ජනපති – අගමැති විරසකයෙන් අද කැබිනට් රැස්වීමත් අවලංගුයි

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

සෑම අඟහරුවාදා දිනයකම සාමන්‍ය පරිදි පැවැත්වෙන කැබිනට් රැස්වීම අද දිනයේදි නොපැවැත්වෙන බව වාර්තා වෙයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ කටයුතු නවත්වන තෙක් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැබිනට් රැස්වීම වර්ජනය කරන බවට ගත් තීරණය හේතුවෙන් මෙවර කැබිනට් රැස්වීම නොපැවැත්වෙනු ඇත.

එම තේරීම් කාරක සභාව අද පස්වරු 2.00ට පාර්ලිමේන්තුවේදී රැස්වීමටද නියමිතව තිබිණි.

පසුගිය සිකුරාදා දිනයේදි පැවැති විශේෂ කැබිනට් රැස්වීමේදි ජනපතිවරයා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල කළ අතර එහි කටයුතු සිදුවන්නේ එම ආකාරයෙන් නම් නමන් ඉදිරියට කැබිනට් රැස්වීම් සඳහා එක්නොවන බව සඳහන් කළේය.

 

පෙර පුවත:

අද කැබිනට් රැස්වීම අවිනිශ්චිතයි: ජනපති, අගමැති ගැටුමෙන් ආණ්ඩුව තවත් අර්බුදයක

Facebook Comments

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *