මෙවර උත්සව සමයේ භාණ්ඩ මිල ඉහළ ගියේ අනවශ්‍ය බදු නිසයි

ආණ්ඩුව අනවශ්‍ය ලෙස බදු අයකිරීම හේතුවෙන් මෙවර උත්සව සමයේ භාණ්ඩ මිල ඉහළ යාමට හේතු වී ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ඉදිරි මැතිවරණයකදී ආණ්ඩුවට දරුණු පරාජයකට මුහුණදීමට සිදු වනු ඇති බවයි.

අද (15) තංගල්ල කාල්ටන් නිවසේදී මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පල කළේය.

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට සුබපැතීමට හිටපු රාජ්‍ය නිලධාරීන් ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල ජනතාව තංගල්ලේ කාල්ටන් නිවස වෙත  අද පැමිණ සිටියේය.

ඒ අතර හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාද සිටියේය.

64 total views, 1 views today

Please follow and like us:
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *