අන්තවාදය පරාජය කිරීමට ලංකාව : බෞද්ධ ඊශ‍්‍රායලය බවට හරවමු

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

ඉන්දීය මහමැතිවරණ ප‍්‍රතිපල අනුව අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයේ නායකත්වයෙන් යුක්ත ජනතා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සන්ධානය ඉන්දීය පාර්ලිමේන්තුවේ පහළ මන්ත‍්‍රී මණ්ඩලය වන ලෝක් සභාවේ ආසන 350 ක් ජය ගැනීමට සමත් විය. මෝදිගේ පක්ෂය පමණක් ලබාගත් ආසන ගණන 303කි. හින්දු ජාතිකවාදය ඉන්දීය දේශපාලනය අතික‍්‍රමණය කර ඇති බව මෙයින් පැහැදිලිය. ඉන්දීය මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරය තුළ තම නායකත්වය සහ පෞද්ගලික පෞරුෂය මහජනතාව අතර ශක්තිමත්ව ස්ථානගත කර ගැනීමට අගමැති මෝදි සමත් වූ අතර එයට ලන්සු තබන්නටවත් ඉන්දිරා ගාන්ධිගේ මුණුපුරා සමත් වූයේ නැත.

පෙබරවාරි 14 වැනිදා ඉන්දු කාශ්මීරයේ පුල්වාමා හි එල්ලවූ ප‍්‍රහාරයෙන් ඉන්දීය සෙබළුන් 40ක් මරණයට පත්වීමත් එයින් පසුව ඉන්දීය ගුවන් හමුදාව පකිස්ථානයේ ත‍්‍රස්ත ඉලක්ක වෙතට ප‍්‍රහාර එල්ල කිරීම හරහා තම පාක්ෂිකයින් තුළ ජාතිකවාදය වඩා ප‍්‍රහර්ෂයට පත් කිරීමට මෝදිට හැකි විය. එනිසා ඉන්දීය ජනයා දේශපාලන හින්දුත්වය වඩා ආදරයෙන් වැළඳ ගත්හ. එය වඩා හොඳින් අලෙවි කිරීමට මෝදිට මෙන්ම භාරතීය ජනතා පක්ෂයේ සභාපති වන අමිත් ශා ට හැකිවිය. සැබවින්ම මේ ජයග‍්‍රහණය පසු පස සිටින ප‍්‍රධානම චරිතය වන්නේ අමිත් ශා බව පැහැදිලිය. මුස්ලිම් අන්තවාදීන් එනම් සහරාන් හෂීම්ගේ කල්ලිය එල්ල කළ ප‍්‍රහාරයද මෝදී සිය මැතිවරණ සටනේදී නිරන්තරව භාවිතා කරනු ලැබුවේ මුස්ලිම් විරෝධය කුළු ගන්වමින් හින්දු ඡන්ද ආකර්ෂණය කිරීමටය. එය සාර්ථක විය.

මෝදිගේ ජයග‍්‍රහණය ගැන මෙරට සිංහල බෞද්ධයා අවධානය යොමු කළ යුතු වන්නේ ඉදිරියේදී හෝ රිෂාඞ් බදුර්දීන් වැනි අන්තවාදීන්ට කප්පම් නොදෙන ප‍්‍රබල ජාතිකවාදී රජයක් පිහිටුවා ගැනීම සඳහාය. මුස්ලිම් අන්තවාදය රට පුරාම රහසේම පැතිර ගොස් ඇති නිසා අප ක‍්‍රියා කළයුත්තේ වඩා කල්පනාකාරීවය. එසේම ලංකාව බෞද්ධ ඊශ‍්‍රායලයක් බවට පත් කරගතහොත් මේ අර්බුදයට පිළියමක් වනු ඇත. එය ලෙහෙසි පහසු කටයුත්තක් නම් නොවේ. මෙයට මුලින්ම එරෙහි වනු ඇත්තේ සිංහලයෝම බව කියමි. නමුත් අනතුර හමුවේ වඩා විචක්ෂණව කටයුතු නොකළහොත් ජාතියට අනාගතයක් නැත.

මුස්ලිම් අන්තවාදය අනුකම්පා විරහිතව මර්දනය කරනු ලබන්නේද ඒ සාහසිකත්වයට එරෙහිව දරුණු සාහසිකත්වයක් මුදා හරින්නේ ද ඊශ‍්‍රායල හමුදාව පමණකි. මේ අන්තවාදයට එරෙහිව සටන් කිරීමට ලෝකයට ආදර්ශ සපයන්නේ ද ආදර්ශ ලබා ගන්නේද ඊශ‍්‍රායලයෙනි. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි බලයට පත්වූ පසු ඊශ‍්‍රායලය සමග සබඳතා වඩා හොදින් තර කර ගත්තේ පකිස්තානයට මෙන්ම එරට තුළ වැඩෙමින් පවතින මුස්ලිම් අන්තවාදී කණ්ඩායම්වලට පණිවුඩයක් දීමටය. එය කවරක්ද ඊශ‍්‍රායල් සහය ලබාගැනීම හින්දුන් සතුටට පත් කරන්නකි. එය දේශපාලන ප‍්‍රතිලාභයකි. එනිසා බෞද්ධ ඊශ‍්‍රායලය ගොඩනංවනු ලබන්නේද සිංහල බෞද්ධයින්ගේ ආරක්ෂාව වෙනුවෙන්ම පමණි‘
 
 2009 අගෝස්තු 16 වැනිදා ‘දිවයින. පුවත්පතට ‘ආසියාවේ ඊශ‍්‍රායලය ශ‍්‍රී ලංකාවයි. මැයෙන් ලිපියක් ලීවෙමි. එහි සඳහන් කරන ලද්දේ කුමක්ද? ලෝකයටම ආදර්ශ සපයමින් මෙරට ආරක්ෂක අංශ කුමරන් පද්මනාදන් ලංකාවට රැගෙන එම පිළිබඳවය. එම ලිපියේ කොටසක් මෙලෙස උපුටා දක්වමි. ‘ශ‍්‍රී ලංකා ආරක්ෂක අංශ මෙන්ම බුද්ධි සේවාවන් ද ශ‍්‍රී ලංකාවට අත්‍යවශ්‍යම පුද්ගලයා මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන නිරුපද්‍රිතව ශ‍්‍රී ලංකාවට රැගෙන පැමිණ දැන් දින දහයක්ද ගත වී හමාරය. මෙය අති විශිෂ්ට මෙහෙයුමකි. ශ‍්‍රී ලංකාවේ බුද්ධි අංශ විසින් සිදු කළ මෙහෙයුම ලෝකයේ සියලූම ආරක්ෂක හමුදා මෙහෙයුම්වලට ආදර්ශයකි. සැබවින්ම දැන් ශ‍්‍රී ලංකාව ආසියාවේ ඊශ‍්‍රායලය බවට පත්ව තිබේ. ඉන්දීය විශ්ලේෂක බී. රාමන් ප‍්‍රකාශ කර තිබුණේ දෙමළ ජාතියේ ඩාවුඞ් ඊබ‍්‍රාහිම් යනු කුමරන් පද්මනාදන්ය. කේ. පී. මාෆියා නායකයකු නොවුවද ආයුධ ප‍්‍රවාහනය ඉතා හොඳින් සිදු කළ අයෙකි. එල්. ටී. ටී. ඊ. නායකත්වය කුමරන් පද්මනාදන් හඳුන්වා දුන්නේ තම සංවිධානයේ බූරුවා ලෙසයි. මන්ද සියලූ බර කරටගත් කේ. පී. කොටි සංවිධානයට අවශ්‍ය ලෙස ආයුධ සැපයීය..
 
 එදා අපේ බුද්ධි අංශවල ක‍්‍රියාකාරිත්වය වඩා පුළුල් විය, වඩා කාර්යක්ෂම විය. කේපී ලංකාවට ගෙන ඒමේ මෙහෙයුම ඉන්දීය යුද විශ්ලේෂකයින්ද මවිත කරන සුළු විය. නමුත් දැන් සිදුව ඇත්තේ කුමක්ද සහරාන්ගේ කල්ලිය බෝම්බ පුපුරවා මිනිසුන් කෑලි කෑලිවලට කඩන තෙක් බුද්ධි අංශ නිදා සිටියේද? නැත්නම් නිද්‍රාවට පත්කරනු ලැබුවේ කවරකුද? මේ ගැන ජනතාව හොදින් දැනුවත්ය. දැන් මියගිය මිනිසුන් වෙනුවෙන් සාධාරණය ඉටු කළ යුතුය. එසේ අන්තවාදය මර්දනය කර ජීවත්වන මිනිසුන්ගේ මෙන්ම මතු ඉපදෙන පරම්පරාවේද ආරක්ෂාව තහවුරු කළ යුතුය. ඒ සඳහා ආදර්ශ ලබා ගත හැක්කේ ඊශ‍්‍රායලයෙනි. එක අවස්ථාවක හමාස් සංවිධානය ඊශ‍්‍රායලයට පහරදීමට සරුංගල් බෝම්බ යොදා ගත්තේය. එය මුලින්ම හඳුනා ගැනීමටත් අපහසු විය. එහෙත් සරුංගල් බෝම්බවලට පහර දීමට නිපදවූ ඩ්‍රෝන යානා අවසානයේ දැවැන්ත ප‍්‍රහාරක අවියක් ලෙස ත‍්‍රස්ත කඳවුරුද සුන් කර දමයි. 
 
 බුරුමය, රෝහින්ග්‍යා මුස්ලිම් ප‍්‍රශ්නය හමුවේ ලෝකයම තනිකර සිටියදී එම ථෙරවාදී රාජ්‍යය වෙනුවෙන් සහයට පැමිණියේ ඊශ‍්‍රායලයයි. බටහිර රටවල් බුරුමයට අවි විකිණීම තහනම් කර තිබියදී අවි සැපයුවේ ඊශ‍්‍රායලය විසිනි. හමුදා පුහුණුව මෙන්ම බුද්ධි තොරතුරු හුවමාරුවට ද එරට ඉදිරිපත් විය. ඊශ‍්‍රායලය පවසන්නේ තමන්ගේ පළමු ආසියානු මිතුරා වන්නේ බුරුමය බවයි. ඊශ‍්‍රායලයට පැමිණි පළමු විදේශ අගමැතිවරයා වන්නේ බුරුමයේ එවක අගමැති යු නු මහතාය. එය සිදු වූයේ 1955 දීය. ලංකාවට නම් ඊශ‍්‍රායලය සමග සබඳතා පවත්වාගෙන යෑමට බාධා එල්ල කළේ මුස්ලිම් දේශපාලකයින් විසිනි. නමුත් දැන් සබඳතා ශක්තිමත්ය. එය වඩා තහවුරු කර වහාබ්වාදයට එරෙහිව සටන් කිරීම සඳහා යුදෙව් ආරක්ෂක විශ්ලේෂකයින්ගේ සහය ලබා ගැනීම වරදක් නොවේ. බුරුම බෞද්ධයින්ට නොපැකිලව සහය දැක්වීමට ඊශ‍්‍රායලය ඉදිරිපත් වූයේ නම් ලංකාවට එල්ල වන අයිසිස් තර්ජන වැළක්වීමට යුදෙව් රාජ්‍යය නොපැකිලෙනු ඇත.
 
 පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු දින අරාබ් නිවුස් වෙබ් අඩවියට ලිපියක් ලියන මැදපෙරදිග කලාපයේ ප‍්‍රවීණ මාධ්‍යවේදියෙක් වන අබ්දුල් රහමන් අල් රෂීඞ් ප‍්‍රකාශ කරන්නේ කුමක්ද? ත‍්‍රස්තවාදයට එරෙහි සටන තවත් වසර සියයක් පුරා පවතිනු ඇති බවයි. එනිසා සහරාන්ගේ තර්ජනයෙන් අප මිදුනා යයි කියමින් තව මාසයක් ගතවන්නට පෙර හදිසි නීතිය ඉවත් කර ප‍්‍රබල චෝදනා නැති ත‍්‍රස්ත සැකකරුවන් නිදහස් කළහොත් සිදුවන්නේ කුමක් ද? එනිසා කිසි විටක ජාතික ආරක්ෂාව සුළුවෙන් තැකිය යුතු නැත. තව වසර දෙකක් යන තුරු හෝ හදිසි නීතිය පවත්වාගෙන යා යුතුය. පල්ලි තුළට බල්ලන් නොව යුද්ධ ටැංකි යවා හෝ මේ ත‍්‍රස්ත පිරිස හෙළි කර විනාශ කළ යුතුය. එයට ආදර්ශ ගත හැක්කේ ඊශ‍්‍රායලයෙනි. එනිසා ලංකාව බෞද්ධ ඊශ‍්‍රායලය බවට පරිවර්තනය කිරීම වරදක් නොවේ. එය මතු පරපුරේ යහපත වෙනුවෙනි. එදා ත‍්‍රස්තවාදයට වඩා අද ත‍්‍රස්තවාදය වෙනස්ය. එය නිසි ලෙස අවබෝධ කරගත යුතු නොවන්නේද?

Facebook Comments

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *