ශ‍්‍රී ලංකාවේ වඩාත්ම වටිනා පෞද්ගලික බැංකු සන්නාමය යළිත් කොමර්ෂල් බැංකුව වෙයි

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

ශ‍්‍රී ලංකාවේ වඩාත්ම වටිනා සන්නාම තෝරා ගැනීම සඳහා බ‍්‍රෑන්ඩ් ෆයිනෑන්ස් විසින් 16 වැනි වරටත් පැවැත්වූ වර්ගීකරණයේදී කොමර්ෂල් බැංකුව 2019 වසරේ ශ‍්‍රී ලංකාවේ වඩාත්ම වටිනා පෞද්ගලික බැංකු සන්නාමය ලෙසින් තෝරාගෙන තිබේ. 

මෙවර වර්ගීකරණයේදී මෙරට වඩාත්ම වටිනා පාරිභෝගික සන්නාම 05 අතර නම් වූ එකම පෞද්ගලික වාණිජ බැංකුව බවට පත්වෙමින් සමස්ත ලැයිස්තුවෙහි සිව්වැනි ස්ථානය දිනාගැනීමට කොමර්ෂල් බැංකුව සමත්වී ඇත. මෙම ගෞරවනීය වර්ගීකරණය ආරම්භ කළදා පටන් මෙරට වඩාත්ම වටිනා සන්නාම 10 අතර සෑම අවස්ථාවකම කොමර්ෂල් බැංකුව නම් කර තිබීම මෙහිදී කැපී පෙනේ.  

කොමර්ෂල් බැංකු සන්නාමයේ වටිනාකම රුපියල් බිලියන 37.269 ක් යැයි බ‍්‍රෑන්ඩ් ෆයිනෑන්ස් විසින් ගණනය කර තිබෙන අතර එය 2018 වසරේදී වටිනාකමට වඩා 27%ක වර්ධනයකි. ශ‍්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික වාණිජ බැංකුව සහ ප‍්‍රමුඛතම පුද්ගලික බැංකු සන්නාමය ලෙස කොමර්ෂල් බැංකුව දරන ස්ථානය මෙයින් නැවතත් සනාථ වී ඇත. මෙම වර්ගීකරණයේදී මෙරට වඩාත් වටිනාම සහ ශක්තිමත්ම සන්නාම හඳුනා ගැනීම සඳහා කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත කර තිබෙන සමාගම්වල මූල්‍ය දත්ත සවිස්තරාත්මකව විශ්ලේෂණය කරනු ලැබේ. මෙහිදී, සන්නාම තක්සේරැ කිරීම සඳහා සමාගම විසින් ගෝලීයව භාවිතා කරන රෝයල්ටි රිලීෆ් ප‍්‍රවේශය භාවිතා කරයි. 

ලෝකයේ ප‍්‍රමුඛතම සහ වඩාත් ස්වාධීන සන්නාම ඇගයීමේ සහ වර්ගීකරණ ආයතනයක් වන බ‍්‍රෑන්ඩ් ෆයිනෑන්ස් පී.එල්.සී. සමාගමේ මූලස්ථානය ලන්ඩනයේ පිහිටා තිබෙන අතර ශාඛා ජාලය ලොව පුරා ව්‍යාප්තව තිබේ. වාර්ෂිකව ශ‍්‍රී ලංකාව තුළ  බ‍්‍රෑන්ඩ් ෆයිනෑන්ස් වර්ගීකරණය ප‍්‍රකාශයට පත්කරන්නේ LMD සඟරාව මගිනි.

ශ‍්‍රී ලංකාව තුළ වඩාත් සක‍්‍රීය සහ දිදුලන සන්නාමයක් වන කොමර්ෂල් බැංකුව සිය සන්නාමය ගොඩනැගීමේ ක‍්‍රියාවලිය තුළ එහි ආයතනික සහ නිෂ්පාදන සන්නිවේදනය සහ බිම් මට්ටමේ පාරිභෝගික ක‍්‍රියාකාරී වැඩසටහන් අතර ශක්තිමත් සමබරතාවයක් රඳවා ගැනීමට සමත්වී තිබේ. සාම්ප‍්‍රදායික මාධ්‍යයට අමතරව බැංකුව සමාජ මාධ්‍ය සහ ඩිජිටල් මාධ්‍ය තුළ සහ ජාතික මෙන්ම පළාත් මට්ටමේ පාරිභෝගික ක‍්‍රියාකාරී වැඩසටහන් වලදී වඩාත් සක‍්‍රීයව කටයුතු කරයි. මීටඅමතරව, බැංකුව සතුව විදේශයන්හි වෙසෙන විශාල ශ‍්‍රී ලාංකේය විගමනික පාරිභෝගික කණ්ඩායමක් සිටින අතර ඔවුන් සමග විවිධ වැඩසටහන් සහ පාරිභෝගික ප‍්‍රවර්ධන වැඩසටහන් මගින් බැංකුව නිරන්තරයෙන් සම්බන්ධ වේ.

අලෙවිකරණ සැලසුම් සකස් කිරීමේදී සහ සන්නාමය ගොඩනැගීමේ ක‍්‍රියාකාරකම්වලදී එයට අදාළ උපාය මාර්ගය කෙරෙහි දැඩි අවධානයක් යොමුකරන බව බැංකුව සඳහන් කරයි. කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම අට වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුවයි.

Facebook Comments

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *