කෝටි දෙකකට අධික මැණික ගලක් සමඟ පුද්ගලයෙක් මාට්ටු

කෝටි දෙකකට අධික වටිනාකමින් යුත් මැණික් ගලක් සමඟ සැකකරුවන් සිව් දෙනෙකු හෝමාගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය මාර්තු 24 වනදා මීගමුව නගරයේ පිහිටි හෝටලයකදී අලෙවි කිරීමට රැගෙන ආ මැණික් ගලක් සහ එහි අයිතිකරු පැහැරගෙන ගොස් රුපියල් 50,000ක මුදලක් කොල්ලකා ඇති බවට මීගමුව පොලීසියට පැමිණිලක් ලැබී තිබුණි.

ඒ පිළිබඳව පෑලියගොඩ බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසයේ නිලධාරින් සිදු කළ විමර්ශනවලදී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයිකාවල, හෝමාගම, බංගදෙනිය, වඩුමුන්නේගෙදර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්ය.

ඔවුන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පෑලියගොඩ බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාස වැඩිදුර විමර්ශන සිදු කරයි.

22 total views, 1 views today

Please follow and like us:
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *