අනතුරකින් ජීවිතයක් මහ මඟ නවතී

හිඹිලියාකඩ – වෙහෙරගල මාර්ගයේ විල්ගමුව ප්‍රදේශයේ දී සිදුවු අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

අනතුරෙන් තුවාල ලැබු යතුරුපැදිකරු විල්ගමුව රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ වෙහෙරගලගම ප්‍රදේශයේ පදිංචිව සිටි 36 හැවිරිදි අයෙකි.

අනතුර සම්බන්ධයෙන් විල්ගමුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

29 total views, 1 views today

Please follow and like us:
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *