ජාතික සේවක සංගමයේ ලංගම සේවකයින් වර්ජනයක

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

ඉල්ලීම්වලට විසඳුම් නොලැබීම නිසා එක්සත් ජාතික පක්ෂ සිරිකොත මූලස්ථානය ඉදිරිපිට උපවාසයක නිරතවූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ජාතික සේවක සංගමයේ සේවකයන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

අද පෙරවරු 10 ට පැවැත්වෙන සාකච්ඡාවේදී විසඳුමක් නොලැබුණහොත් එය අඛණ්ඩ වර්ජනයක් දක්වා දැඩි කරන බවයි ලංගම ජාතික සේවක සංගමයේ සමුළු ලේකම් ධර්ම බණ්ඩාර කියා සිටියේ.

ලබාදී ඇති උසස්වීම්වලට අදාළ වැටුප් ලබාදෙන ලෙස පවසමින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයින් පිරිසක් සිරිකොත පක්ෂ මුලස්ථානයේ ඉදිරිපිට පෙරේදා දහවල් මෙම උපවාසය ආරම්භ කළා.

ඊයේ උදෑසන ජාතික සේවක සංගමයේ නියෝජිතයින් කිහිපදෙනෙකු සහ එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සමඟ සාකච්ඡාවක් පැවැත්වුණද එයද විසඳුමකින් තොරව අවසන් වී තිබුණා.

විරෝධතාකරුවන් සඳහන් කළේ සාකච්ඡා වට 13 ක් පමණ මීට පෙර පවත්වා ඇති නමුත් තමන්ට නිසි විසඳුමක් නොලැබුණු බවයි.

Facebook Comments

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *