත නොහැකි එක්සත් ජාතික පක්ෂ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබාගැනීමට හැකි වන බවත්, ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීමට අවශ්‍යතාවයක් ඇතත් සෑම බලවේගයක් විසිම ප්‍රතික්ෂේප කර ඇති සිරිසේන ජනාධිපතිවරයාට නැවතත් සජිත්ගේ ආශිර්වාදයෙන් එක්සත් ජාතික පක්ෂ පිලෙන් 2019 ජනාධිපතිවරණයට තරග කිරීමට අවස්ථාව උදාවනු ඇති බවයි.

තම ඉදිරි දේශපාලන ආරක්ෂාව වෙනුවෙන් සිරිසේන ජනාධිපතිවරයාට මේ වන විට ඉතුරුව තිබෙන අවසන් තුරුම්පුව වන්නේද සජිත් ප්‍රේමදාස මහතායි.

ලංකා ඇත්ත අපගේ තක්සේරුව අනුව එක්සත් ජාතික පක්ෂ නායකත්වය හෝ අගමැතිධූරය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ලබාගැනීම ඉතාමත්ම දුෂ්කර කටයුත්තක් වනු ඇත.

සිරිසේන ජනාධිපතිවරයාම මෑතකදී ප්‍රකාශ කළේ මහින්ද රාජපක්ෂ මහතාට අගමැතිධූරය ලබාදීමට පෙර කිහිප විටක්ම සජිත් ප්‍රේමදාස මහතාගෙන්ද අගමැතිධූරය බාරගන්නා ලෙස ඉල්ලා සිටියත් “මටනම් නායකතුමත් එක්ක හැප්පෙන්න බෑ….” යනුවෙන් පවසා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවයි.

එක්සත් ජාතික පක්ෂයේ මේ වන විට ඇතිව තිබෙන බල අරගලය සහ සිරිසේන ජනාධිපතිවරයාගේ අවසන් තුරුම්පුව පිළිබදව වැඩිදුර තොරතුරු ලංකා ඇත්ත ඔස්සේ බලාපොරොත්තු වන්න……

Facebook Comments

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *