සංචාරක කර්මාන්තය කඩාගෙන වැටිලා දැන් ඉන්නෙ 30% : ජෝන් අමරතුංග

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු මේවනවිට මෙරට රැඳී සිටින්නේ සංචාරකයින්ගෙන් සියයට 30ක් පමණක් බව සංචාරක සංවර්ධන අමාත්‍ය ජෝන් අමරතුංග පවසනවා. අමාත්‍යවරයා කියා සිටියේ ප‍්‍රහාරයට පෙර මෙරටට පැමිණ සිටි සංචාරකයින් බොහෝ පිරිසක් ශ‍්‍රී ලංකාව හැර ගිය බවයි.

ශ‍්‍රී ලංකා සංචාරක මණ්ඩලය පැවසුවේ ත‍්‍රස්ත ප‍්‍රහාරය හේතුවෙන් සංචාරකයින්ගේ පැමිණීම ඉදිරි මාස 02දී සියයට 50කින් පමණ අඩුවනු ඇති බවයි. කොළඹට පැමිණෙන සංචාරකයින් ද සියයට 30කින් පමන අඩුවනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.  ශ‍්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට පුද්ගලයින් ලක්ෂ 07ක් පමණ සම්බන්ධ වී සිටිනවා. ඉන් ලක්ෂ 04කගේ ඍජු ආදායම සංචාරක කර්මාන්තයයි.

සංචාරක කර්මාන්තය යනු ශ‍්‍රී ලංකාවේ 03වන විශාලතම ආදායම් මාර්ගය ද වනවා. මෙරට ආර්ථිකයට සංචාරක කර්මාන්තයේ දායකත්වය අමෙරිකානු ඩොලර් බිලියන 4 යි දශම 4 කට ආසන්නයි. මේ වසරේදී ශ‍්‍රි ලංකාව අපේක්ෂිත සංචාරක ඉලක්කය මිලියන 03ක්.

කෙසේවෙතත් Lanka ඇත්ත ඊයේ කළ සොයා බැලීමකදී අනාවරණ වූයේ සංචාරක කර්මාන්තයට සම්බන්ධ බොහෝ පිරිසක් මේවනවිට දැඩි අසීරුතාවකට පත්ව සිටින බවයි. ප‍්‍රධාන පෙළේ හෝටල්වල පවා පෙර කරන ලද වෙන් කිරීම් වලින් සියයට 90ක් පමණ අවලංගු වී ඇති බවයි වැඩිදුරටත් හෙළි වුණේ. විදෙස් සංචාරකයින්ගේ වැඩි ආකර්ශනයක් දිනා ගත් පාසිකුඩා වෙරළ තීරය ද අද වනවිට සංචාරකයින් නොමැති පාලූ ස්වභාවයක් ගෙන තිබෙනවා.

එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වූ Lanka ඇත්ත කණ්ඩායමට දැක ගත හැකි වූයේ දෙස් විදෙස් කිසිඳු සංචාරකයෙකු පාසිකුඩා වෙරළ තීරයට පැමිණ නොමැති ආකාරයයි. වෙරළාසන්නයේ පිහිටි සංචාරක සේවා සපයන ආයතන ද වසා ඇති අයුරු දැකගත හැකි වුණා.

Facebook Comments

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *