රනිල් ඉවතට? සජිත්ට අගමැතිකම? මෛත්‍රී එජාප පිළෙන් ජනපති සටනට?

ඉතා ආසන්නයේදී අගමැති වෙනසක් වන්නේ යයි වාර්තා වූ තොරතුරක් හේතුවෙන් ඉහලම දේශපාලන බල කදවුරු කිහිපයක්ම දැඩි සේ කලබලයට පත්ව තිබේ.

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා වෙනුවට එම පක්‍ෂයේම වෙනත් ප‍්‍රබලයෙක් අගමැති ධුරයට පත් කිරීමට ජනාධිපතිවරයා තීන්දු කර ඇති බවට මෙම තොරතුරෙන් කියැවී තිබින. මෙම ප්‍රබලයා සජිත් ප්‍රේමදාස අමාත්‍යාවරයා බවද වැඩිදුරටත් කියැවිණි.

සති අන්තයේ ලද මෙම තොරතුර නිසා සිරිකොත මන්දිරය, ශ‍්‍රීලනිප මූලස්තානය මෙන්ම පොහොට්ටු මූලස්ථානයද කැළඹී ගොස් තිබූ බව සමීපතම ආරංචි සනාථ කලේය.

එජාප ප‍්‍රබලයා අගමැති ධුරයට පත් වීමෙන් පසු එජාප නායකත්වයද ඔහුට හිමිවනු ඇති බවත් විපක්‍ෂ නායක ධුරයේද වෙනසක් ඇති වනු ඇති බවත් එම ස්ථානයන්හි කිහිප විටක්ම සාකච්චා වී තිබින.

මෙය මෙම වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සදහා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට නැවතත් තරග කිරීම සදහා අවස්ථාවක් හිමිකර දෙනු ඇත.

පොහොට්ටුවෙන් කිසිදු ලෙසකින්වත් අපේක්ෂකත්වය නොලැබෙන වාතාවරණයක් යටතේ එජාපය ප්‍රමුඛ හවුල්කාර පක්ෂවල පොදු අපේක්ෂකයා වශයෙන් ජනපති සටනට පිවිසීමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා උත්සාහ කරන බවටද දේශාපාලන කරළියේ විශාල කතාබහක් ඇති වී තිබේ.

592 total views, 1 views today

Please follow and like us:
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *