ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරඟය වර්ෂාව හේතුවෙන් අතහැර දැමේ : ශ්‍රී ලංකාව 5 වන ස්ථානයට

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 16 වැනි තරගය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ ක්‍රීඩකයෝ අද (11) එංගලන්තයේ බ්‍රිස්ටල් ක්‍රීඩා පිටියට පිවිසිය ද පැවති අයහපත් වාතාවරණය හමුවේ ක්‍රීඩා විවේකාගාරයේම රැඳී සිටීමට ඔවුන් සෑම දෙනෙක්ටම සිදු වූහ.

ඒ මීට සුළු මොහොතකට පෙර එම තරඟය අතහැර දැමීමට තරඟ තීරකවරයා තීරණය කිරීම හේතුවෙනි.

ඒ බ්‍රිස්ටල් පිටිය හා ඒ අවට සම්පූර්ණයෙන්ම වර්ෂාව විසින් ගිල ගෙන සිටී බැවිනි. පැවැත්වෙන අයහපත් තත්ත්වය හමුවේ පිටිය පරීක්ෂා කිරීමට විනිසුරුවන් විසින් පැයක පමණ කාලයකට තරගය පමා කරන ලදි.

ශ්‍රී ලංකාව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මේ දක්වා තරග තුනකට සහභාගී වී ඇති අතර එහි දී දකුණු අප්‍රිකාව වෙතින් පරාජය වෙමින් ද ඇෆ්ගනිස්තානයට එරෙහිව ජයග්‍රහණයක් ලබමින් ද සහ පාකිස්තානයට එරෙහි තරගය විසඳුමකින් තොරව ද අවසන් කර ඇත.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය තමන් සහභාගී වූ පළමු තරගයේ දී දකුණු අප්‍රිකාවට එරෙහිව තම එක්දින තරග දිවියේ හොඳම ඉනිම ක්‍රීඩා කරමින් ප්‍රතිවාදී කණ්ඩායම් සලිත කිරීමට සමත් වූ කණ්ඩායමකි. එම තරගයේ දී ඔවුන් ජයග්‍රහණය කිරීමට ද සමත් වූහ. එසේ වූවද බංගලියන්ට දෙවැනි සහ තෙවැනි තරගවල දී නවසීලන්තය සහ එංගලන්තය වෙතින් පරාජය වීමට සිදු විය.

ශ්‍රී ලංක – බංග්ලාදේශ තරඟය අතහැර දැමීමත් සමඟින් කණ්ඩායම් දෙකටම ප්‍රසාද ලකුණු 1 බැඟින් හිමි වූ අතර මේ අනුව ශ්‍රී ලංකාව ලෝක කුසලාන තරඟාවලියේ ප්‍රසාද ලකුණු 4 ක් ලබා පස්වන ස්ථානයේත් ප්‍රසාද ලකුණු 3 ක් ලැබූ බංග්ලාදේශය හත්වන ස්ථානයේත් පසුවනවා.

Facebook Comments

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *