ප්‍රසාද ලකුණු සටහනේ නවසීලන්තය පෙරමුණේ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

ලෝක කුසලාන තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු වන ස්ථානයේ පසුවන්නේ නවසීලන්ත කණ්ඩායමයි. 

එහි දෙවන සහ තෙවන ස්ථාන පිළිවෙලින් එංගලන්තය සහ ඉන්දියාව පසුවන අතර, 4 වන සහ 5 වන ස්ථානවල පසුවන්නේ  ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාවයි.

වර්ෂාව හේතුවෙන් බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ තරඟය අතහැර දැමීමට සිදුවුණා.

ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනේ ලකුණු 4ක්  ලබා ගනිමින් ශ්‍රී ලංකාව 5 වන ස්ථානයේ පසුවනවා. තරඟ 4කට සහභාගි වූ ශ්‍රී ලංකාව එක් තරඟයක් ජය ගෙන, එක් තරඟයක් පරාජයට පත්වූ අතර, තවත් තරඟ දෙකක් වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවුණා.

මේ අතර, ලෝක කුසලාන තරගාවලියේ තවත් තරඟයක් අද එංගලන්තයේ ටවුන්ටන් හිදී පැවැත්වෙන්නේ  ඕස්ට්‍රේලියාව සහ පාකිස්තානය අතරයි.

Facebook Comments

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *