කැබිනට් රැස්වීම හෙට කැඳවයි

මෙවර කැබිනට් රැස්වීම හෙට(07) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.

රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ හෙට පෙරවරු 9.00ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් රැස්වීම පැවැත්වීමට නියමිත බවයි.

කැබිනට් රැස්වීම පවත්වනු ලබන්නේ සෑම සතියේ දිනකම අඟහරුවාදා වුව ද ජනාධිපතිවරයාගේ විශේෂ වැඩසටහන් කිහිපයක් එදින පැවැත්වීමට නියමිත බැවින් මෙවර කැබිනට් රැස්වීම හෙට දිනයේ කැඳවා තිබේ.

මේ අතර රජයේ කැබිනට් අමාත්‍යවරුන්ගේ විශේෂ රැස්වීමක් අද රාත්‍රී අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම රාත්‍රී 7.00ට පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

ඉදිරි කැබිනට් මණ්ඩලය සඳහා ඉදිරිපත් කෙරෙන යෝජනා සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

කැබිනට් මණ්ඩලය රැස්වීමට පෙර ඊට ඉදිරිපත් කළ යුතු යෝජනා පිළිබඳව තීන්දු තීරණ ගැනීම මෙහිදි සිදුවනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *