ශ්‍රීලනිපයේ සහය ලැබුණත් මෛත්‍රීට ගෝඨාගේ ජනාධිපතිවරණ වේදිකාව තහනම්

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සන්ධානයක් ඇති කරගත්ත ද ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතුවලදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ එකම වේදිකාවක හිඳිමින් රැස්වීම් පැවැත්වීමට තමන්ට නොහැකි බවට කොන්දේසියක් ශ්‍රීලපොපෙ විසින් ශ්‍රීලනිපය වෙත ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ. 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වත්මන් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ සහ කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ලෙසත් කටයුතු කරන බැවින් ඔහුත් සමඟ ප්‍රසිද්ධියේ එකම වේදිකාවක කටයුතු කිරීමට තමන්ට නොහැකි බවයි පොහොට්ටු පක්ෂය අවධාරණය කර ඇත්තේ.

එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවේ ප්‍රධානියා වශයෙන් ජනාධිපතිවරයා ද පසුගිය වසර පහකට ආසන්න කාලය තුළ සිදුවූ සියලුම දෑට වගකිව යුතු හෙයින් ඔහුත් සමඟ එකට අසුන් ගැනීම තමන්ට දේශපාලනිකව අවාසියක් වන බවත් ඔවුන් විසින් පෙන්වා දී තිබේ.

Facebook Comments

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *