හොංකොං විරෝධතා දැඩි වෙයි

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ලවන පුද්ගලයන් චීන මව් දේශයට පිටුවහල් කිරීමට එරෙහිව හොංකොං දිවයිනේ ආරම්භ කෙරුණු විරෝධතා රැල්ල මේ වන විට  තීව‍්‍ර වී තිබෙනවා.

දස දහස් සංඛ්‍යාත හොංකොං වාසීන් වීථිවලට රොක්වී එම විරෝධතාවල නිරතවන්නේ නව නීතිය තුළින් දේශපාලන ප්‍රතිවාදීන් චීනයට පිටුවහල් කිරීමේ අවදානමක් පවතින බව පවසමින්.

විරෝධතා සඳහා අද දිනයේදී ව්‍යාපාරිකයින් ද එක්වනු ඇති බවට විදෙස් වාර්තා සදහන් කළා.

කෙසේ වෙතත්, අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල වන පුද්ගලයින් චීන මව් දේශයට පිටුවහල් කිරීම සඳහා ගෙන එනු ලැබූ යෝජනාව අද එරට පාර්ලිමේන්තුව තුළ විවාද කිරීමට නියමිතයි.

මෙම යෝජනාව බොහෝදුරට සම්මත වනු ඇති බවයි එරටින් ලැබෙන වාර්තා සදහන් කළේ.

Facebook Comments

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *