කුමන්ත්‍රණයකින් අගමැති වෙන්න යන සජිත්ට රවීගෙන් දැඩි ප්‍රහාරයක්…. අම්මා, අප්පා විකුණලා පක්ෂය ඉදිරියට ගන්න බෑ……VIDEO 

අගමැති ධුරය දැරීම සඳහා සුදුසුකම් සහිත එක්සත් ජාතික පක්ෂය තුළ සිටින එකම නායකයා වත්මන් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පමණක් යැයි විදුලිබල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන ඇමැති එජාප උප නායක රවී කරුණානායක මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂයෙන්ම වෙනත් අගමැතිවරයෙක් පත් කිරීමට සූදානමක් ඇති බවට පැතිර යන තොරතුරු සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විසින් කළ ප්‍රශ්න කිරීමේදී ඇමතිවරයා මේ බව කියා සිටියේය.

රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකයා ලෙස කටයුතු කරද්දී වෙනත් කෙනෙකු පක්ෂ නායකයා ලෙස මතු කිරීම හුවා දක්වන්නේ නම් ඉදිරියේදී ඊට විරුද්දව කටයුතු කරන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

‘අම්මලා තාත්තලාගේ නම් විකුණල පක්ෂය ඉදිරියට ගෙන යන්න බෑ. අපට තියෙන්නේ ප්‍රතිපත්තියක් වෙනුවෙන් දේශපාලනය කරනවා මිසක් මූණ බලලා තමන්ගේ ආසනේවත් දිනන්න බැරි අය ලංකාවට පෙන්නන්න හදනවා දිනන්න පුළුවන් කියලා. එක්කෙනෙක්ගෙ දෙන්නෙක්ගේ පුම්බන ගමනක් නෙවෙයි තියෙන්නේ. සෘජුව කියන්න කැමතියි අපි නිහඬව සිටින්නේ දුර්වලතා නිසා නොවෙයි’ යයිද ඇමතිවරයා කියා සිටියේය.

සෑම විටකම තම හිටපු ජනාධිපති පියා ගැන වර්ණනා කරන්නේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාය. ලංකා ඇත්ත මීට පෙර වාර්තා කරන ලද්දේ සිරිසේන ජනාධිපතිවරයා විසින් සජිත් ප්‍රේමදාස මහතාව අගමැති ධූරයට පත්කර තමන් එජාප පිළේ 2019 ජනාධිපතිවරණ පොදු අපේක්ක්ෂයා වීමට සැළසුම් කරන බවයි. රවීගේ මෙම ප්‍රකාශය අප වාර්තාව සනාථ කරයි.

 

පෙර පුවතට මෙතැනින් පිවිසෙන්න…...

379 total views, 2 views today

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *