කැබිනෙට්ටුව නොකැඳවීම ව්‍යවස්ථා විරෝධීයි : චම්පික රණවක

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

කැබිනට් මණ්ඩලයේ නායකයා ලෙස ජනාධිපතිවරයා සතිපතා පැවැත්විය යුතු කැබිනට් රැස්වීම වර්ජනය කිරීම ව්‍යවස්ථා විරෝධී හා ප්‍රජාතන්ත්‍ර විරෝධී බව මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙය, ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් කටයුතු කළ තුන්වැනි අවස්ථාව බවයි. මීට පෙර පසුගිය ඔක්තෝබර් 26 වැනිදා ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථා විරෝධී ලෙස, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නව රජයක් පිහිටවූ බවත්, ව්‍යවස්ථාවෙන් විධායකයට පැවරී ඇති බලතල උල්ලංඝනය කරමින් නොවැම්බර් 09 වැනිදා පාර්ලිමේන්තු විසුරුවා හැරීමට කටයුතු කළ බවත් පෙන්වා දෙන ඇමතිවරයා පවසන්නේ එම ක්‍රියාමාර්ග දෙකම ව්‍යවස්ථා විරෝධී බව අධිකරණය තීන්දු කළ බවයි.

ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලය වර්ජනය කිරීම හා කැබිනට් රැස්වීම සතිපතා නොකැඳවීම හේතුවෙන් රට අරාජික තත්වයට පත්ව ඇති බවත් එය දේශපාලන වශයෙන් මෙන්ම ආර්ථික වශයෙන් ද රටට අහිතකර ලෙස බලපෑම් කරන බවත් ඇමතිවරයා පවසයි.

ජනාධිපතිවරයාගේ මෙම හිතුවක්කාරී තීරණ, ඔහුට 2015 වසරේදී ලැබුණු මිලියන 6.2 ක ජනවරමට පිටුපෑමක් බව ද ඇමතිවරයා පෙන්වා දෙයි.

වසර 30 ක බෙදුම්වාදී යුද්ධය අතිශය උණුසුම් ලෙස පැවති වකවානුවලදී පවා කැබිනට් රැස්වීම් සතිපතා පැවැත්වූ බව සඳහන් කරන ඇමතිවරයා පවසන්නේ ලබන අඟහරුවාදා කැබිනට් රැස්වීම අනිවාර්යයෙන් පැවැත්විය යුතු බවයි.

Facebook Comments

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *