රනිල්-සජිත් ගැටුම උග්‍ර වෙයි : ජනපති පත්කළ සජිත් වෙනුවට රනිල් බලේටම මෝදිගේ පරිවාර ඇමති වෙයි

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදිගේ පෙරේදා (09) යෙදුණු ශ්‍රී ලංකා සංචාරයේදී ජනාධිපතිවරයා විසින් පරිවාර ඇමති ලෙස පත්කළ සජිත් ප්‍රේමදාස ඇමතිවරයා පසෙකලා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අත්තනෝමතිකව මෝදි අගමැතිවරයාගේ පරිවාර රාජකාරිය සියතට ගන්නා ලදී.

ඒ අනුව කටුනායක ගුවන් තොටුපළේදී ඉන්දියානු අගමැතිවරයාගේ පරිවාර රාජකාරිය සඳහා සූදානම්ව සිටි සජිත් ප්‍රේමදාස ඇමතිවරයා බලා සිටියදීම ඒ සඳහා ඉදිරිපත් වූ අගමැති රනිල් මෝදි අගමැතිවරයාගේ වාහනයේ නැඟී පරිවාර ඇමති භූමිකාවේ නියැළෙමින් කටුනායක සිට කොළඹ දක්වා පැමිණ තිබේ.

කොළඹ දක්වා පැමිණීමේදී ඉන්දියානු අගමැතිවරයාගේ රථ පෙළට පසු අගමැති රනිල්ගේ රථ පෙළ පැමිණි අතර පරිවාර ඇමති ලෙස පැමිණි සජිත් ප්‍රේමදාස ඇමතිවරයා කොළඹට පැමිණ ඇත්තේ ඊටද පසුපසිනි.

ඉන් පසුව ජනාධිපති ලේකම් කාර්යාලයේ උත්සවයෙන් අනතුරුව කොටුව ජනාධිපති මන්දිරය දක්වාත්, ජනාධිපති මන්දිරයේ සිට ඉන්දියානු අගමැතිවරයා මහින්ද රාජපක්ෂ විපක්ෂනායකවරයාව මුණ ගැසීමට තර්ස්ටන් පාරේ පිහිටි ඉන්දියානු මන්දිරයට පැමිණි ගමනටත් පමණක් පරිවාර ඇමති ලෙස කටයුතු කිරීමට ජනාධිපතිවරයා විසින් පත්කළ සජිත් ප්‍රේමදාස ඇමතිවරයාට අවස්ථාව උදාවී ඇත.

ඉන් අනතුරුව ඉන්දියානු අගමැතිවරයා නැවත් සිය රට බලා පිටත් වීම සදහා ඉන්දියානු මන්දිරයේ සිට කටුනායක බලා යන ගමනට සජිත් ප්‍රේමදාස මහතාව නොතකා හැර රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාම පරිවාර රාජකාරිය සඳහා එක් වී තිබේ.

මේ ආකාරයට ජනාධිපතිවරයා විසින් සජිත් ප්‍රේමදාස ඇමතිවරයා වෙත පැවරූ පරිවාර රාජකාරිය හිතුමතේම තමන් සතු කර ගැනීමට අගමැතිවරයා කටයුතු කර ඇත්තේ මේ දිනවල සිදුවෙමින් පවතින සජිත් ප්‍රේමදාස ඇමතිවරයාගේ දේශපාලන නැගී සිටීම පිළිබදව ඇති වූ බිය හේතුකොටගෙන විය හැකි බවට අප දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

මේ අතර පසුගිය සතියේ ජනාධිපතිවරයා විසින් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් හමුවේ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස ඇමතිවරයාට ලබාදෙන්නේනම් තම සහයෝගය ලබා දෙන බව ප්‍රකාශ කළ බවටද වාර්තා විය. එම පුවත ජාත්‍යාන්තර පුවත් සේවාවන් මගින්ද වාර්තා කළ අතර ජනාධිපතිවරයා විසින් එම වාර්තා ප්‍රතික්ෂේප කිරීමක්ද සිදු නොකළේය.

ජනාධිපතිවරණයට සජිත් ආවොත් මෛත්‍රී සහය දෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි

මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත රනිල්-සජිත් ගැටුමෙන් උණුසුම් වී තිබෙන අතර බහුතරයකගේ ඉල්ලීම වී ඇත්තේ සජිත් ප්‍රේමදාස ඇමතිවරයාට එළැඹෙන ජනාධිපතිවරණයේදී අපේක්ෂකත්වය ලබාදෙන ලෙසයි.

මේ අනුව සජිත් ප්‍රේමදාස මහතා තම දේශපාලන කටයුතු ඉතා වේගවත් කර තිබෙන අතර ජනාධිපතිවරණයේදී එළිදැක්වීම සඳහා වැඩපිළිවෙලක්ද මේ වන විටත් සකස් කර අවසන්.

පොදු අපේක්ෂකයන්ට එජාපයේ දොර වැසෙයි: ජනාධිපතිවරණය වෙනුවෙන් සජිත් සියල්ල සූදානම් කරයි

Facebook Comments

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *