සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පිටරට සිට ලියන්න අවස්ථාව

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ දරුවන්ට සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සඳහා ඔවුන් පදිංචි රටේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල මගින් පෙනී සිටීමට ක්‍රමවේදයක් සකස් කරන ලෙසට විභාග දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ විභාග සහතික පත් ඔන්ලයින් ක්‍රමයට නිකුත් කිරීම ඇරඹීම නිමිත්තෙන් විභාග දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින්.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ විභාග සහතික ඔන්ලයින් ක්‍රමයට නිකුත් කිරීමේ වැඩපිළිවෙල සිදුකළ යුතුව තිබුණේ මීට දශක කිහිපයකට ඉහතදී බවයි.

Facebook Comments

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *