බුද්ධි අංශවල වරදක් නැහැ: පාස්කු ප්‍රහාරයට හේතුව නායකත්වයේ නොහැකියාව

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

පාස්කු ඉරිදා ප්‍රහාරය මෙරට බුද්ධි අංශවල අසමත්වීමක් නොව, නායකත්වයේ අසමත්වීමක් බව ගෝලිය ත්‍රස්තවාදය පිළිබඳ විශේෂඥ, මහාචාර්ය රොහාන් ගුණරත්න මහතා පවසයි.

ඊයේ(09) පස්වරුවේ කොළඹ පැවති සම්මන්ත්‍රණයකදී මහාචාර්යවරයා මේ බව සඳහන් කළේය.

අයි.එස් සංවිධානයේ ගෝලීය ව්‍යාප්තිය සහ එයින් ශ්‍රී ලංකාවට ඇති බලපෑම යන තේමාව යටතේ විශේෂ සාකච්ඡාවක් ඊයේ කොළඹදී පැවැත්වුණි.

එය සංවිධාන කර තිබුණේ මහින්ද රාජපක්ෂ මධ්‍යස්ථානය විසින්ය.

ඒ සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කථානායක කරූ ජයසූරිය සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඇතුළු දේශපාලන නායකයින් පිරිසක් එක්ව සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් ගෝලිය ත්‍රස්තවාදය පිළිබඳ විශේෂඥ මහාචාර්ය රොහාන් ගුණරත්න මේ බව පැවසීය.

IS ජාල තුනක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වුණා. මහනුවර කේන්ද්‍ර කරගත් මධ්‍යම පළාතේ ජාලය, පසුව බඳවාගත් ජාල දෙකක් තිබුණා. සහරාන් හෂීම් නායකත්වය දුන් නැගෙනහිර ජාලය, එමෙන්ම බස්නාහිර පළාතේ JMI නමින් තවත් IS ජාලයක් මතුවී ආවා.

එහි සාමාජිකයින් අතර මතගැටුමක් තිබුණා. එහි නායක උමයර් ඇතුළු අල්කයිඩා සංවිධානයට සහය දුන් අය කිව්වා මේ ජිහාඩ් සඳහා ගැලපෙන වෙලාව නෙමෙයි කියලා. ඔවුන්ට පල්ලි සහ හෝටල්වලට පහර දෙන්න අවශ්‍ය වුණ මොහොතෙ.

ඉල්හාම් සහ ජලීල් කියන දෙන්නම සංවිධානය කඩාගෙන එළියට ආවා. පසුව ඔවුන් ඔක්කොම සහරාන් සමග එක්වුණා. ඔවුන් ශ්‍රී ලංකාවේ IS ජාලය පිහිටවූවා.

සහරාන් හෂීම් IS නායක අබු බකර් අල් බග්ඩාගිට සහය දීමේ ප්‍රතිඥාවක් ලබාදෙනවා. ඔහුට මිය යාමට අවශ්‍යයි. ඔවුන් දේවල් 05ක් විශ්වාස කරනවා.

ඔවුන් ස්වර්ගයට යනු ඇති බව. සියලු වැරදි සහ පව්වලට සමාව ලැබෙනු ඇති බව. හතරවෙනි එක ඔබට ඔබත් සමග නැදෑයන් 70 දෙනෙකු ස්වර්ගයට රැගෙන යා හැකි බව. ඒ නිසයි ඇතැම් ඥාතීන් මේ ප්‍රහාරවලට සහය දුන්නේ. ඒ නිසයි ඇතැම් පවුලේ සාමාජිකයින් සියදිවි නසාගත්තේ.

පස්වෙනි එක ඔබට. මම හිතන්නේ තරුණ කොල්ලෝ මේක ගැන හරි සතුටුයි වගේ.  හැබැයි කරුණාකරලා මේක ත්හදාබලන්න එපා. ඔබට ලස්සන ගැහැණු ළමයි 72ක් ලැබෙනවා කියලා. ජනාධිපති රාජපක්ෂ ? ඔබ හිනාවෙනවා. අගමැතිතුමා ? ඔබත් හිනාවෙනවා

ශ්‍රී ලංකාවට වැඩිම ශඛ්‍යතාවයක් ඇති හමුදා සහ නීතීය ක්‍රියාත්මක කිරීමේ ආයතන තිබෙනවා. හැබැයි රටේ ප්‍රධාන ප්‍රශ්න දෙකක් තිබුණා. නායකත්වය වෙන්වෙලා තිබුණා. දැක්මක් ඇති නායකත්වයක් තිබුණේ නැහැ.

අපිට ශ්‍රී ලංකාවේ ආරක්ෂක හෝ බුද්ධි අංශවලට මේ ප්‍රහාරය සම්බන්ධයෙන් දෝෂාරෝපණය කරන්න බැහැ. ඉතාම නිවැරදි බුද්ධි තොරතුරු රටකට ලැබෙන්නේ බොහොම කලාතුරකින්.

සහරාන් කියලත් කියනවා, ප්‍රහාර එල්ලවෙන්නේ පල්ලිවලට කියලත් කියනවා. ප්‍රභූ ආරක්ෂත අංශයේ නියෝජ්‍ය පොලිස්පති නිලධාරීන් 225 දෙනාටම කියනවා.

රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ට සහ විනිසුරුවරුන්ට දැනුවත් කරනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක අංශය දැනුවත් කරනවා. හැබැයි පල්ලිවලට දැනුවත් කළේ නැහැ. මට අවශ්‍යයි මෙය ඔබ දැනගන්න. මේක බුද්ධි අංශ අසමත්වීමක් නොවේ.මේක නායකත්වයේ අසමත්වීමක්.“

Facebook Comments

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *