අවුරුදු කැළඹූ සුළඟ

අනුරාධපුර රාජාංගණය ප්‍රදේශය හරහා හමා ගිය දැඩි සුළඟකින් එම ප්‍රෙද්ශයේ නිවාස රැසකට හානි සිදුව තිබේ.

අක්කර 15 ක පමණ කෙසෙල් වගා බිම් ද විනාශ වී ඇති බව වාර්තා වෙයි.

අනුරාධපුර රාජාංගණයේ කලුන්දෑගම, ශ්‍රීමා පුර, ඇතුළු ප්‍රදේශ කිහිපයකට ඊයේ(13) රාත්‍රියේදි දැඩි සුළං තත්ත්වයක් බලපෑවේය.

එයින් නිවාස හා වගා බිම්වලට හානි සිදුව තිබේ.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ මධ්‍යම, සබරගමුව, දකුණු, ඌව, වයඹ සහ බස්නාහිර පළාත්වලත් අනුරාධපුර, වව්නියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් තැනින් තැන අද රාත්‍රියේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි.

සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වර්ෂාපතනයක් ද ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඉකුත් මාස කිහිපයේ දිවයිනේ ප්‍රෙද්ශ රැසකට වියළි කාලගුණික තත්වයක් බලපෑ අතර බොහෝ පැතිවලට දැඩි අව්රශ්මියක් පතිත වුණි.

හෙට දිනයේත් දහවල් 12.09 ට සුරුවිල්, අරියාලේ, මුහමලේ සහ චැම්පියන්පත්තු යන ප්‍රදේශ වලට හිරු මුදුන්ව පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

37 total views, 1 views today

Please follow and like us:
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *